gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

පුංචි දුවව පුච්චලා මැරියන් කියල ගහල මහ මග දාල ගිය මේ නරුමයා සොයන්න පොලීසිය මහජන සහය පතයි!

වත්තේගම යටිරාවණ මාර්‌ගයේ පාළු ස්ථානයක අතරමං කර දමාගොස් සිටි වයස අවුරුදු හතරක් පමණ වන දැරියක් වත්තේගම පොලිසිය විසින් සොයාගෙන තිබේ. දැරියට පහරදී ඇති බවට තොරතුරු වාර්‌තා වන අතර, පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් අනුව එම ස්ථානයට ගිය පොලිස් කණ්ඩායමක් දැරිය සිය භාරයට ගෙන ඇත.

පෙරවරු 7.00ට පමණ ත්‍රිරෝද රථයකින් පැමිණ දැරිය එම ස්ථානයේ දමාගොස් ඇති බවට පොලිසිය සැක කරයි. දැරිය රැගෙන පැමිණි බවට සැක කෙරෙන ත්‍රිරෝද රථය හඳුනාගැනීම සඳහා අවට CCTV කැමරා දර්‌ශන පරීක්ෂා කරමින් විමර්‌ශන ආරම්භ කර තිබේ. දැරිය තම පවුලේ සාමාජිකයන් හෝ පදිංචිව සිටි ස්ථානය පිළිබඳ තොරතුරු ලබාදීමට නොහැකි තත්ත්වයක පසුවන බවද පොලිසිය සඳහන් කරයි.

දැරිය ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වත්තේගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මහතාගේ උපදෙස් මත විමර්‌ශන ක්‍රියාත්මක වේ. දැරිය, ඇගේ පවුලේ සාමාජිකයන් හෝ සිද්ධිය පිළිබඳ තොරතුරක් දන්නා අයෙකු සිටී නම් වත්තේගම පොලිසියට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka