විදේශීය මුදල් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ලොව සුප්‍රකට Paypal ජාලය භාවිතා කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමිවෙයි.
මීට අදාළ සේවාවන් ක්‍රියාත්මක කිරීම සඳහා දැනටමත් එම සමාගම සමඟ අන්‍යෝන්‍ය එකඟතාවන්ට එළඹ ඇති දේශීය මූල්‍ය ආයතන වෙත මෙම පහසුකම වහාම ක්‍රියාත්මක වන පරිදි හිමිවනු ඇත.
ශ්‍රී ලංකාව තුළ මෙම මෙහෙයුම් කටයුතු සිදු කරන සිංගප්පූරුවේ ලියාපදිංචි PayPal Pte ආයතනයට අනුව, දැනටමත් මෙරට ප්‍රධාන බැංකු තුනක් ඔවුන්ගේ නිල හවුල්කරුවන් ලෙස කටයුතු කරයි.
ඒ අනුව ලංකා බැංකුව, කොමර්ෂල් බැංකුව සහ සම්පත් බැංකුව හරහා මෙම ගෙවීම් පද්ධතිය සමඟ ගනුදෙනු කිරීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට හිමි වේ.
අදාළ පාර්ශවයන් අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් ප්‍රකාරව, නිල නිවේදනයත් සමඟ මෙම බැංකු පද්ධති හරහා මුදල් ලබාගැනීමේ පහසුව සලසා දෙනු ඇත.



