ප්‍රධාන ජලාශ 21ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 19කට අධික ප්‍රමාණයක් මේ වනවිට වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අද (15) දින පෙරවරු 6.00 වනවිට මෙම තත්ත්වය වාර්තා වූ බව වාරිමාර්ග අධ්‍යක්ෂක ජල කළමණාකරණ ඉංජිනේරු එච්.එම්.පී.එස්.ඩී හේරත් සඳහන් කරයි.
වාන් දමන ප්‍රධාන ජලාශ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගන, නාච්චිදූව සහ යාන්ඔය ජලාශය, බදුල්ල දිස්ත්‍රික්කයේ අඹෙවෙල ජලාශය, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර, තිස්ස වැව, වීරවිල යෝධ වැව සහ වෙහෙරගල ජලාශ ඇතුළත් වේ.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ අඹකොළ වැව, උස්ගල සියඹලන්ගමුව, මැදිායය, මාගල්ල සහ දැදුරුඔය ජලාශද, මහනුවර දිස්ත්‍රික්කයේ නාලන්ද සහ වෑමැඩිල්ල ජලාශද, මොනරාගල දිස්ත්‍රික්කයේ හදපානගල සහ අලිකොටආර ජලාශ, පුත්තලම දිස්ත්‍රික්කයේ ඉගිණිමිටිය සහ තබ්බෝව ජලාශ සහ මන්නාරම දිස්ත්‍රික්කයේ යෝධ වැවද වාන් දමමින් පවතී.
අද උදෑසන 6.00 වනවිට රාජාංගන ජලාශයේ වාන් දොරටු 2ක් අඩි 3 බැගින් විවෘත කර තත්පරයට ඝන අඩි 1,600කට අධික ජල ප්‍රමාණයක් කලා ඔයට නිකුත් කෙරෙමින් පවතියි.
ලුණුගම්වෙහෙර ජලාශයේ වාන් දොරටු 6ක් අඟල් 4බැගින් විවෘත කර තත්පරයට ඝන අඩි 1,740කට අධික ජල ප්‍රමාණයක් කිරිඳි ඔයට නිකුත් කෙරෙන අතර වෙහෙරගල ජලාශයේ වාන් දොරටු 6ක් අඟල් 3බැගින් විවෘත කර තත්පරයට ඝන අඩි 700කට අධික ජල ප්‍රමාණයක් මැණික් ගඟ වෙත මුදාහැරෙමින් පවතියි.
අලිකොටආර ජලාශයේ වාන් දොරටු 3ක් අඩි 3බැගින් විවෘත කර තත්පරයට ඝන අඩි 680කට අධික ජල ප්‍රමාණයක් කිරිඳ ඔය වෙත මුදාහැරෙමින් පවතින අතර යාන් ඔය ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත් කර ඇති අතර එක් වාන් දොරටුවක් අඟල් 6 බැගින් විවෘත කර ඇති අතර අනෙක් වාන්දොරටු දෙක අඟල් 4 බැගින් විවෘත කර ඇත.
අද පෙරවරු 6.15ට වන විට තබ්බෝව ජලාශයේ වාන් දොරටු 12ක් විවෘත කර ඇති අතර ඉන් දොරටු 8ක් අඩි 3 බැගින්ද, දොරටු 2ක් අඩි 2 බැගින්ද, තවත් දොරටු 2ක් අඩිය බැගින්ද විවෘත කර ඇති අතර දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 2 ක් අඩිය බැගින් විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ඝන අඩි 1400 බැගින් දැදුරුඔයට නිකුත් කෙරේ.
මෙම තත්ත්වය හේතුවෙන් පහත්බිම් ප්‍රදේශවල ජනතාව සහ ගංඟා ආශ්‍රිතව ජීවත්වන ජනතාව විමසිල්ලෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.



