gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කුරුලු ආහාර ගබඩාවෙන් මතු වූ තහනම් යතුරු පැදි

හම්බන්තොට නාගර වැව, කුරුළු උයන පරිශ්‍රයේ කුරුලු ආහාර ගබඩාවේ සඟවා තිබූ මෙරටට ආනයනය කිරීමට තහනම් රුපියල් කෝටි එක හමාරකට වඩා වටිනාකමකින් යුත් යතුරු පැදි 21 සමග එම ගොවිපොළේ කළමනාකරු සහ ගබඩා පාලක අත්අඩංගුවට ගත් බව පොලිස් මුලස්ථානය පවසයි.

ගයින්ඩරයක් තලයක් කැඩී පපුවේ වැදී සිසුවෙකු මරුට

ගයින්ඩරයක් මගින් පී.වී.සී. බටයක් කපමින් සිටියදී එහි තලයක් කැඩී ගොස් සිසුවෙකුගේ පපුවේ වැදීමෙන් බරපතල තුවාල ලැබූ සිසුවා රෝහල් ගත කිරීමෙන් පසු අද (11) මියගොස් ඇති බව කටාන පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ කටාන ප්‍රදේශයේ පදිංචි ඩී.එස්. සංජීව අලහකෝන් නැමැති සිසුවෙකි.

සා.පෙළ ප්‍රතිඵල ලබන 20 ට පෙර – විභාග දෙපාර්තමේන්තුව

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මස 20 වැනිදාට පෙර නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

යට ඇඳුමේ පිඹුරන් හංගාගෙන පනින්න ගිය ලංකාවේ ෂීහාන් බැංකොක්වලදී මාට්ටු

බැංකොක් සුවර්ණභූමි ගුවන් තොටුපළේදී වනජීවීන් රටින් පිටතට ගෙනයෑමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු තම යට ඇඳුම්වල බෝල පිඹුරන් තිදෙනකු සඟවාගෙන සිටියදී සොයාගෙන ඇත.

අපේ වේගෙන් වැඩ කරන්න නිලධාරීන්ට බෑ… ඉලක්කවලට යන්න ප්‍රමාද ඒකයි…! – ඇමති සමන්ත විද්‍යාරත්න…

රජයේ ඉලක්ක කඩිනමින් සාක්ෂාත් කර ගැනීමට නිලධාරීවාදය බාධාවක් වී ඇති බවත් වැඩක් කර ගැනීමට නිලධාරීන් තල්ලු කිරීමට සිදුව ඇති බවත් වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට ගෙන ඇති තීරණය තවත් මාස 6කින් දීර්ඝ කරයි!

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට ගෙන ඇති තීරණය තවත් මාස 6කින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.
මහ බැංකුව ප්‍රකාශ කළේ   ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු

ෂාරුක් ඛාන්ව බලන්න ටිකට් විකුණන්නේ නැහැ

සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සහභාගී වීමට නියමිත City of Dreams Sri Lanka ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය සඳහා ටිකට් අලෙවි කිරීමක් සිදු නොකරන බව එම උත්සවයේ සංවිධායකයින් විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka