gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

විශේෂ නිවේදනයයි : දිස්ත්‍රික්ක 10කට නායයෑමේ රතු නිවේදන නිකුත් කෙරේ!

දිවයිනට බලපා ඇති අධික වර්ෂාපතනයත් සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් පහත සඳහන් ප්‍රදේශ සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත:

🔴 Level 3 (Red Warning) - ඉවත් වීමේ රතු නිවේදන
පහත ප්‍රදේශවල ජනතාව නායයෑමේ සහ පස්කඳු කඩා වැටීමේ දැඩි අවදානම හේතුවෙන් වහාම ආරක්ෂිත ස්ථාන වෙත යොමු වන්න

ගාල්ල: නෙළුව කළුතර: වලල්ලාවිට මහනුවර: පස්බාගේ කෝරළේ කෑගල්ල: මාවනැල්ල, දෙහිඕවිට, අරනායක, යටියන්තොට, දෙරණියගල නුවරඑළිය: නොර්වුඩ්, කොත්මලේ නැගෙනහිර, අඹගමුව, කොත්මලේ බස්නාහිර රත්නපුර: රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

🟠 Level 2 (Amber) - විමසිලිමත් වන්න

කොළඹ: පාදුක්ක ගාල්ල: නාගොඩ, තවලම කළුතර: පාලින්දනුවර, අගලවත්ත, බුලත්සිංහල, ඉංගිරිය මහනුවර: ගඟ ඉහළ කෝරළේ, උඩපළාත කෑගල්ල: වරකපොල, බුලත්කොහුපිටිය, ගලිගමුව, කෑගල්ල, රුවන්වැල්ල මාතර: අතුරාළිය, කොටපොළ, අකුරෙස්ස, පිටබැද්දර නුවරඑළිය: තලවාකැලේ රත්නපුර: පැල්මඩුල්ල, කුරුවිට, අයගම, නිවිතිගල, කලවාන, ඇලපාත

🟡 Level 1 (Yellow) - අවධානයෙන් සිටින්න

කොළඹ: සීතාවක ගාල්ල: නියාගම, බද්දේගම ගම්පහ: මීරිගම, අත්තනගල්ල මහනුවර: යටිනුවර, පාතදුම්බර, දොළුව, උඩුනුවර කෑගල්ල: රඹුක්කන කුරුණෑගල: අලව්ව, මාවතගම, පොල්ගහවෙල, මල්ලවපිටිය මාතර: පස්ගොඩ රත්නපුර: ඇහැළියගොඩ, කහවත්ත, කොලොන්න, ඉඹුල්පේ

පොළොව ගිලා බැසීම්, පස්කඳු කඩා වැටීම්, ගස් ඇලවීම් හෝ උල්පත් ජලය බොරවීම් වැනි පූර්ව නායයීම් ලක්ෂණ දක්නට ලැබේ නම් වහාම ආරක්ෂිත ස්ථාන වෙත යොමු වන්න.

නාමල් වෙනුවෙන් නෙළුම් මල් 1000ක පූජාවක් - පොහොට්ටු ප්‍රබලයෝ රැසක් පූජාවට එයි!

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට සෙත් ප්‍රාර්ථනා කරමින් නෙලුම් මල් 1000ක් පූජා කරමින් විශේෂ ආශිර්වාද බෝධි පූජාවක් ඊයේ (17) පැවැත්වුණා.

ග්‍රෑම් 100ට අඩු මත්ද්‍රව්‍ය වැරදි සඳහා මහාධිකරණයෙන් ඇප ලබාදීමට නීති සංශෝධන කරයි

ග්‍රෑම් 100කට අඩු මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට පත්වන සැකකරුවන්ට මහාධිකරණය හමුවේ ඇප ඉල්ලා සිටීමට අවස්ථාව සලසමින් නීති සංශෝධනයක් සිදුකිරීමට රජය පියවර ගනිමින් සිටින බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසා තිබේ.

6 පන්තියේ අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ එන වසරේ අරඹනවා!

පාසල් පද්ධතිය නවීකරණය, ඩිජිටල්කරණය මෙන්ම වෘත්තීය අධ්‍යාපනය නංවාලීම වෙනුවෙන් වසර පහක පුළුල් සැලැස්මක් ක්‍රියාවට නංවන බවත්, රජයේ ආදායම ඉහළ යාම හේතුවෙන් විදේශ ණය ලබා ගැනීමකින් තොරව පූර්ණ දේශීය ප්‍රතිපාදන මත විශ්වවිද්‍යාල නේවාසිකාගාර සංවර්ධනය සිදුකරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.

litro gas prices cut from midnight

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දැමීමට එම සමාගම පියවර ගෙන ඇත.

ලෝක වෙළඳපොළේ මිල ගණන්වලට සාපේක්ෂව සිදුකළ මෙම මිල සංශෝධනයට අනුව, කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100 කින් අඩු කර තිබේ. ඒ අනුව රුපියල් 4,465 ක්ව පැවති එහි නව මිල රුපියල් 4,365 කි.

සුළු මොහොහොතකට පෙර 2026 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ!

2026 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කර තිබේ.

ඒ අනුව, විභාග ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිසීමෙන් ලබාගත හැකිය.

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 9 වනදා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,723කදී පැවැත්විණි.

විභාගය සඳහා සිසුන් 294,089 දෙනෙකු පෙනී සිට ඇති අතර, ඉන් සිංහල මාධ්‍යයෙන් සිසුන් 220,366 දෙනෙකු සහ දෙමළ මාධ්‍යයෙන් සිසුන් 73,723 දෙනෙකු විභාගයට පෙනී සිට තිබේ.

වරාය නගරයේ චීන ජාතිකයාගේ ඝාතනය සීගිරියේ සැඟවී සිටි චීන ජාතිකයින් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට!

කොළඹ වරාය නගර පරිශ්‍රයේදී චීන ජාතිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි තවත් චීන ජාතිකයින් දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සීගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka