gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

මාර්ග නීති උල්ලංඝනයකරන රියදුරන් අල්ලන පදුරු අස්සෙ හැංගිලා ඉන් එපා - පොලිස්පති පොලිස් පොඩ්ඩන්ට දැනුම් දෙයි

මාර්ග නීති උල්ලංඝනය කළ වාහන නවැත්වීමේදී පොලිස් නිලධාරීන් පදුරු අසල හෝ හුදෙකලා ස්ථානවල සැඟවී නොසිටිය යුතු බවට පොලිස් රථවාහන හා මාර්ග ආරක්ෂණ අංශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා උපදෙස් දී තිබේ.

නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසන්නේ වාහනයක් නැවැත්වීමට අවශ්‍ය වූ විට එය අනෙක් සියලු දෙනාට පෙනෙන විවෘත ස්ථානයක සිදුකළ යුතු බවයි. මාර්ග අසල රාජකාරි කරන ආකාරය පිළිබඳව පොලිසිය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ සහ මාර්ගෝපදේශවල ඒ බව පැහැදිලිව සඳහන් වන බව ද ඔහු සිහිපත් කළේය.

එමෙන්ම රියදුරන් විසින් පොලිස් නිලධාරීන්ට සෘජුවම මුදල් ගෙවීමේ අවශ්‍යතාවක් නොමැති බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කළේය. තාවකාලික රියදුරු බලපත්‍රයක් නිකුත් කරන විට අදාළ දඩ මුදල තැපැල් කාර්යාලය ඇතුළු නීත්‍යානුකූල මාර්ග ඔස්සේ ගෙවා එය ලබාගත යුතු බව ඔහු පෙන්වා දුන්නේය.

මාර්ග අයිනේදී අනුමත ක්‍රියා පටිපාටියෙන් පිටත මුදල් ගෙවීම් සිදු කිරීම අල්ලස් දීමක් ලෙස සැලකිය හැකි බවත් එවැනි ක්‍රියාවලට සම්බන්ධ වන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් ඔහු වැඩිදුරටත් කීය. කිසිදු අවස්ථාවක අල්ලස් ඉල්ලා සිටීමට හෝ ලබා ගැනීමට පොලිස් නිලධාරියෙකුට අයිතියක් නොමැති බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කර ඇත.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka