Tennessee Department of Correction කොමසාරිස් Frank Strada සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව එරට බලධාරීන් පවසයි. ඔහු මේ මාසය තුළ ධුරයෙන් ඉවත්වීමට නියමිත අතර, මෙම තීරණය ගෙන ඇත්තේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ගත් අසාර්ථක උත්සාහයකින් දින කිහිපයකට පසුවය.
මිනීමැරුම් වරදකට වරදකරු වී සිටි Christa Pikeට මරණ දඬුවම ලබාදීම සඳහා බදාදා සිදුකළ lethal injection ක්‍රියාවලිය අසාර්ථක වී ඇති අතර, ඇය සිහිසුන්ව, යාන්ත්‍රික ශ්වසන උපකරණයක ආධාරයෙන් ප්‍රතිකාර ලබන බව ඇගේ නීතිඥයන් අධිකරණයට දැනුම් දී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන සමාලෝචනයක් සිදුකරන ලෙස Tennessee ආණ්ඩුකාර Bill Lee නියෝග කර ඇති අතර, 2026 වසරේ ඉතිරි කාලය සඳහා මරණ දඬුවම් ක්‍රියාත්මක කිරීම් නතර කර තිබේ. Strada පවසා ඇත්තේ ස්වාධීන සමාලෝචනය ඉදිරියට යන අතරතුර තමන් ධුරයෙන් ඉවත්වීම සුදුසු බවයි.



