ගාලු මුවදොර පිටියේදී වයස අවුරුදු 13ක දැරියක් පැහැරගෙන ගොස් බරපතළ ලිංගික අපයෝජනයට ලක්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොටුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
පසුගිය ජනවාරි 23 වැනිදා මෙම අපරාධය සිදුව ඇති අතර, සිද්ධියට සම්බන්ධ සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බැවින් ඔහුව සොයා ගැනීම සඳහා පොලීසිය මේ වන විට මහජන සහය ඉල්ලා සිටියි.
අපරාධය සිදුකළ සැකකරු හඳුනා ගැනීම සඳහා ඔහුගේ මුහුණේ ලක්ෂණ අනුව සකස් කරන ලද සිත්තම් ඡායාරූපයක් (Sketch picture) ද පොලීසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර ඇත.
මෙම සැකකරු පිළිබඳව හෝ ඔහුගේ සැකකටයුතු හැසිරීමක් පිළිබඳව යම් තොරතුරක් වෙතොත්, කොටුව පොලිස් ස්ථානාධිපති (071-8591560) හෝ කොටුව පොලිස් ස්ථානය (011-2432635) වෙත දැනුම් දෙන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.



