gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ඇඟිල්ල පාට නොකරන්න ගත්තු තීරණයෙන් රු.මි. 100ක ඉතිරියක්!

මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කළ බව තහවුරු කිරීමට ඇඟිල්ලේ තීන්ත ආලේප කිරීමේ ක්‍රමවේදය අහෝසි කිරීම හරහා මැතිවරණයකදී රුපියල් මිලියන 100ක පමණ මහජන මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වන බව 'පැෆ්රල්' (PAFFREL) සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

'පැෆ්රල්' සංවිධානයේ ප්‍රධාන කාර්යාලයේදී පෙරේදා (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. මෙම තීරණය සෑම අතින්ම ඉතා වැදගත් සහ කාලීන තීරණයක් බව ඒ මහතා අවධාරණය කළේය.

මෙම යෝජනාව වසර ගණනාවක් තිස්සේ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන අතර සාකච්ඡාවට ලක්වූවක් බව පෙන්වා දුන් හෙට්ටිආරච්චි මහතා, එම ක්‍රමවේදය ඉවත් කිරීමෙන් තීන්ත ආනයනය, බෙදා හැරීම සහ ඒ ආශ්‍රිත පරිපාලන වියදම් විශාල ප්‍රමාණයකින් අඩු කර ගත හැකි බව සඳහන් කළේය.

එමෙන්ම ඡන්දය ප්‍රකාශ කිරීමේදී ජාතික හැඳුනුම්පත අනිවාර්ය කර තිබීම හේතුවෙන් ඡන්දදායකයාගේ අනන්‍යතාව වඩාත් හොඳින් තහවුරු වන බවත්, එම නිසා වෙනත් පුද්ගලයෙකු වෙනුවෙන් ඡන්දය භාවිතා කිරීමේ අවස්ථා සැලකිය යුතු ලෙස අවම වී ඇති බවත් ඔහු පැවසීය. ඡන්ද ලේඛන සකස් කිරීමේදී වර්තමානයේ භාවිත කෙරෙන නවීන තාක්ෂණය නිසා ද හොර ඡන්ද භාවිතයට ඉඩක් නොමැති බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka