gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

මීගමුව බන්ධනාගාරයේ ලේවැකි ගැටුමට මුල් වූ ‘කටුවැල්ලේගම සුරේෂ්’ අධි ආරක්ෂිත බූස්සට මාරුකෙරේ!

මීගමුව බන්ධනාගාරය තුළ සිරකරුවන් සහ නිලධාරීන් අතර ඇති වූ බිහිසුණු ගැටුමට ප්‍රධානතම හේතුව වූ බව කියන ‘කටුවැල්ලේගම සුරේෂ්’ නැමැති දරුණු ගණයේ අපරාධකරු වහාම ක්‍රියාත්මක වන පරිදි ගාල්ල, බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය වෙත මාරුකර යැවීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

සංවිධානාත්මක පාතාල කල්ලි සාමාජිකයකු වන ‘කෙහෙල්බද්දර පද්මේ’ගේ සමීපතමයකු ලෙස සැලකෙන කටුවැල්ලේගම සුරේෂ් නැමැති මෙම පුද්ගලයා, තියුණු ආයුධවලින් පහරදීම්, සන්නද්ධ මංකොල්ලකෑම් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින්නෙකි.

මීට අමතරව 2016 වසරේදී නාරම්මල ප්‍රදේශයේ විහාරස්ථානයක චෛත්‍යයකට හානි කර, එහි වැඩසිටි භික්ෂූන් වහන්සේ නමකට සහ සහායකයකුට පහරදී බැඳ තැබීමේ සාහසික චෝදනාවක් ද මොහුට එරෙහිව පවතී.

ඔහුට එරෙහිව මීගමුව මහාධිකරණයේ සහ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු විභාග වෙමින් පවතින පසුබිමක ඔහු මීගමුව බන්ධනාගාරයේ රඳවා තබා තිබිණි.

කෙටිකාලීන සිරකරුවන් සහ සැකකරුවන් 2,400කට අධික පිරිසක් රඳවා සිටින මීගමුව බන්ධනාගාරය තුළ විවිධ පාතාල කල්ලිවලට සම්බන්ධ සාමාජිකයන් 26 දෙනෙකු පමණ සිට ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඉකුත් 05 සහ 06 යන දෙදින තුළ බන්ධනාගාරය දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් මතුවිය.

එහිදී ඇති වූ දරුණු ගැටුම් හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙකු ඇතුළුව පුද්ගලයන් 26 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙම ගැටුම්වලින් තවත් 100කට අධික පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, ඉන් දැඩි බරපතළ තත්ත්වයේ පසු වූ 20 දෙනෙකු හදිසි ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා තිබේ.

කෙසේවෙතත්, අද (07) උදෑසන වන විට ශ්‍රී ලංකා යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශ බන්ධනාගාර පරිශ්‍රය තුළට ඇතුළු වී, එහි අභ්‍යන්තර සහ බාහිර ආරක්ෂාව දැඩි කරමින් තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට සමත්ව ඇත.

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka