gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ප්‍රභාකරන්ගේ අවසන් පැය 72ක ගැන ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සියළු රහස් හෙළි කරයි

විජයග්‍රහණය දවස අදයි. යුද්ධය හමාර කොට වසර 17ක් ගෙවුණු තැන, 30 වසරකට ඇදී ගිය යුද්ධය වසර තුනක වැනි කෙටි කාලයක් තුළ මේ යුද්ධය සඳහා නායකත්වය ලබා දෙමින් මේ මව්බිමට පණ දුන්නේ ඔහුයි. විශේෂයෙන්ම කිව යුතුයි, මමත් ඔබත් රටත් අද ඉතිරිව පවතින්නේ මේ සෙන්පතියා නිසා. නැතිනම් ඊළම් සිහිනයෙන් මේ මුළු රටම වැහිලා ගිහිල්ලා.

​යුද්ධය සඳහා පණදුන් ඒ වගේම මේ යුද්ධය හමාර කිරීමේ වගකීම තමන් අතට ගත් එවකට යුධ හමුදාපතිවරයා, ඒ වගේම ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මැතිතුමා... අද අපි කතා කරන්නේ වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ අවසන් පැය 72 පිළිබඳව.

ආයුබෝවන් ඔබතුමන්ට.
​සරත් ෆොන්සේකා:
ආයුබෝවන්.

​නිවේදක: මැයි මාසේ 15 වෙනිදා මොන වගේ තත්ත්වයක්ද තිබුණේ?
සරත් ෆොන්සේකා: 2009 මැයි මාසේ 15 වෙනිදා වෙනකොට ත්‍රස්තවාදීන් මීටර් 800 x 800 වගේ ප්‍රදේශයකට කොටු කරලා තිබ්බේ. වෙල්ලමුල්ලිවයික්කාල් වලට දකුණෙන්, නන්දිකඩාල් කලපු අයිනේ, මුලතිව් වලට කිලෝමීටරයක් පමණ උඩින්.

​මම 15 වෙනිදා වෙනකොට මම හිටියේ චීනේ. මැයි 11 මම චීනයේ ගියා අත්‍යවශ්‍ය වැඩකට. 17 වෙනිදා රෑ තමයි එන්න සැලසුම් කරලා තිබුණේ.

​චීනෙන් අපි ගොඩගහපු ඉතා වටිනා යුධ උපකරණ වගයක් තිබ්බා ඩොලර් මිලියන 200ක. ඒවා නිකන් ගිහිල්ලා කවුරුහරි ගිහිල්ලා අනුමත කරාට හරියන්නේ නෑ. වගකීමක් ඇතුව කෙරිය යුතු වැඩක්. ඉතා වටිනා රේඩාර් උපකරණ, විශාල කාලතුවක්කු, යුධ ටැංකි ඒ වගේ දේවල්. ඉතින් මම ඒවා බලන්න යන්න සැලසුම් කරලා තිබුණා ඔය 2008 අග හරිය විතර ඉඳගෙන.

​නමුත් යුධ තත්ත්වය හින්දා වරින් වර ඒක කල් දාන්න වුණා. අන්තිමට ඒගොල්ලෝ කිව්වා... සති දෙකක් දීලා කිව්වා, "මේ සති දෙක ඇතුළත මේකට ආවේ නැත්නම් ඒ බඩු ටික ඔක්කොම අපි වෙන රටකට විකුණනවා, අපිට තියාගෙන ඉන්න බෑ" කියලා.

​අනිත් පැත්තෙන් මම දැනගෙන හිටියා, යුද්ධය ඉවර වුණා නම් ඔය බඩු ගන්න මට හම්බ වෙන්නේ නැහැ, අවස්ථාවක් දෙන්නෙ නැහැ. ඒ ඩොලර් මිලියන 200 ආපහු මහින්ද රාජපක්ෂලා ඒගොල්ලොන්ගේ එකවුන්ට් එකට දාගන්නවා. ඒගොල්ලොන්ට හමුදාව ගැන... හමුදාව ප්‍රතිසංවිධානය කිරීම... මගේ යුධ ටැංකි 80න් 50ක් විනාශ වෙලා තිබ්බේ. එතකොට 30යි ඉතුරු වෙලා තිබ්බේ. ඒ වගේ තත්ත්වෙක හමුදාව තිබුණේ ඒ වෙනකොට.
​ඉතින් ඒ ඔක්කොම කල්පනා කරලා මම අන්තිමේ ඒ වෙලේ යන්න තීරණය කරා.

​නිවේදක: 11 වෙනිදා මොකද වුණේ?

​සරත් ෆොන්සේකා: 11 වෙනිදා වෙනකොට... අප්‍රේල් 19 ඉඳලා ත්‍රස්තවාදීන් කලපුවටයි මුහුදටයි අතරේ, මෙතන තියෙනවා කිලෝමීටර් එකහමාරක් විතර පළල බිම් තීරයක්... පුදුමාතලන් ඉඳලා පල්ලෙහාට කොටු කරලා තිබ්බේ ඒ වෙනකොට. ඉතින් ඒ යුද්ධය කරේ සාජන්ලා, කෝප්‍රල්ලා තමයි. ජෙනරාල්ලාට කරන්න දෙයක් තිබ්බේ නැහැ. හැමදාම රෑට යුද්ධය පටන් ගන්නවා, උදේ වෙනකොට මීටර් 500ක් විතර අපේ කට්ටිය ඉස්සරහට යනවා. අරහෙන් ගහන්න, මෙහෙන් ගහන්න දෙයක් ඉතුරු වෙලා තිබ්බේ නෑ ඒ වෙනකොට.
​මගේ මෙහෙයුම් කණ්ඩායමයි, අවශ්‍ය සන්නිවේදන උපකරණ, අවශ්‍ය සිතියම් ඒ ඔක්කොම අරගෙන තමයි චීනෙට ගියේ. කොළඹ හිටියත්, මම චීනෙ ඉඳගෙනත් දවසට දෙපාරක් ඔය ජෙනරාල්ලාට කතා කර කර අවශ්‍ය උපදෙස් දුන්නා. හැමදාම මම චීනයේ හිටියා, කොළඹ හිටියා කියලා ඒකෙ වෙනසක් නැහැ.

​නිවේදක: නන්දිකඩාල් කලපුව තරණය කරන්නට විශේෂ බලකායේ කිමිදුම් ඛණ්ඩය, 12කින් සමන්විත ඛණ්ඩයක්, ඒ වගේම ඒ සඳහා ඇතුළත් වෙලා තිබුණා කමාන්ඩෝ රෙජිමේන්තුවෙත් ඇතැම් රණවිරුවන්. ඒ රණවිරුවන්ට ඔබතුමන් විශේෂයෙන්ම... විශේෂ බලකායේ බලලත් නිලධාරී අනිල් සමරතුංග, කමාන්ඩෝ රෙජිමේන්තුවේ මේ අයට පෞද්ගලිකවම ඔබතුමා කතා කරලා තිබුණා. ඒක තමා විශේෂත්වය. කොහොමද කඹයක් අරගෙන ගිහිල්ලා එහා මෙහා යා කරන්නේ?

​සරත් ෆොන්සේකා: ඇත්තම කියනවා නම් අපි පුදුකුඩිඉරිප්පු අල්ලලා ඉවර කරා මාර්තු අග වෙනකොට. ඊට පස්සේ අපි ප්ලෑන් කරේ... එදා මාර්තු අග ඉඳලා සැලසුම් කරේ ඔය කලපුව තරණය කරලා යන්න... එතනින් එහා පැත්තට යන්නේ කොහොමද කියන එක.

​පුදුමාතලන්, වෙල්ලමුල්ලිවයික්කාල් ඒවා තියෙන්නේ කලපුවෙන් අනිත් පැත්තේ. කලපුවටයි මුහුදටයි අතරේ තියෙන බිම් තීරුවේ... කිලෝමීටර් එකහමාරක් විතර පළල... කලපුව ඔය හරිය මීටර් 400ක් 500ක් විතර වගේ පළලක් ඇති. එතකොට මාර්තු අග ඉඳලම ඕක තමයි සැලසුම් කරේ.

​පහරදීමේ මෙහෙයුම සැලසුම් කරන ගමන් ෂවේන්ද්‍රට භාර දීලා තිබ්බේ. ඒ වෙලාවේ ඒ පැත්තේ ඉස්සරහට ආපු කමාන්ඩෝස්ලා, විශේෂ බලකායම ෂවේන්ද්‍ර සිල්වා යටතේ වෙලා තිබ්බේ. ඒක හින්දා එයාට තමයි මම ඒක රාජකාරිය භාර දුන්නේ.

​අන්තිමේ ඒගොල්ලෝ මාර්තු අග ඉඳලාම වගේ විමර්ශනය කරන්න පටන් ගත්තා. කිමිදුම් කණ්ඩායම් සහ ඒගොල්ලොන්ගේ පොඩි පොඩි කණ්ඩායම් කලපුව හරහා රාත්‍රී කාලයේ ගිහිල්ලා ඒවා නිරීක්ෂණය කරලා... ඒවා වාර්තා ඔක්කොම මට හම්බවෙනවා. ෂවේන්ද්‍ර සිල්වා ඒවා මාත් එක්ක සාකච්ඡා කරනවා.

​එහෙම කරලා අවසානයේදී අපි තීරණය කරා අප්‍රේල් 19 වෙනිදා... ඉස්සෙල්ලා අපි ඇත්තටම ඕක තීරණය කරේ අප්‍රේල් 14 හරිය විතර කරන්න. සති දෙකකට පස්සේ. නමුත් ඒ වෙනකොට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලොකු දුකක් ආවා අප්‍රේල් 14 සිවිල් ජනතාව... මම සම්පූර්ණයෙන් විරුද්ධ වුණා මොකද අපි ගිහිල්ලා මේ සමරණ උත්සව තියෙන කාලයක් නෙමෙයි ඒක.

​දැන් එයා කිව්වා "මට දවස් දෙකක් යුද්ධය නවත්තන්න ඕන" කියලා. එතකොට ඒ ගිහිල්ලා... හෙලිකොප්ටර් බාන පැති වලට ඔක්කොම කමාන්ඩෝලා, විශේෂ බලකාය, කැලේ ඇවිල්ලා ඉන්න කට්ටිය, ඉස්සරහා ඉන්න කට්ටිය ආපහු ගෙනැවිල්ලා ඒ පැතිවල් දාන්න සිද්ධ වුණා. එතකොට ඒක හින්දා තමයි ඕක 19 වෙනිදාට කල් දැම්මේ. නැත්නම් අපි අප්‍රේල් 14 විතර කරනවා.

​එතකොට 19 දා රාත්‍රියේ තමයි ඔය කලපුව තරණය කිරීම, කඹ ඇදගෙන ඒවා සිද්ධ වුණේ. මම හිතන්නේ අපි විශේෂ බලකායේ භාරව හිටපු මේජර්, කණ්ඩායම් 100 කණ්ඩායම් දෙකක් දැම්මේ. කමාන්ඩෝස්ලා 100යි, විශේෂ බලකායේ 100යි. ඒ 100 ඇතුළත් තමයි කිමිදුම්කරුවෝ, අරගොල්ලෝ මේගොල්ලෝ ඔක්කොම ඉන්නේ. ඔබතුමා කියපු සාජන්ලා ඒ ඔක්කොම 100ට දාලයි...

​නිවේදක: ඒ 100කට අනුයුක්ත විශේෂ බලකා නිලධාරියා එතනදි මිය ගියා. ස්නයිපර් ප්‍රහාරයකට ලක්වෙනවා.

​සරත් ෆොන්සේකා: ඔව්. මේජර් අජිත් ගමගේ.

​නිවේදක: ඔව්. ඔබතුමන්ගේ උපදෙස් මත තමයි මේජර් ගමගේ ඇතුළු පිරිස මේ පස් බැම්ම අත්පත් කරගන්න ගිහිල්ලා තිබුණේ.

​සරත් ෆොන්සේකා: ඔව්. ඉතින් මේ මෙහෙයුම අනුමත කරේ මමයි. ඒක සැලසුම් මට ඉදිරිපත් කරාට පස්සේ, ඒක අපි කතා කරා. එක එක මට්ටමේ නිලධාරීන්ට කතා කරා. මම ඔය ඉස්සරහා ඉන්න හුඟක් අයට කතා කරන්නේ ටෙලිෆෝන් එකෙන්. සැටලයිට් ටෙලිෆෝන් වලින් කතා කරන්නේ නැහැ අපි. මොකද ඒවා එල්ටීටීඊ එකට මොනිටර් කරන්න පුළුවන්. මේ CDMA ටෙලිෆෝන් ඒ කාලේ කාටවත් මොනිටර් කරන්න බැහැ. මගේ ඔෆිස් එකේ ඉඳලා මට ඉස්සරහා ඉන්න ඕන කෙනෙකුට, CDMA ටෙලිෆෝන් එකක් එතනට ගෙනිච්චා නම් කතා කරන්න පුළුවන්.

​ඉතින් ඒකෙන් තමයි මම හුඟක් අයට... ඉස්සරහා ඉන්න කට්ටියට එහෙම කතා කරේ. එතකොට ඔය පස් බැම්ම කියන්නේ, ඒ කලපුවටයි මුහුදටයි අතර තිබුණ බිම්තීරයේ වටේ ඒගොල්ලෝ පස් බැම්මක් දාලා... ඒ පස් බැම්මයි බංකර හදාගෙන තමයි මුර කරේ ඒගොල්ලෝ.

​දැන් ඒ පස් බැම්මෙන් වට කරගෙන හිටපු ප්‍රදේශය ඇතුළත සිවිල් ජනතාව හිටියා, ලක්ෂ දෙකයි 35,000ක්. ඉතින් ඒක හින්දා ඒ සටන අපට හුඟක් අපට හානි සිද්ධ වුණ සටනක්. මොකද අපට ගුවන් ප්‍රහාර පාවිච්චි කරන්න බැහැ, කාලතුවක්කු පාවිච්චි කරන්න බැහැ, මෝටාර් පාවිච්චි කරන්න බැහැ... ඒ පස් බැම්ම පිටිපස්සේ සිවිලියන්ස්ලත් ඉන්නවා. නිකන් බොහොම අර කුඩා අවි වලින් තමයි සටන කරන්න වුණේ. ඒකෙන් තමයි ඒවා විශේෂ බලකායටයි කමාන්ඩෝ එකටයි හුඟක් හානි සිද්ධ වුණේ එතන.

​නිවේදක: අපිට ගුවනින් ප්‍රහාර එල්ල කරන්න බැරි වුණා. කාලතුවක්කු ප්‍රහාර එල්ල කරන්න බැරි වුණා. ඔබතුමන් කියන දේ හරියටම හරි. ඒ වගේම හැබැයි මේ යුද්ධය ඔබතුමා නිරීක්ෂණය කොට තිබුණා UAV තාක්ෂණය භාවිත කරලා. ඔබතුමාගේම දෑස් මානයේ...
සරත් ෆොන්සේකා: ඔව්. මේ දර්ශන මම දකිනවා. ඉන් අනතුරුව තමයි උපදෙස් ලබා දෙන්නේ.
​දිගටම ඒක සැලසුම් කරන වෙලාවේ ඉඳලම, අපි පුදුකුඩිඉරිප්පුව වට කරගෙන හිටියා... මම හිතන්නේ ජනවාරි වල වගේ ඉඳගෙන පුදුකුඩිඉරිප්පුව වට කරගෙන හිටියා.

​මේ පුදුකුඩිඉරිප්පුව වට කරලා ඉවරවෙලා අන්තිමට කොටු කරනකොට, 2009 ජනවාරි 31 - පෙබරවාරි 1 මහින්ද රාජපක්ෂ නියෝගයක් දුන්නා සටන් විරාමයක් දෙන්න කියලා. එතන ඉඳලා තමයි මමයි මහින්ද රාජපක්ෂයි අතර විරසකය පටන් ගත්තේ. මම තනිකරම විරුද්ධ වුණා.

​එයා සටන් විරාමය නොදුන්නා නම්... ඒ දවස් දෙකේ මම හිතන්නේ ඒ සටන් විරාමය දුන්නේ අනිවාර්යයෙන්ම ත්‍රස්තවාදීන් එක්ක යම්කිසි සාකච්ඡාවක් එයා කරලා. එයාගේ මට්ටමෙන් ත්‍රස්තවාදීන්ගේ ඉල්ලීම අනුව තමයි සටන් විරාමය දුන්නේ අනිවාර්යයෙන්ම. මොකද ඒ සටන් විරාමය ඇතුළත දවස් දෙකේදී ජනවාරි 31 රෑ ඒගොල්ලෝ විශාල ප්‍රහාරයක් අපට එල්ල කරා. මගේ සෙබළු 500ක් විතර මැරිලා තමයි අපි ඒ ප්‍රහාරය වළක්ක ගත්තේ, හතරක් සටන් කරලා. අපි කිලෝමීටර් පහක් විතර පස්සටත් ගියා. තව කිලෝමීටර් තුනක් විතර ගියා නම් අපි අවුරුද්දක හමාරක් කරපු මෙහෙයුම කඩාගෙන වැටෙනවා, අර මාන්කුලම් කඩා වැටුණා වගේ.

​ඒ සටන් විරාමය දුන්න එකෙන් පස්සේ තමයි මම මහින්ද රාජපක්ෂත් එක්ක මූණට මූණ බලලා කෙලින් කතා කිරීම නැවැත්තුවේ. අපි විරුද්ධ වුණා ඒකට. ඒ සටන් විරාමය නොදුන්නා නම් අපි ඔය යුද්ධය ඉවර කරනවා මාර්තු විතර වෙනකොට. ඒ සටන් විරාමය දීලා, ඒක තව මාස දෙකක් දිග්ගැස්සුණා. සටන් විරාමේ ඒගොල්ලෝ දුන්න ප්‍රහාරය වෙලාවේ අපේ තුන් හාරසීයක් මැරුණා. මෙහෙම දිග්ගැස්සිච්ච හින්දා තව දෙතුන් දාහක් වැඩිපුර මැරුණා. එතකොට ඒ වගේ ප්‍රශ්න තිබ්බා.

​නිවේදක: අපට ආනන්දපුරම් ප්‍රදේශයේ පොල් කෑල්ල, පොල් වගා භූමිය... එතනට ප්‍රභාකරන් කොටු වුණයි කියන සිදුවීම මම හිතන්නේ ඔබතුමා කියන්නේ...

​සරත් ෆොන්සේකා: අපි පුදුකුඩිඉරිප්පු වටකරනකොට ප්‍රභාකරන් පුදුකුඩිඉරිප්පු වලින් එහා පැත්තට ගිහිල්ලා, කලපුවෙන් එහා පැත්තට ගිහිල්ලා, ඔය වෙල්ලමුල්ලිවයික්කාල්, පුදුමාතලන් පැත්තේ තමයි එතකොට හිටියේ ප්‍රභාකරන් කියලා අපි දන්නවා. ඉතින් ප්‍රභාකරන් එච්චරම මෝඩයෙක් වෙන්න බෑහැනේ අර කිලෝමීටර් එකහමාර, එකහමාර වගේ ප්‍රදේශයක් වට කරනකොට එයා එතන ඉන්න අවශ්‍යතාවක් නැහැනේ. එතන හිටියා, එයාගේ ප්‍රබලයෝ ටික ඔක්කොම හිටියා.

​එල්ටීටීඊ එකේ ක්‍රීම් එක... ඔය සටන් වල ඉදිරියේම ඉඳගෙන හැම වෙලේම ඔය අපට පහර දීපු අය. දැන් ඔය ජනවාරි 31, පෙබරවාරි 1 ප්‍රහාර එල්ල කරපු අය... අර මුහමාලේ ලයින් එක භාරව හිටියා තීපන් කියලා කෙනෙක්, එයා හිටියා. රමේෂ් කියන නැගෙනහිර භාරයට හිටිය කෙනා, එයා හිටියා. ඔක්කොම සටන් බිමේ ඉන්න දක්ෂයෝ ටික තමයි එතන හිටියේ.

​පුදුකුඩිඉරිප්පුවල අපි වට ගන්නකොට ප්‍රභාකරන් හිටියේ අනිත් පැත්තට ගිහිල්ලා. එතකොට ඒ වෙලාවේ හැබැයි ඒ දක්ෂයෝ ටික... පුදුකුඩිඉරිප්පු අපි මාර්තු අග ඉවර අල්ලුවම ඒ දක්ෂයෝ ටික ඔක්කොම එතනදි 325ක් ඔක්කොම සමූල ඝාතනය වුණා. ඊට පස්සේ තමයි ප්‍රභාකරන්ට මම හිතන්නේ අමාරු වුණේ.

​නිවේදක: පරම වීර විභූෂණ සම්මානය දුන්නා ඔබතුමන් කතා කරලම. ඒක සඳහන් වෙනවා... සැරයන් වීරසිංහ, සැරයන් දක්වා උසස් කළා. ඔහුගේ තනතුර තිබුණේ කෝප්‍රල් තනතුර. දර පොයින්ට් එක ගන්න ගිහිල්ලා, ඒ දර පොයින්ට් එක විනාශ කරන්නේ සැරයන් වීරසිංහ, කෝප්‍රල් වීරසිංහ.

​සරත් ෆොන්සේකා: ඒ ඔය සිද්ධිය වුණේ... මම කිව්වේ ජනවාරි 31 පෙබරවාරි 1 සටන් විරාමයක් දුන්නා කියලා, ඒගොල්ලෝ ප්‍රහාර දුන්නා කියලා... ඔය පහර දුන්නේ ඔය දර පොයින්ට් කියන පැත්තෙන් තමයි. කලපු හරහා ඇවිල්ලා, ඒගොල්ලෝ එතනදි තමයි මම හිතන්නේ... පෙබරවාරි දෙක, තුන ඒ වගේ දවසක තමයි ඔය විශේෂ බලකාය අපි එතනට දැම්මේ. ඒ වෙලේ තමයි ඕක සිද්ධ වුණේ.

​නිවේදක: ඒ වගේම ඒ ආසන්නයේම මුලතිව් කැලේ තිබුණේ. මුලතිව් කැලේ අඩි ගාණක් යට ප්‍රභාකරන් ආරක්ෂිත බංකරේ ඉදි කරලා තිබුණා, කොන්ක්‍රීට් ඝන තට්ටු, ආරක්ෂිත වැටවල් කීපයක් එහෙම. ප්‍රභාකරන් සැඟවිලා ජීවත් වුණේ, ව්‍යායාම කරමින්, සියලු සැප සම්පත් සහිතව. ඔහු ඔය ඔබතුමා කියන ඒ ස්ථානයේ...

​සරත් ෆොන්සේකා: ඒක තිබුණේ පුදුකුඩිඉරිප්පුවල දකුණේ. පුදුකුඩිඉරිප්පුවල දකුණේ තියෙන්නේ මුලතිව් කැලේ තමයි. පුදුකුඩිඉරිප්පු වලින් දකුණේ තමයි ඔය ස්ථානය තිබුණේ. අපි ඒ හරිය වටලාගෙන ඉන්නකොට තමයි මහින්ද රාජපක්ෂ සටන් විරාමේ දෙන්න කිව්වේ ඉස්සෙල්ලා. ඊට පස්සේ තමයි ප්‍රභාකරන්ලා ගිහිල්ලා, කලපුවෙන් එහා පැත්තට ගිහිල්ලා අර මුහුද පැත්තේ ඉඳගෙන මේ සටන් මෙහෙයවන්න පටන් ගත්තේ.

​නිවේදක: වඩුක්කාල් සපත්තු පාලම ළඟින් ප්‍රහාර කීහිපයක් දියත් වුණා. විශේෂයෙන්ම මුහුදු කොටින් මරාගෙන මැරෙන ප්‍රහාර කීපයක් දියත් කළා. ප්‍රභාකරන්ට මුලතිව් කැලේට පැනගන්න... ඒ වගේම ෆාරා III නෞකාවේ සිට ස්නයිපර් ප්‍රහාර එල්ල කළා අපේ පාබල රෙජිමේන්තුවේ. එහෙම දරුණු තත්ත්වයක් තිබුණේ. ප්‍රභාකරන් මේ අය උපයෝගී කරගත්තා අපේ රණවිරුවන් ඝාතනය කරන්න.

​සරත් ෆොන්සේකා: ඔව් දැන් ඔය ඔබතුමා කියන සපත්තු පාලම තියෙන්නේ නෑ... මුලතිව් වලට උඩින්, මෙතනින් තමයි කලපුව... නන්දිකඩාල් කලපුව මුහුදට වැටෙන්නේ. මෙතනදි තමයි මුහුදෙන් ඇවිල්ලා මරාගෙන මැරෙන ප්‍රහාරක බෝට්ටු එහෙම... අපේ එතනින් අපේ කට්ටිය මුහුද ඒ ස්ථානය හරහා ගිහිල්ලා පුදුමාතලන් පැත්තට ඇතුල් වෙන්න උත්සාහ කරනකොට තමයි මුහුදෙන් ඇවිල්ලා, බෝට්ටු වලින් ඇවිල්ලා... ඒ වැල්ලේ ඒගොල්ලොන්ගේ ගියේ බෝට්ටු සහ වැල්ලේ ඇවිල්ලා ඒගොල්ලෝ හැප්පෙනවා. හැප්පුණාම ත්‍රස්තවාදියෙක් ඉස්සරහට පනිනවා. ඒවා එතකොට ඒ වෙලාව තමයි ඇවිල්ලා මරාගෙන මැරෙන ප්‍රහාර එහෙම එල්ල කරේ ඔබතුමා කියපු සපත්තු පාලම ගාව.

​හැබැයි ඉතින් ප්‍රභාකරන්... ඔබතුමා කියපු අනිත් දේවල් හුඟක් සිද්ධ වෙන්න පුළුවන්. ප්‍රභාකරන් පුදුකුඩිඉරිප්පුවල කොටුවෙලා හිටියා. ඊට පස්සේ අපි පුදුකුඩිඉරිප්පු අල්ලනකොට එහා පැත්තට පැනලා තිබුණා, ඒ කියන්නේ මුහුද පැත්තට පැනලා මුහුදටයි කලපුවටයි අතර තියෙන වෙල්ලමුල්ලිවයික්කාල්, පුදුමාතලන් ඒ බිම්තීරුවට පැනලා හිටියා.
​ඒ බිම්තීරුව අල්ලන්නත් අපට ගියා අප්‍රේල් 19 ඉඳලා මැයි වෙනකන්, හරියට මාසයක් ගියා ඒ කිලෝමීටර් 10ක විතර බිම්තීරුව. පළල කිලෝමීටර් එකහමාරයි, උතුරේ ඉඳලා දකුණට කිලෝමීටර් 10ක් විතර. එතකොට ඒක සම්පූර්ණයෙන් අල්ලලා තමයි අපි ඉවර කරේ.
​17 වෙනිදා රෑ සටන පටන් ගත්තහම, 17 රෑ, 18 දවසම පස්සේ, 19 උදේ තමයි ප්‍රභාකරන්ව ඝාතනය වුණේ නන්දිකඩාල් කලපුවේ උතුරු කෙළවරේ. ඒ ඔක්කොම එක දිගට සිද්ධ වුණේ.

​ඉතින් ප්‍රභාකරන් මැරෙන්න ඉස්සෙල්ලා... මෙහෙ හදිස්සිය තිබ්බා මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසට, රාත්‍රී භෝජන සංග්‍රහයක් දුන්නා, අපට උසස් වීම් දුන්නා ප්‍රභාකරන් මැරෙන්න ඉස්සෙල්ලා. ඊට පස්සේ පාර්ලිමේන්තුවට ගිහිල්ලා 19 වෙනිදා ලොකු කතාවකුත් කරා. එතකොටත් අතන ප්‍රභාකරන් ඉන්න සටන් යනවා. භූමිය අපි අල්ලලා ඉවරයි, නමුත් එතකොට තමයි අර ඔබතුමා කිව්වේ, ප්‍රභාකරන් අන්තිමට මැරී වැටුණේ නන්දිකඩාල් කලපුවේ උතුරු කෙළවරේ. VI එකයි කමාන්ඩෝස්ලයි ප්‍රභාකරන්ව වට කරගෙන. ප්‍රභාකරන් එක්ක හැත්තෑපහක් විතර එතන හිටියා, ඒ ඔක්කොම මැරිලා ගියේ. සූසෙයිලා ඔය ඔක්කෝම කට්ටිය මැරිලා ගියේ එතැනදි තමයි.

​නිවේදක: ප්‍රභාකරන් ළඟ වෛද්‍යවරයකුත් හිටියයි කියලා කාරණයක් කියවෙනවා.
සරත් ෆොන්සේකා: ඇති නැතුව අනිවාර්යයෙන් ඉන්න ඇති. එක්කෙනාට වඩා ඉන්නත් ඇති.

​නිවේදක: කළු ඇඳුමෙන් සැරසුණු 75ක් විතර කණ්ඩායමක් දුවන්ද සටනක් ගියා කියලා කියනවා. විශේෂයෙන්ම කමාන්ඩෝ රෙජිමේන්තුවේ රණවිරුවොත්...

සරත් ෆොන්සේකා:ඔව්.

​නිවේදක: එදා 17 වෙනිදා රාත්‍රියේදී මේ කලපුව ආසන්නයේදී ප්‍රහාර දියත් කළා, දෙගොල්ලෝ දුවන්ද සටනක නිරත වුණා. ඉන් අනතුරුව තමයි 2009 මැයි මාසේ හරියටම 19 වෙනිදා උදේ, 4 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සැරයන් මුතුබණ්ඩා ඇතුළු කණ්ඩායම ප්‍රභාකරන්ගේ ප්‍රාණය නිරුද්ධ දේහය ඇදගෙන එනවා කලපුවෙන්.
​ඒ මොහොත දක්වාම ඔබතුමන් තමන්ගේ රාජකාරිය මැනවින්ම කළේ, ඒ විශිෂ්ටම හමුදාපතිවරයා. ඒ අභිමානය අපටත් දැනෙනවා. ඇත්තම කිව්වොතින් මේ හැමෝම... වැඩසටහන බලන හැමෝමත්, මමත් අද ජීවත් වෙන්නේ ඔබතුමන් නිසා. ඒ අභිමානය අපේ හිතට දැනෙනවා. එදා 19 වෙනිදා මොකද වුණේ?

​සරත් ෆොන්සේකා: මම චීනයේ ඉඳලා ආවේ 17 වෙනිදා රෑ. මම එනකොට 17 වෙනිදා වෙනකොට ඇත්තටම ඔය ප්‍රභාකරන් ඒ කට්ටිය කලපුවටයි මුහුදටයි අතර තියෙන බිම්තීරුවේ, නන්දිකඩාල් කලපු අයිනේ, වෙල්ලමුල්ලිවයික්කාල් වලට පල්ලෙහා, මුලතිව් වලට උඩින් මීටර් 400 x 400 ප්‍රදේශයකට කොටු වෙලා. එතකොට... ඒ කියන්නේ 16 රෑ වෙනකොට... 16 වෙනිදා රෑ මේ කට්ටිය හැදුවා කලපුව හරහා ගිහිල්ලා... අපේ කලපුව වටේ මම ආරක්ෂක වළලු තුනක් දාලා තිබ්බා මීටර් 100න් 100ට. මේගොල්ලෝ කලපු හරහා ඇවිල්ලා, ප්‍රභාකරන් නැතුව ඒ කොටු වෙලා හිටපු කට්ටිය 16 වෙනිදා ඉඳලා ඒගොල්ලෝ එතන කොටු වෙලා හිටියේ. 16 රෑ කලපුව හරහා ඇවිල්ලා පහර දුන්නා කලපුව වටේ තිබුණා ආරක්ෂක වළලු වලට. ඒ ආරක්ෂක වළල්ල කැඩුණා. හැබැයි දෙවෙනි වළල්ලේදී ඒගොල්ලෝ ඔක්කොම මැරුම් කෑවා. එතන ඒ පහර දෙන්න ආපු කණ්ඩායමේ 75ක බොඩීස් අපි කලපුවේ තිබිලා සොයාගත්තා.

​දැන් ඔය අන්තිම වෙනකොට ප්‍රභාකරන්ගේ බිරිඳ මැරිලා හිටියේ. කේ.පී කියලා තිබුණා ඒගොල්ලෝ මැරුණා කියලා. ඒ අන්තිම කාලේ සටනේදී දුව මැරිලා හිටියේ. එතකොට පොඩි පුතා අපි දැක්කෙම නැහැ කොහෙවත්. පින්තූර එහෙම තිබ්බට මම හිතන්නේ ඔය කට්ටිය 16 වෙනිදා රෑ කලපුව හරහා ගිහිල්ලා පනින්න හදනකොට... එතනින් පැන්නා නම් ඒගොල්ලෝ මුලතිව් කැලේ නවතින්නේ. ඒක තමයි ඒගොල්ලොන්ගේ අන්තිමට තිබිච්ච සැලසුම, අවසානයට ගහපු තුරුම්පුව. මම හිතනවා ඒ පනින්න ආපු දවසේ ඔය බිරිඳ, දුව මැරෙන්න ඇති. මොකද ඒ වගේ දෙයක් කරනවා නම් අනිවාර්යයෙන් ඉදිරියේම ඉන්න ඇති, ප්‍රභාකරන්ගේ පවුල ඉස්සෙල්ලාම පැනගන්න බලාගෙන. ඉතින් ඒක හින්දා එතනදි ඒ පවුලේ කට්ටිය මැරෙන්න ඇති කියලා.

​නමුත් පනින්න හම්බවුණේ නැහැ. ආපහු මැරිච්ච ඩෙඩ් බොඩීසුත් 75ක් කලපුවේ දාලා ආපහු ගියා. ගිහිල්ලා ආපහු 17 වෙනිදා උදේ වෙනකොට, 17 වෙනිදා දවසේ ඒගොල්ලෝ අර මීටර් 400 කෑල්ලට කොටු වෙලා හිටියා.

​ආපහු 17 වෙනිදා උදේ වරුවේම... මම එතකොට මග එනවා චීනේ ඉඳලා... ජනාධිපති මහින්ද රාජපක්ෂයි, බැසිල් රාජපක්ෂයි, ගෝඨාභය රාජපක්ෂයි, ICRC එකයි, UN එකයි, ක්ෂමා සංවිධානය එක්කයි, නෝවේ එරික් සෝල්හයිම් එහෙම එක්කයි බරපතළ සාකච්ඡා කරලා තියෙනවා මුළු උදේ වරුවේම මේ නායකයෝ යටත් වෙන්න කියලා කට්ටියට.
​දැන් කොටු වෙලා ඉන්නේ. අවුරුදු දෙකකුත් මාස හතක් සටන් කරලා, මගේ සැලසුම් ඔක්කොම... මගේ උපදෙස්, මගේ නියෝග හැම එකම තුනේ එල්ටීටීඊ එක අතුගාලා දාන්න. පණපිටින් අල්ලගන්න නෙමෙයි. මොකද සටන් විරාම, සාම කතා කියන ඒවා ප්‍රභාකරන් එක්ක කරන්නේ මෝඩයෝ. ඒවා කරලා ප්‍රතිඵල නෑ කියලා අපි පාඩම් ඉගෙනගෙන හිටියා. ඒක හින්දා මගේ සැලසුම් තිබුණේ මේගොල්ලෝ අතුගාලා දාන්න තමයි.

​එහෙම තියෙද්දී මටත් නොකියා මේ කට්ටිය... ඒගොල්ලෝ ඒක සාකච්ඡා කරා ඒගොල්ලෝ පණපිටින් භාර වෙන්න කියලා. ඒ මහින්ද රාජපක්ෂගේ දේශපාලන ගුණ්ඩුවක්. එතකොට මහින්ද රාජපක්ෂගේ ඔලුවේ තිබුණේ ඒ වෙනකොට 2010 ජනාධිපතිවරණය ගැන. 2005දී එල්ටීටීඊ එකට සල්ලි දීලා ජනාධිපතිවරණය දිනුවා. දැන් මෙයාට 2010දීත් මේ කට්ටිය ඉතුරු කරගන්න ඕනේ, එයාගේ ඡන්ද ටික... උතුරේ ඡන්ද ටික එයාට ඕන විදිහට හසුරවාගන්නවා.

​ඒ සාකච්ඡාවේදී එල්ටීටීඊ එක කිව්වා "ආමියට යටත් වෙන්න බැහැ. අපි ඕන නම් තුන්වෙනි පාර්ශ්වයකට, ICRC හරි UN එකකට හරි යටත් වෙන්නම්" කියලා. ඒක හින්දා ඒ සාකච්ඡාව සාර්ථක වුණේ නැහැ.

​ඒ සාකච්ඡාව ගැන ෂවේන්ද්‍ර සිල්වාට ගෝඨාභය කියන වීඩියෝ එකක් තමයි මම පහුගිය දවස්වල මෙතන ඉඳලම එළියට දැම්මේ. තමුන් වහන්සේලා සමහරවිට කවුරුහරි දකින්න ඇති. ෂවේන්ද්‍රට ගෝඨාභය කතා කරලා, ඊට පස්සේ ඉස්සරහා ඉන්න එයාගේ බ්‍රිගේඩ් කමාන්ඩර්ලාට කියනවා, "ඒ කතා කරේ සෙකට්‍රි. මෙහෙම උදේ වරුවේ කතා කරලා තියෙනවා, මේගොල්ලොන්ට යටත් වෙන්න කියලා. යටත් වෙන්න බෑ කියනවා. ඒක හින්දා අපිට ඉතින් මේගොල්ලෝ මරාගෙනම යන්න වෙනවා" කියලා. ඉවරවෙලා ඒ කතාව කියනකොට සිල්වාට අමතක වෙලා තියෙනවා කැමරා ඔක්කොම මාධ්‍යවේදියෝ ඉස්සරහා ඉන්නවා කියලා. මාධ්‍යවේදියෝ ඒක අරගෙන එළියට දැම්මා.

​ඒක අල්ලගෙන තමයි මාව හිරේ දාන්න හැදුවේ. 'සුදු කොඩි' කතාවක් ආවා, "යටත් වෙන අයට වෙඩි තියන්න කිව්වා ෂවේන්ද්‍ර සිල්වාට" කියලා. මේ කතාව තවත් පොඩ්ඩක් ඒගොල්ලොන්ට ඕන විදිහට හරවලා ඉවරවෙලා ඒගොල්ලෝ කිව්වේ. මාධ්‍යවේදියෝ කියපු එක, "මෙහෙම කතාවක් ගියා" කියලා. ඒගොල්ලෝ මගේ පැත්තට හැරෙව්වා මම කිව්වා කියලා. එතකොට ඒ සිද්ධිය සිද්ධ වුණේ 17 දා රෑ.

​දැන් මේගොල්ලෝ මීටර් 400x400ට කොටු වෙලා ඉන්නේ. එතකොට මම චීනයේ ඉන්නකොටම, 14 වෙනිදා විතර ඉඳලා මම විශේෂ බලකාය තියලා තිබුණේ වෙල්ලමුල්ලිවයික්කාල් වල. මම ෂවේන්ද්‍ර සිල්වාට පැහැදිලි නියෝග දීලා තිබුණා, "ඔතනින් ඔය බලකාය අයින් කරන්න එපා" කියලා. මගේ ඔලුවේ තිබ්බා මේගොල්ලෝ කොයි වෙලාවක හරි කොටු වුණාම, කලපුව පැත්තෙන් ඇවිල්ලා ඔතනින් තමයි කඩාගෙන යන්න උත්සාහ කරන්නේ කියලා. එතකොට අපේ කට්ටියත් කොටු වෙනවා, අහුවුණොත් අපේ පිරිසක් ඔතනට ඔය පැත්තට පහර දෙයි කියලා. ඒක හින්දා තමයි මම විශේෂ බලකාය එතන තියලා තිබ්බේ. නමුත් අවසානයේ 17 රෑ සටන් යනකොට... පස්සේ 17 වෙනිදා රෑ මේගොල්ලෝ 400ට කොටු වෙලා ඉන්නවා. එතන පුලිදේවනුයි, නඩේසනුයි, තව 100ක් විතර ඇරෙන්න ඉතුරු කට්ටිය ඔක්කොම කලපුවට බැහැලා, කලපුව දිගේ උතුරට ඇවිදගෙන ආවා. ඇවිල්ලා වෙල්ලමුල්ලිවයික්කාල් ගාවට ඇවිල්ලා, කාන්තාවෝ එහෙම ළමයි වගේ කතා කර කර, අම්මලා වගේ කතා කර කර, "අපි සිවිල් ඇඳලා අපට යටත් එන්න ඕනේ. අපට ඔතනින් ඇතුලට එන්න දෙන්න" කියලා කතාවක් ගිහිල්ලා තියෙනවා අර රෑ දෙකට විතර, 17. එතකොට මම ලංකාවට ඇවිල්ලා. එතකොට මට කමල් ගුණරත්න කිව්වා "මෙහෙම වැඩක් වෙනවා" කියලා. එතකොට මම කිව්වා, "කියන්න කට්ටියට ඔහොම වතුරේ ඉන්න කියලා, එළි වුණාම ඇතුළට ගන්නම්" කියලා. මම දැනගත්තා අනිවාර්යයෙන්ම මේ ත්‍රස්තවාදීන් තමයි මේ. සැලැස්මත් තමයි... හැබැයි 14 වෙනිදා ගෝඨාභය ඕඩර්ස් දීලා තියෙනවා මම චීනයේ ඉන්දෙද්දි ෂවේන්ද්‍රට, "විශේෂ බලකාය එතනින් අයින් කරන්න" කියලා. කරලා විශේෂ බලකාය පල්ලෙහාට ගෙනැල්ලා තියෙනවා අර වෙල්ලමුල්ලිවයික්කාල් පැත්තට. ඒ කියන්නේ මේ සැලැස්මත් බැරි වුණොත් ඔතනට පහර දෙනවා කියන එකත් ගෝඨාභයලා දැනගෙන හිටියා. ඒක තමයි විශේෂ බලකාය එතනින් අයින් කරේ. ඒගොල්ලෝ පහර දුන්නා, පස්සේ එළිවෙනකන් හිටියේ නැහැ. පහර දීලා ආරක්ෂක වළල්ල කැඩුණා. කැඩුණාම කිලෝමීටරයක් විතර ඇතුළට ආවා ඒගොල්ලෝ.
​එතකොට මම ඇහුවා ෂවේන්ද්‍රගෙන් "ඇයි එතන SF එකේ ඉන්න ඕනේ නේද?"
"නෑ සර්, ඒක ඉස්සරහට ඇරිලා තියෙන්නේ. ලේකම් කිව්වා ඉස්සරහට අරින්න කියලා."
ඒ වගේ වැරදි ඒගොල්ලෝ කරා. ලේකම්ව සතුටු කරන්න, මට නොකියා සමහර දේවල් ඒගොල්ලෝ කරා. ඔය ජෙනරාල්ලා, ඔය සමහර ජෙනරාල්ලාට ලේකම් මේ කාලේ පොරොන්දු වෙනවා "යුද්ධය ඉවර වුණාම මම ඔයාව රට අරින්නම්, තානාපති කාර්යාලයට අරින්නම්" ඒ වගේ දේවල් කරලා තිබුණා. එතකොට ඒ වගේ දේවල් සිද්ධ වුණා.
​එතකොට නමුත් ඒක කඩාගෙන ආවම, මේගොල්ලෝ සටන් කරා. මම මේක මෙහෙව්වා, CDMA වලින් කතා කර කර මම කන්ට්‍රෝල් කරා. මම කිව්වා "ඔතන සටන මෙහෙයවන්න" කියලා. මම කිව්වා කමල් ගුණරත්නටයි, ෂවේන්ද්‍ර සිල්වාටයි, පල්ලෙහාට...
​එතකොට මීට ඉස්සෙල්ලා අපි සිවිලියන්ලා එළියට අරගෙන, අර අප්‍රේල් 19 ඇටෑක් කරේ එතනට. එතකොට සිවිලියන්ලා 135,000ක් එළියට ආවා. එතනින් ඊට පස්සේ අප්‍රේල් 11 හරිය විතර දකුණු පැත්තෙන්... අර කලපුව මුහුදට වැටෙන තැනින් අපි කොහොමහරි ප්‍රසන්න සිල්වලාගේ කට්ටියක්, බැටැලියන් දෙකක් එතනින් රිංගවලා, ඒ පැත්තෙන් පස් බැම්මට ගැහුවම අන්තිමට හිටපු සිවිලියන්ලා 85,000ක් එදා ආවා. දැන් මේකේ සිවිලියන්ලා නෑ ඇතුලේ. එතකොට විතරයි...

​එතකොට මේ කඩාගෙන ගහපු තැන, ඇවිල්ලා මේගොල්ලෝ කලපුවෙන් ඇවිල්ලා ගැහුවේ වෙල්ලමුල්ලිවයික්කාල් වලට. එතන අපේ ලයින් එක කැඩුණා. මේගොල්ලෝ කිලෝමීටරයක් විතර ඇතුළට ආවා. එතකොට මම මේගොල්ලොන්ට උපදෙස් දුන්නා. මම කිව්වා කමල් ගුණරත්නටයි ෂවේන්ද්‍ර සිල්වාටයි "ඔතන සටන මෙහෙයවන්න."
​ඒ අතරේම අර කොටු වෙලා හිටපු මීටර් 400x400 සටනක් පටන් ගත්තා. මම ප්‍රසන්න සිල්වාට ඒ සටන එයා මෙහෙයවන්න කියලා... මොකද මම දන්නවා අනිවාර්යයෙන්ම දැන් ඔය මීටර් 400 ප්‍රභාකරන් ඉන්නේ නෑ. අනිවාර්යයෙන්ම මේගොල්ලෝ හරි, උඩට ගියපු කණ්ඩායමේ හරි තමයි ඉන්න ඕනේ කියලා. එතකොට කමල් ගුණරත්නයි මට ඇහෙනවා... මම ජගත් ඩයස්ට කතා කරනකොට, ඊට පස්සේ ජගත් ඩයස් මට කෝල් එකක් දීලා "සර්, මේ මේගොල්ලෝ කියනවා... මේ කමලුයි ෂවේන්ද්‍රයි කියනවා ඒගොල්ලොන්ට පල්ලෙහා සටන මෙහෙයවන්න ඕනේ කියලා. අපි මේ යුද්ධය ඉවර කරලා රිටයර් වෙන්න හදනවා. දැන් මෙතන මේ ප්‍රභාකරන් අල්ලපු තැන සටන මෙහෙයවන්න කියලා කට්ටියට ආසාවල් තියෙනවා" මට ඇහෙනවා. එතකොට කමල් ගුණරත්න ඇහෙන් ඉඳන් කියනවා "ඉතින් ප්‍රසන්න සිල්වා ඕක කරනවා නම් අපි මොකටද මෙහෙ ඉන්නේ?" කියලා කියනවා. ඒක මේ වෙලාවේ.

​නමුත් මම දැනන් හිටියා ඔතන තමයි ප්‍රභාකරන් ඇතුළු ජ්‍යෙෂ්ඨයෝ ඉන්නේ කියලා. නමුත් මම කිව්වා "එහෙම නෙමෙයි, ප්‍රසන්න සිල්වා ඕක කරපුදෙන්, ඕගොල්ලෝ ඔය වැඩේ කරන්න" කියලා. මේවා මම කොහෙවත් කියලා නෑ, මේ කෑල්ල මම පළවෙනි වතාවට තමුන් වහන්සේට කියන්නේ.

​එතකොට ප්‍රසන්න සිල්වාගේ සටන අර මීටර් 400 සටන එළිය වැටෙනකොට ඉවර වුණා. ඒ කියන්නේ 18 වෙනිදා එළිය වැටෙනකොට එතන ඉවරයි. එතන 135ක් මැරිලා හිටියා පුලිදේවනුයි නඩේසනුත් එක්ක. ඊට පස්සේ තව ඒගොල්ලොන්ගේ මේ පරිපාලනය කරනවා වගේ කණ්ඩායම් එතන හිටියා, මැරිලා හිටියා.

​එතකොට සුදු කොඩි අරන් එන්න බැහැ මේ මහ රෑ. මේ අන්තිම සටන යන්නේ. "සුදු කොඩි ගෙනාවද? අරවා මේවා ගේන්න එපා" කිව්වා... ඒ වගේ ගියා කතා. කිව්වා නම් ඉතින් කවුරු හරි අං දෙකකුයි වලිගෙකුයි තියෙන කෙනෙක් වෙන්න ඕනේ. ඕන මෝඩයෙකුට තේරෙනවා, ඒ රාත්‍රියේ ඒ යන විශාල සටනකදී සුදු කොඩි අරන් එන්න පුළුවන්ද? කාටත් පේනවද මේක සුදු කොඩි අරන් එනවද නැද්ද කියලා? හමුදාවට පේනවද? කට්ට කරුවලේ, මෙතන මේ මුළු ප්‍රදේශයම ගිනි අරන් වගේනේ. ඔය රයිෆල් එකේ කෙළවරෙනුත් වෙඩි තියනකොට පටස් ගාලා ගින්දර පිටවෙන්නේ. දැන් ඔය සටන යනකොට මුළු ප්‍රදේශයම ගිනි අරගෙන වගේ තමයි තියෙන්නේ. දුමෙන් වැහිලා එහෙම තමයි වෙන්නේ සටන් යනකොට. එතකොට උදේ වෙනකොට ප්‍රසන්න සිල්වාගේ කෑල්ල ඉවර වුණා. අර කට්ටිය මැරිලා හිටියා.

​දවල් එක විතර වෙනකොට අර මේගොල්ලෝ වෙල්ලමුල්ලිවයික්කාල් වලට ගිහිල්ලා කලපුවෙන් ඇවිල්ලා පහර දුන්නේ... එතන සටන ඉවර වුණා. එතන 225ක් මැරිලා හිටියා එල්ටීටීඊ. ප්‍රභාකරන්ගේ ලොකු පුතාත් ඇතුළුව. ඒ සටන මෙහෙයවලා තියෙන්නේ චාල්ස් ඇන්තනි. එතකොට එතන ඇල්ලුවට පස්සේ... 18 දා දවල් එකට විතරයි ඉවර වුණේ. එතකොට අපි මුළු භූමිය අල්ලලා ඉවරයි. ප්‍රභාකරන් කලපුවට රිංගලා ගිහිල්ලා තියෙනවා 75ක් විතර එක්ක උඩට යන්න, මෙතන මේ හමුදාව මේ පැත්තට ගහනකොට. ඒක ගැන අපි දැනන් හිටියේ නැහැ. ඒ වෙලාවේ වෙනකොට... 18 වෙනිදා දවල් වෙනකොට අපි දන්නේ නෑ ප්‍රභාකරන් කොහේ ඉන්නවද? කට්ටියක් එක්ක ඉන්නවද? කොතනද ඉන්නේ? කියලා.
​ඒ භූමිය අල්ලලා ඉවර වුණාම තමයි මම 18 වෙනිදා හවස මම රූපවාහිනියට කිව්වේ "අපි සම්පූර්ණ භූමිය නිදහස් කරගෙන ඉවරයි" කියලා ත්‍රස්තවාදීන්ගෙන්. හැබැයි යුද්ධය ඉවර වෙලා නෑ. ඒ පාර 18 වෙනිදා හවස කරුවල වැටීගෙන එනකොට අපේ සෙබළු කවුරු හරි දැකලා තිබුණා කලපුවේ උතුරු කෙළවරේ යම්කිසි කෙනෙක් ගැවසෙනවා කියලා, චලනය වෙනවා. අර පඳුරු කඩොලාන හරිය තියෙන්නේ ඔක්කොම. එතකොට තමයි අපි VI එකයි, කමාන්ඩෝ ඔක්කොටම ඒ ප්‍රදේශය වට කරලා පහර දෙන්න කිව්වේ. ඒ සටන ගියා 19 වෙනිදා උදේ වෙනකන්.

​මෙහෙ අපට උසස්වීම් දෙනකොටත් 18 වෙනිදා අරලියගහ මන්දිරේ... එතන සටන යනවා. ඊට පස්සේ 19 වෙනිදා මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුව කැඳවලා අපටත් ප්‍රශංසා කරා. රිජ්වේ සිංහගේ බිරිඳට, මෙතනියා පොඩි බබා වඩාගෙන... එයාටත් ප්‍රශංසා කරා, ඒ ඔක්කොම ගිහිල්ලා. තේපැන් සංග්‍රහයකුත් තිබ්බා 10ට විතර. ඒ වෙනකොටත් අතන සටන යනවා, දැන් ප්‍රභාකරන්ව අල්ලලා නෑ. මම තේපැන් සංග්‍රහය ඉවරවෙලා කාර් එකට යනකොට... මගේ බිරිඳත් එක්ක පාර්ලිමේන්තුවේ අර ඇතුළට යන කෝස්වේ එක තියෙන්නේ, ලොකු දෙපැත්තේ වතුර... ඒ හරියෙ මම එළියට යනකොට තමයි කමල් ගුණරත්න මට කතා කරලා කිව්වේ "සර් ප්‍රභාකරන්ගේ බොඩි එක හම්බවුණා" කියලා.
​ඊට කලින් 18 වෙනිදා අර දෙපැත්තම අල්ලලා ඉවර වුණාම මම කමල් ගුණරත්නට කිව්වා "ප්‍රභාකරන්ව හම්බවෙලා නැත්නම් ඔය සටන ඉවර වෙන්නේ නෑ. ඕක අනිවාර්යයෙන්ම තාම ඔය ප්‍රදේශයේ ඔය මිනිස්සු රැඳිලා ඉන්නවා. සටන අතහරින්න බෑ දැන්ම. හරියට සියලු දේ පරීක්ෂා කරන්න" කියලා. එතකොට තමයි 18 වෙනිදා හවස අර කට්ටිය ඉන්න තැනත් එක්ක... ඔය කළු ඇඳලා ඉන්න අය ඔයා කිව්වේ, ඒ පිරිසත් එක්ක අවසාන සටන මෙහෙයවුණේ. ඒක 19 දා උදේ 10ට මාට්ටි තමයි ප්‍රභාකරන් මැරිලා ඉවරවෙලා, ඊට පස්සේ අපේ කට්ටියට හම්බ වුණේ. ඒක හින්දයි තමයි රණවිරු සැමරුම 19 වෙනිදා තියන්නේ.
නිවේදක: ඇතැම් අය කියනවා වේළුපිල්ලේ ප්‍රභාකරන්ව පණ පිටින් කොළඹට රැගෙන ආවා, ගුවන් මාර්ගයෙන් අනුරාධපුරයට රැගෙන ආවා. ඔබතුමන්ලා ඔහුත් සමඟ කතා කළායි කියලා.

​සරත් ෆොන්සේකා: මට ඉතින් ඔය යුද්ධය මම ඉස්සෙල්ලත් කිව්වනේ... ඕක මම සැලසුම් කරේ කවුරුවත් පණපිටියෙන් ගේන්නයි, ගෙනැල්ලා ඉවරවෙලා අයත් එක්ක කතා කරන්නයි, ඊට පස්සේ එයාවත් අල්ලගෙන එයා මහඇමති කෙනෙක් කරන්නයි අර පිල්ලෙයාන්ලාට කරා වගේ, පණපිටින් හිටියා නම් කරුණා එක්කෙනෙක් මහඇමති, එක්කෙනෙක් පාර්ලිමේන්තුවේ. ඉතින් ප්‍රභාකරන්ව පණපිටින් ඇල්ලුවා නම් ඒකමනේ වෙන්නේ ආපහු? ඒකනේ ඒගොල්ලෝ සාකච්ඡා පවත්වන්න ගත්තේ 18 වෙනිදා උදේ ඒගොල්ලොත් එක්ක.

​එතකොට මට එහෙම කැක්කුමක් තිබ්බේ නැහැ. එහෙම වුවමනාවක් මට තිබුණේ නැහැ. මගේ සැලැස්ම අනුව මේක ගහලා, ගහලා, ගහලා ඔක්කොම අතු ගාලා දාන්න තමයි මගේ සැලැස්ම තිබ්බේ. එතකොට ප්‍රභාකරන් පණපිටින් ඉන්නවා... හිටියත් මම හිතන්නේ නැහැ කවුරුත් මට කියයි කියලා පණපිටින් ඉන්නවා කියලා. මොකද මම නියෝග දීලා තිබ්බා ඉතා පැහැදිලිව සියලුම දෙනාට.

​යටත් වෙන... ඊට කලින් යටත් වුණා කට්ටිය අර 19 වෙනිදා මම කිව්වා අප්‍රේල් 19 සිවිල් ජනතාව 135,000ක් ආවා කියලා... එදා එල්ටීටීඊ 6000ක් යටත් වුණා. ඒ සිවිල් ජනතාවත් එක්ක ඇවිල්ලා, ආයුධ භාර දීලා, සයනයිට් කරල් භාර දීලා. ඊළඟට මම කිව්වේ 85,000 ආයෙ ආවා කියලා පිටිපස්සෙන්, එදා තව 6,000ක් භාර වුණා.

​ඉතින් භාර වෙනවා නම් මේ මහින්දලත් එක්ක සාකච්ඡා කර කර ඉන්න ඕනේ නැහැ, ප්‍රභාකරනුත් ඒවගේ වෙලා කියලා. භාර වුණා නම් අනිවාර්යයෙන්ම අපට භාර වෙච්ච මිනිහට අපි වෙඩි තියන්නේ නැහැ. නමුත් ප්‍රභාකරනුයි, මහින්ද රාජපක්ෂලයි සාකච්ඡා කර කර වෙනම සැලසුම් ගියා, ඒවා හමුදාපතිට කිව්වේ නැහැ. ඔය සටන් විරාම දුන්නේ අරම ඔය සාකච්ඡාවල ප්‍රතිඵල හැටියට තමයි.

​නිවේදක: ඔබතුමාටත් තිබුණද විදේශීය බලපෑම්?

සරත් ෆොන්සේකා: මට කිසි කෙනෙක් බලපෑම් කරන්න ආවේ නැහැ. තමිල්නාඩුව විතරක් අර එක කට්ටියක් ඉඳගෙන "බෝට්ටු වලින් එනවා" අරවා මේවා නිකන් පම්පෝරි ගහ ගහ හිටියා. එතකොට ඉතින් මම කිව්වා "ආවොත් ඉතින් ඔක්කොටම ප්‍රභාකරනුත් එක්කම තමයි යන්න වෙන්නේ" කියලා. ඒක තමයි. මහත්තයා කවුරුත් සාකච්ඡාවලට ආවේ නැහැ. සමහර තානාපතිලා හිටියා, යුද්ධය පටන් අරන් ටික කාලයක් යනකොට... මගේ පොත අරගෙන පොඩ්ඩක් කියවන්න. එක මත ප්‍රකාශ කරපු අය හිටියා, මම හම්බවෙන්න ආපු අය හිටියා මගේ කාර්යාලයට, "යුද්ධ කරන්න එපා, මේක සාකච්ඡා වලින් බේරන්න ඕනේ..." හැබැයි අන්තිම කාලේ යනකොට ඒගොල්ලොත් මාත් එක්ක සාකච්ඡාවලට ආවේ නැහැ.

නිවේදක: වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ දේහය නන්දිකඩාල් කලපුවෙන් හමුවෙනවා. එදා තරම් සතුටක් මේ ලංකාවේ අයට දැනුනේ නැහැ. ඒ සතුටේ සැබෑ උරුමක්කාරයා ඔබතුමා. පැහැදිලිව ඒක කිව යුතුමයි. අපි දැක්කා මුලතිව් වැටෙනවා, 1500කට ආසන්න රණවිරුවන් ප්‍රමාණයක් මිය යනවා. ඒ වගේම අපි ගත්තොතින් පුනරින් කඳවුර වැටෙනවා 600ක් මැරෙනවා. මේ වගේ කඳවුරු වලට 12,000ක් හිටියා... ඒකෙන් 300ක් මැරුණා, අනිත් අය පලා ආවා මේ පැත්තට. අනූව දශකයේ එහෙමයි වුණේ. හැබැයි ඔබතුමාගේ නායකත්වය යටතේ අවුරුදු තුනක් ඇතුළත යුද්ධය ජයග්‍රහණය කරන්න පුළුවන්කම...

සරත් ෆොන්සේකා: අවුරුදු දෙකයි මාස නවයයි නැහැ.
නිවේදක: අවුරුදු දෙකයි මාස නවයයි. ඒ වගේම අහන්න කැමතියි ඔබතුමන්ගෙන් ඇයි කමාන්ඩෝ රෙජිමේන්තුවේ... අපි දන්නවා මාන්කුලම් ප්‍රහාරය, ඒ වගේම කට්ටපරිච්චාන් ප්‍රහාරය... වැඩිම පිරිසක් මිය ගියේ එතැන. ඒ වගේම විශේෂ බලකායෙත් 39 දෙනෙක් මිය ගියා කිලිනොච්චියේදී. මේවා අසාර්ථක ප්‍රහාර බවට පත්වුණා නිවැරදි නායකත්වයක් තිබුණේ නැහැ. හැබැයි ඔබතුමන් නිවැරදි නායකත්වය ගත්තා. යුධ උපක්‍රම භාවිතා කළා. ඒ කුඩා කණ්ඩායම් සංකල්පය සහ දිගුදුර මෙහෙයුම් ක්‍රියාත්මක කළේ කොහොමද ඔබතුමා?

සරත් ෆොන්සේකා: මෙහෙමයි, ඉතින් ඉස්සර තිබ්බා කුඩා කණ්ඩායම් කියලා විශේෂ බලකායේ, කමාන්ඩෝස්ලාගේ රෙජිමේන්තු දෙකක්ම තිබ්බා දිගුදුර මෙහෙයුම් කරනවා. ඒ කාලේ ඒගොල්ලෝ කරන්නේ... මං හමුදාපති වෙන්න ඉස්සෙල්ලා... ඒක ලොකු කරන්නේ... එක කණ්ඩායමක් යනවා කිලෝමීටර් හතක් අටක්. ගිහිල්ලා ආහාර ආදිය ගෙනිහිල්ලා ඉවරවෙලා කොහේ හරි තැනක හංගලා එනවා, වතුරයි ආහාරයි ඒගොල්ලෝ. ඊළඟට වෙනින් කණ්ඩායමක් ගිහිල්ලා ඒක අරගෙන, තව කිලෝමීටර් හත අටක් ඈතට ගිහිල්ලා, කොහේ හරි රැකලා ඉඳලා, කවුරුහරි එනකොට අර ක්ලේමෝර් බෝම්බයක් හරි පුපුරවලා... ඊට පස්සේ ජීවිතේ බේරගන්න පැනලා එනවා ආපහු පණ එපා කියලා එන්න වෙනවා අරක පිපිරුවාට පස්සේ. මම කුඩා කණ්ඩායම් වලින් එහෙම ක්‍රමයක් අනුගමනය කරේ නෑ.

​හැබැයි එහෙම එවැනි මෙහෙයුම් කරා රිජ්වේ සිංහලයම අර ප්‍රධාන සංකල්පයෙන් බැහැරව. දැන් උදාහරණයක් හැටියට මගේ සේනාංක සටන් කරේ මුලින් වැලිඔයෙන් ඉඳලා. ඊට පස්සේ 57 වවුනියාවේ ඉඳලා උඩට, මඩු පැත්තෙන් උඩට මන්නාරම පැත්තෙන් ආවා. ෂවේන්ද්‍ර සිල්වාගේ ටාස්ක් ෆෝස් 1 පැත්තේ. ඔතන මම මෙහෙයුම් නොකරපු ප්‍රදේශයක් තිබ්බා මුලදී. ඒ කියන්නේ A9 එකෙන් නැගෙනහිර පැත්තේ, වවුනියාවෙන් උතුරේ... ඒ කැලෑ පැත්තේ ඔඩ්ඩුසුඩාන් වලින් පල්ලෙහා. ඒ පැත්තේ මම මෙහෙයුම් කරේ නෑ. මගේ සැලැස්ම අනුව මට ඉස්සෙල්ලා මේ බටහිර පැත්ත සුද්ද කරලා ඊට පස්සේ නැගෙනහිරට එන්න ඕනේ... මගේ සැලැස්මක් ඔළුවේ තිබ්බා. අර හරිය සුද්ද කරේ නෑ මුලදී.

​එතකොට ඒ වෙලාවේ රිජ්වේ සිංහගේ රෙජිමේන්තුව තමයි ඒ පැත්තේ කැලේ ඇතුළට ගිහිල්ලා කුඩා කණ්ඩායම් මෙහෙයුම්... අර මම කියපු විදිහේ මෙහෙයුම් කරේ. ඒ වගේ මෙහෙයුමක් කරලා තමයි අලි සිංහත්වය... මේ ජීවිතක්ෂයට පත්වුණේ ඒවා කරා. මම හිතන්නේ 2008 ඔක්තෝබර් නොවැම්බර් විතර වෙනකම් ඒගොල්ලෝ ඒවා ඒ පැත්තේ කරා.
​ඊට පස්සේ තමයි ඔක්තෝබර් නොවැම්බර් හරියේදී ඔක්තෝබර් විතර මම උඩ ඉඳලා පල්ලෙහාට එවලා කට්ටිය මාන්කුලම ඇල්ලුවා. අපි කිලිනොච්චි බන්ඩ් එක ගාව හිරවෙලා ඉන්න කාලේ, උඩින් පල්ලෙහාට ඇවිල්ලා මාන්කුලම ඇල්ලුවා. කට්ටියක් කැලෙන් ගිහිල්ලා අර පැත්තෙන් ඔඩ්ඩුසුඩාන් පැත්ත ඇල්ලුවා. අල්ලලා ඒ දෙක එකතු කරා. ඊට පස්සේ SF එකට කුඩා කණ්ඩායම් මෙහෙයුම් කරන්න ප්‍රදේශයක් ඉතුරු වෙලා තිබ්බේ නෑ. එතකොට එතකන් ඒ විදිහට තමයි කුඩා කණ්ඩායම් කරා.

​නමුත් මම කරපු කුඩා කණ්ඩායම් වලින් කරේ අර 'විශේෂ පාබල ප්‍රහාරක මෙහෙයුම්' කියලා. මම කරේ කුඩා කණ්ඩායම් 10ක් විතර මම එකපාරට දානවා කියලා. එකක් දෙකක් දාලා ක්ලේමෝර් එකක් පුපුරවන්න නෙමෙයි. කිලෝමීටර් 15ක විතර පෙරමුණකට කුඩා කණ්ඩායම් 10ක් විතර... සේනාංකයක්ම දානවා කුඩා කණ්ඩායම්. එතකොට ත්‍රස්තවාදීන්ට ඒකට මුහුණ දෙන්න බැරි වුණා.

​ඉස්සර යුධ හමුදාව සටන් කරේ පාරක් දිගේ යනවා. ඔය එක එක වීරයෝ ගැන කතා කරනවනේ. හමුදාවේ ඔක්කොම කරේ එතකොට, අපි කනිෂ්ඨ නිලධාරී කාලේ ඉඳලම, සමහර වෙලාවලට පාරක් හරි දුම්රිය මාර්ගයක් හරි අල්ලන්න පාර දිගේ යනවා. පාරෙන් මේ පැත්තට මීටර් 200යි, මේ පැත්තට මීටර් 200යි. සේනාංක තුනක් ඉන්නවා නම් එකක් දානවා ඉස්සරහට යන්න. දෙපැත්ත බලාගන්න ඉතුරු දෙක දානවා. එතකොට ඉස්සරහට යන එකේ පෙරමුණ එන්නේ මේ පැත්තට මීටර් 200, මේ පැත්තට මීටර් 200, මීටර් 400. ඔය මීටර් 400 තමයි සේනාංක තුනම යන්නේ.

​ඉතින් එල්ටීටීඊ එක මෝටාර් ටිකක් එහෙම ඉස්සරහා සෙට් කරලා, අර ඉස්සරහට එන මීටර් 400ට ගහ ගහා ඉන්නවා. එතකොට අපේ දිනපතා මැරෙනවා මැරෙනවා. ඒගොල්ලෝ කාලයක් ඉඳලා එකපාරට පැත්තෙන් ඇවිල්ලා ප්‍රහාරයක් එල්ල කරලා, ඉස්සරහ කට්ටිය කොටු වෙනවා, එතකොට අපේ මිනිස්සු පැනලා යනවා. මම එහෙම කරේ නෑ.
​මම කරේ පාරවල් ඉතුරු කරා එල්ටීටීඊ එකට. මගේ හමුදාව මම දැම්මා කැලෑ ඇතුළට. මන්නාරමෙන් පටන් අරගෙන ඒගොල්ලෝ එතන කුඹුරු යාය පන්නට පස්සේ කැලේ ඇතුළේ හිටියේ. 57 වෙනි සේනාංකයත් ඉස්සරහා තිබුණේ එල්ටීටීඊ වලට තිබ්බා චින්නතම්පනෙයි කාවේලිකුලම් කියන හරිය... ඒ කියන්නේ අපේ ඉන්න තැන ඉඳලා කිලෝමීටර් හතරක් විතරයි. ඒක කැඩුවේ අප්‍රේල් වල. ඒ කැඩුවට පස්සේ මුළු 57 වෙනි සේනාංකයම සටන් කරේ කැලේ. වැලිඔයෙන් දාපු සේනාංකය පටන් ගත්ත දවසේ ඉඳලම කැලේ, මුලතිව් යනකන්ම.

​එතකොට එල්ටීටීඊ එකට පාරවල් ඉතුරු වුණේ. ඉස්සර අපි පාරවල් වල ඉඳගෙන ගුටි කෑවා වගේ, එල්ටීටීඊ එක දැන් පාරවල් වල ඉඳලා ගුටි කනවා. අපි කැලෑ ඔක්කොම පාලනය කරා. ඒ යුද්ධය කණපිට ගහන්න ප්‍රධානම හේතුව වුණේ ඒකයි.

​නිවේදක: ඒ වගේම නැගෙනහිර මුදා ගැනීමේදී තොප්පිගල, වාකරේ මාස දෙක තුනක් ඇතුළත මුදා ගන්නවා. ත්‍රස්තවාදීන්ට එළව එළවා පහර දෙනවා.

​සරත් ෆොන්සේකා: ඔව්.
නිවේදක: මාවිල්ආරුවෙන් පසුව. ඒ වගේම මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. කරුණා අම්මාන් ඔහු රජයට උදව් කරනවා, යුධ හමුදාවට උදව් කරනවා. ඔහුගෙන් වාසියක් වුණාද නැද්ද?

​සරත් ෆොන්සේකා: කරුණා අම්මාන් යටත් වුණායින් පස්සේ කරේ කොළඹට වෙලා ඉඳගෙන, එයාට කවුරුහරි සිංහල කාන්තාවක් එක්ක යාළුවෙලා හිටියා... ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියා, ඔක්කොම නයිට් ක්ලබ් වලට බී බී ඉන්න එක තමයි එයා කරේ. එයාගේ 15ක් විතර හිටියා කොළඹ, ඒගොල්ලොන්ට ආරක්ෂක නිවාසයක් දීලා තිබ්බම, එකෙන් එතනට ඇවිල්ලා එල්ටීටීඊ එකේ හිටපු ඔක්කොම ටික මරලා දැම්මා එක රෑකදි. ඊට පස්සේ කරුණා අම්මාන්ට පොඩි ගාඩ් එකක් දීලා තිබුණා බුද්ධි අංශ වලින්. ඉතින් කරුණා අම්මාන් ගිහිල්ලා නයිට් ක්ලබ් වල බොනකන්, ගෑණුත් එක්ක නටනකන්, බුද්ධි අංශ වටේ ඉඳගෙන එයාව මුර කරන්න ඕනේ. ඒවා මම පාලනය කරේ නෑ, ඒවා ආරක්ෂක ලේකම් තමයි මෙහෙයව්වේ. කරුණා අම්මාන්ගේ වැඩ.

​ඉතින් එයා පොඩි පිරිසක් එක්ක... සෝමාවතිය යන පාරේ තියෙනවා සුංගාවිල කියලා මුස්ලිම් ගමක්, ඊට උඩින් තියෙනවා සිංහල ගමකුත්, ඒ දෙක මැද්දේ පොඩි කෑම්ප් එකක් ගහගෙන හිටියා පැනල ආවට පස්සේ. ඒගොල්ලෝ 150ක් විතර එක්ක හිටියා එතන. ඒක වටලලා අලිමංකඩ ලේ කඳවුරක් ගහලා. ඒ කඳවුරේ හිටපු 150ක්ම අවුරුදු 13ට අඩු අය. අපි ඒ 80 භාර දුන්නා යුනිසෙෆ් එකට. එතකොට අපේ අය හිටියා ඉතුරු කට්ටියත් එක්ක එතැනට වෙලා. 60ක් 70ක් විතර එක්ක හිටියා.

​එකම පාරක් අපට තොරතුරු මුකුත් දුන්නේ නැහැ. දැන් ඔය කරුණා අම්මාන් කියන මිනිහා වැඩි හරියක් හිටිය උතුරේ. එල්ටීටීඊ එකේ දෙවෙනියා වගේ. ඔය මුලතිව් ප්‍රහාර, එලිෆන්ට් පාස් වලට ගහනකොට. හොඳට එයා දන්නවා ප්‍රභාකරන් හිටපු තැන්, ඔය ගෙවල් එහෙම. හැබැයි කවදාවත් එක වචනයක් කතා කරේ නැහැ. කිසි තොරතුරක් අපට දුන්නේ නැහැ. අපිම ගිහිල්ලා ගහලා ගහලා...

​මගේ මෙහෙයුම් එකක්වත් බුද්ධි තොරතුරු මත මම සැලසුම් කරේ නැහැ. බුද්ධි මෙහෙයුම් වලින් මට දුන්න එකම ප්‍රයෝජනය තමයි හැමදාම මම අහනවා "අද කී දෙනෙක් මැරුණද?" කියලා. මේගොල්ලෝ අරගොල්ලොන්ගේ ඒවට අහන් ඉඳලා ඒවා මොනිටර් කරලා ඉවරවෙලා මට කියනවා "අද මෙච්චර මැරිලා තියෙනවා" ඒ පැත්තේ. මට ඕන වුණේ එච්චරයි. මොකද එල්ටීටීඊ එක සොයන්න බුද්ධි අංශ ඕන වුණේ නැහැ. අපි කොහේ හරි ගිහිල්ලා අපි ඔලුව ඉස්සුවා නම් ඉස්සරහා ඉඳලා එල්ටීටීඊ එක අපිට වෙඩි තියනවා. ඉතින් ඒක බුද්ධි තොරතුරු අවශ්‍ය වුණේ නැහැ. උතුරේ, නැගෙනහිර මෙහෙයුම් කරන්න.

​නිවේදක: ඒක සිතියම භාවිතයෙන් තමයි අපි යුද්ධ කළේ. ඒ සිතියම තුළත් විශේෂයෙන්ම රණවිරුවන් කතාබහ කළා කිලෝමීටර ගණනාවක වෙනසක් තියෙනවයි කියලා. ඇඩ් ඇන්ඩ් ඩ්‍රොප් කරනවා, නැත්නම් අපි කියනවා කාලතුවක්කු පතිත කරනකොට, බෝම්බ හෙළනකොට කිලෝමීටර් පහක වගේ වෙනසක් තියෙනවා කියලා. එහෙම තිබුණද මේ සිතියමේ?

සරත් ෆොන්සේකා: මේ සිතියම් බොහෝ දුරට දෙමළ. සමහර තැන්වල තිබ්බා, සමහර තැන්වල තිබුණා. එතන අවාසිසහගත තත්ත්වයන් උදා වෙලා... ඒක තිබ්බ මදි. අපට අහුවෙනවා කාලතුවක්කු ප්‍රහාර. UAV වලින් සමහර කාලතුවක්කු ප්‍රහාර අපි පරීක්ෂා කරනවා අපේම රේඩාර් වලින්, අපේ කාලතුවක්කු උණ්ඩ වැටෙන තැන් අපි බලනවා. එතකොට ඒ වගේ වැරදි තිබ්බා නම් ඒවා ඔක්කොම අහුවෙනවා.
නිවේදක: එකපාරට ත්‍රස්තවාදියා වැඩිපුරම අවි සන්නද්ධ කරගත්තේ, ඒ වගේම අපි දන්නවා කුරුම්බැට්ටි යානා දෙකක් ඇවිල්ලා ගහලා... මේ යානා මිලදී ගැනීම් හෝ මේ යානා කොහොමද ආවේ? පාවෙන අවි ගබඩා තිබුණා. මේවා කොයි කාලෙද ඇත්තටම ලංකාවට ආවේ?

සරත් ෆොන්සේකා: දැන් 2005 මහින්ද රාජපක්ෂ දිනපු ගමන, ඒ ඡන්ද වෙලාවේ ඩොලර් මිලියන දෙකක පරිත්‍යාගයක් කරානේ එල්ටීටීඊ එකට? ඒ පරිත්‍යාගය කරලා තමයි ප්‍රභාකරන් ලවා උතුරේ මිනිස්සු ඡන්දය දාන එක එයා නැවැත්තගත්තේ. උතුරේ මිනිස්සු ඡන්දය දැම්මා නම් ලක්ෂ තුනක් විතර ඡන්ද තිබුණා. ඒවා රනිල් වික්‍රමසිංහ මහත්තයාට ආවා නම්, රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි ජනාධිපති වෙන්නේ එහෙමනම්. එයා දිනනවා ලක්ෂ එකහමාරකින්. ඒ ඡන්ද වැටුණෙ නැති හින්දා මහින්ද රාජපක්ෂ ලක්ෂ එකහමාරකින් දිනුවා. එතකොට තක්කඩි වැඩක් කරලා තමයි රටේ නායකයා වුණේ.
​එතකොට ඒ දීපු ඩොලර් මිලියන දෙක... උතුරේ ඡන්දදායකයෝ නවත්තන්න මට බැසිල් රාජපක්ෂ... එයාගේ මම කටියෙන් කිව්වේ. නමුත් ටිරාන් අලස් මාධ්‍යයට ඕක කතාව කිව්වා. මොකද ටිරාන් අලස් එතන ඉඳලා තියෙනවා ඒ ගනුදෙනු කරන කාලේ. ටිරාන් අලස්, මංගල සමරවීර හිටියා මහින්දත් එක්ක. ඊට පස්සේ තමයි එතනින් අයින් වුණේ ඒගොල්ලොන්ගෙන්.

​ඒගොල්ලොන්ගෙන් ඇහුවා මේගොල්ලෝ... එමිල් කාන්තන් කියන පුද්ගලයා හරහා තමයි මේගොල්ලෝ ප්‍රභාකරනුත් එක්ක ගනුදෙනු කරේ. එතකොට ප්‍රභාකරන්ට ඒගොල්ලෝ ඉල්ලීමක් කරලා තියෙනවා "උතුරේ ඡන්ද දාන එක නවත්තන්න" කියලා. එතකොට ප්‍රභාකරන් කියලා තියෙනවා "හරි අපි ඒක කරන්නම්. අපටත් ඕගොල්ලොන්ගෙන් යමක් කෙරෙන්න ඕනේ." එතකොට මේගොල්ලෝ අහලා තියෙනවා "මොනවද අපි කරන්න ඕනේ?" එතකොට කියලා තියෙනවා "මැලේසියාවේ තියෙනවා අපේ මුහුදු කොටි අරන් ගත්ත බෝට්ටු. ඒ බෝට්ටු ගන්න අපට ඩොලර් මිලියන දෙකක් ඕනේ" කියලා.

​ඒ බෝට්ටු කියන්නේ ඔය ඩෝරා වගේ බෝට්ටු. ඒවයින් ගහලා තමයි අපේ ඩෝරා 10ක් මිනිස්සු එක්කම... ඒ කියන්නේ නාවික සෙබළු 150කුත් එක්ක හතරවෙනි ඊළාම් යුද්ධයේදී ගිලුණේ, ඔය මහින්ද රාජපක්ෂ දුන්න ඩොලර් මිලියන දෙකෙන් ගත්ත බෝට්ටු වලින් ගහලා තමයි. නාවික හමුදාවේ කීර්තිමත් ඩෝරා ස්කොඩ්‍රන් එකේ තුනෙන් දෙකක් ඉවර වුණේ. ඉතුරු වුණේ ඒගොල්ලොන්ට අන්තිම කාලය වෙනකොට මම හිතන්නේ ඩෝරා පහක් විතර. හැබැයි ඉතින් පුතාත් දැම්මා නේවි එකට. පුතා ඉතින් ඩෝරෙකට නැගල නැහැනේ කවදාවත්. අන්තිමට මිනිස්සු ගහන්න එනකොට, මරන්න හදනකොට ගිහිල්ලා හැංගුණෙත් නේද කෑම්ප් එකක නේවි එකේ? හැබැයි ද්‍රෝහි වුණෙත් වැඩියෙන්ම ද්‍රෝහි වුණේ නාවික හමුදාවට.

​එතකොට ඒ මුදල් වලින් ඒගොල්ලන්ගේ මුහුදු කොටි ශක්තිමත් වුණා. ඊට පස්සේ සටන් විරාමය දුන්නාම 2002 ඉඳලා යුද්ධය පටන් ගන්නකන් අවුරුදු හතරක් ඒගොල්ලොන්ට අවසර දුන්නනේ බදු ගහන්න? A9 එකේ යනකොට සල්ලි අය කරන්න, මිනිස්සුන්ගෙන් ඒගොල්ලොන්ට යාන්ත්‍රණයක් තිබ්බානේ... ඒ හැම එකෙන්ම කරගත්ත සල්ලි වලින් තමයි ඒ කාලේ ඇතුළත ගුවන් යානා ගෙනාවේ. ඒ කාලේ ඒගොල්ලොන්ට වරායෙන් බඩු ගෙනැල්ලා ඒ පැත්තට ගෙනියන්න අවසර දීලා තිබුණා. ඒ කන්ටේනර් චෙක් කරන්න තහනම් කරලා තිබුණා ඒ කාලේ උතුරට යන කන්ටේනර් එහෙම වවුනියාවෙන් ගෙනියනකොට. ඒ වගේ තමයි ගුවන් යානා දේවල්, ඒගොල්ලෝ සන්නිවේදන උපකරණ, විශාල අවි ආයුධ, පොඩි අවි ආයුධ නෙමෙයි, ලොකු අවි ආයුධ ඔක්කොම නැව් වලින් ගෙනැල්ලා ඒගොල්ලෝ බෑවා මුලතිව් පැත්තේ. එහෙම ඒ අවි ආයුධ අටවලා... ඒවානේ යුද්ධ කාලයෙත් අහුවෙලා විනාශ කරේ.

​ඒ විනාශ කරපු නැව් නවයයි නාවික හමුදාවෙන්. එයින් හතක් ගැන බුද්ධි තොරතුරු දුන්නේ මගේ බුද්ධි අංශය. ඒවා කරන්න ගියොත් කියන්නෙ නෑ කුහකකමට. එකක් දුන්නා බටහිර රටකින්. එකක් දුන්නා මේ කලාපයේ රටකින්. අනිත් හතම දුන්නේ අපි ඒගොල්ලන්ගේ සැටලයිට් ටෙලිෆෝන් මොනිටර් කරලා, හරියට නැව තියෙන තැන, එන වෙලාව ඔක්කොම අපි දුන්නා අපේ බුද්ධි අංශ වලින්. එතකොට තමයි ගිහිල්ලා මේගොල්ලෝ...

​අර චින්න අයියට පින් සිද්ධ වෙන්න, චින්න අයියා කියන්නේ හොඳ නිලධාරියෙක් නාවික හමුදාවේ. එයා තමයි ඒ දිගටම ගිහිල්ලා කිලෝමීටර් 1200ක් විතර ගිහිල්ලා ඒ වැඩේ කරේ.
නිවේදක: ජාත්‍යන්තර මුහුදේ, ඕස්ට්‍රේලියාවට ළඟයි.
සරත් ෆොන්සේකා: ඔව්. හැබැයි අන්තිමට මෛත්‍රීපාල සිරිසේන එයාටත් ද්‍රෝහි වුණා. මෛත්‍රීපාල සිරිසේන මාස දෙකෙන් නාවික හමුදාපතිකමෙන් අයින් කරා. ද්‍රෝහියෝ කොතනද නැත්තේ?

​නිවේදක: විශේෂයෙන්ම අපි දන්නවා මුතාලිෆ් ඝාතනය. ඒ ඝාතනය සඳහා ඔත්තුව ලබා දීලා තියෙන්නේ යුධ හමුදාවේ හිටපු මේජර්වරයෙක්. ඔබතුමා පෞද්ගලිකවම ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු, පරීක්ෂණ පැවැත්වූ පොලිස් පරීක්ෂකවරයට පෞද්ගලිකව කතා කරලා කියනවා "මුතාලිෆ් ඝාතනයට මේ පුද්ගලයා සම්බන්ධයි, ඔහු වහාම අත්අඩංගුවට ගන්න" කියලා. ඒ වගේම මුතාලිෆ් කියන්නේ ලංකාවේ බුද්ධි අංශයට හිටපු හොඳ නායකයෙක්. තොරතුරු රැසක් අනාවරණය කළ කෙනෙක්. ජෙනරල් පාරමී කුලතුංග රණවිරුවාගේ ඝාතනය ගැන ඔබතුමන් පිටිපස්සෙම හිටියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට. ඒ වගේම ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් මෙහෙයවා ඔවුන් අල්ලාගන්නවා. ඒ පරීක්ෂණ පහු කාලේ යනකොට යට ගියා. යුධ හමුදාවෙත් හිටියා පාවා දෙන අය මේ සිංහල ජාතිය. පාවා දෙන අය හිටියා.
සරත් ෆොන්සේකා: දැන් මට ප්‍රහාරය එල්ල කරන්න ඉස්සෙල්ලා හමුදා මූලස්ථානය ඇතුළත... ඔය අහු ඒගොල්ලෝ අහුවුණා. ඒ මේජර් මම හිතන්නේ වැලිකඩ මිය ගියා පස්සේ, අපූරු අමාරුවක් හැදිලා. මම වැලිකඩ ඉන්නකොටත් එයත් හිටියා. එයා එල්ටීටීඊ බුද්ධි අංශ කට්ටිය, පොට්ටු අම්මාන්ගේ කට්ටිය යුධ හමුදා මූලස්ථානය වටේ අරන් ගිහිල්ලා තිබුණා, කීල්ස් එක පැත්තෙන්, එලිෆන්ට් හවුස් පැත්තෙන්, ඒ වටෙන් බේරේ එහා පැත්තෙන්, ගුවන්විදුලි පැත්තෙන්. ඒවා එක්ක ගිහිල්ලා ඔක්කොම ඒගොල්ලොන්ට අර GPS වලින් ලොකේෂන් ගන්න... මගේ ගෙදර ලොකේෂන් පවා එල්ටීටීඊ එක අරන් තියෙනවා ඒ විදිහට.

​නිවේදක: එහෙම යුද්ධය ඉවර කළ සෙන්පතියාව 2010 දී අත්අඩංගුවට ගන්නවා. නාවික හමුදා මූලස්ථානයේ තමයි රඳවා පවත්වාගන්නේ. එතන හිටපු රණවිරුවන්ට පවා ඔබතුමන්ට උත්තමාචාර දක්වන්න එපායි කියලා තිබුණා. පුංචි කාමරයක, අඩි 10 x 10 වගේ කාමරයක...

​සරත් ෆොන්සේකා: මාව මාස අටක් තියාගෙන හිටියා රිමාන්ඩ් එකේ. දැන් කාලේ නම් සති දෙකක් තියන් හිටියොත් මැරෙන්න හදනවනේ, පෑන් කියලා. මහින්ද රාජපක්ෂලා මාව නඩු මුකුත් නැතුව නිකන් මාස අටක් හිර කරන් හිටියා එතන. එතකොට ඒ කාලේ නීතිය තිබුණෙත් නැහැ, සාධාරණය තිබ්බෙත් නැහැ අපේ. නීතිඥයෝ ගියා උසාවි වලට. හැබැයි උසාවි වලින් සාධාරණය අපට ඉෂ්ට වුණේ නැහැ. ඒ අධිකරණ වලින්. එතකොට විනිසුරුවරු පණ බයේ හිටියේ මහින්ද රාජපක්ෂට, නැත්නම් උසස්වීම් හම්බ වෙන්නේ නැති හින්දා.
​එතකොට මාස අටක් රිමාන්ඩ් කරන් හිටියා කිව්වම, මහින්ද රාජපක්ෂගේ පුද්ගලික නියෝග මත යුධාධිකරණ පැවැත්තුවා. ඒ නියෝග අත්සන් කරේ මහින්ද රාජපක්ෂ. වැරදි කරා කියලා නියෝගය අත්සන් කරෙත් මහින්ද රාජපක්ෂ. හිර දඬුවම මෙච්චරයි කාලයයි දඬුවම කියලා ඒ නියෝගය අත්සන් කරෙත් මහින්ද රාජපක්ෂ. ඒ පළිගැනීමේ ප්‍රමාණය එහෙමයි, එච්චර දුරට පුද්ගලිකව පළිගත්තා.
​නමුත් දැන් මේ දවස්වල අපට ඇහෙනවා කඳිරි ගානවා, "අපේ මිනිස්සුන්ගෙන් පළිගන්නවා", "අපට හිරිහැර කරනවා", "රණවිරුවන්ගෙන් පළිගන්නවා" ඒ වගේ කතා. නමුත් ඒ කාලේ පළිගත්ත හැටියෙ ඉතින් ඒවා පස්සේ දුවන්න තරම් මට නම් දැන් වෙලාවක් නැහැ, අවශ්‍යතාවක් නැහැ. මම හිතන්නේ කරපු මිනිස්සුන්ට මේ කාලේ අපි දකිනවා, ස්වභාවධර්මය දඬුවම් කරනවා එක පැත්තකින්.

​දැන් මාවත් අත්අඩංගුවට අරගෙන ගිහිල්ලා නේවි කෑම්ප් එකේ දාපු එක්කෙනා, එයාගේ කන්ස්ට්‍රක්ෂන් එකක් කරන සයිට් එකේම, එයාගේම දොඹකරයක් ඔලුවට කඩන් වැටිලා තමයි එයා මැරුණේ. වෙන කවුරුත් මුකුත් කරලා නෙමෙයි, හමුදාවෙ ඉන්දෙද්දි. ඉතින් ඒ ඔක්කොටම ස්වභාවධර්මය දඬුවම් කරනවා. මේ කාලෙත් අපි දකිනවා නේද දඬුවම් ප්‍රමාණය සැර කොච්චරද කියනවානේ. ඉතින් දෙපැත්තෙන් අල්ලන් එල්ලන්න ඕනේ.
නිවේදක: උතුරේ දමිළ තරුණයා නිදහසේ මදහස අද භුක්ති විඳිනවා. ඒ වගේම දකුණත් අද ශක්තිමත්. ඔබතුමා 2010 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙනවා. ඉන් අනතුරුව ඔබතුමාව පාර්ලිමේන්තුවට නියෝජනය කරනවා. ඇයි 2010දී ජයග්‍රහණය කරන්න බැරි වුණේ? මේ යුද්ධය ජයග්‍රහණය කළ ජනතා නායකයා, රණවිරුවා, වීරයා, යුධ වීරයා, ඇයි සිංහල දමිළ මේ ප්‍රජාව ඔබතුමාව මගහැරියේ?

​සරත් ෆොන්සේකා: දමිළ ප්‍රජාව මාව මගහැරියේ නෑ. උතුරේ ඡන්ද වලින් මට ලක්ෂ ගාණක් ඡන්ද වැටිලා තිබුණා. ඊට මාස හතරකට පස්සේ මහා ඡන්දෙ තිබ්බම ද්‍රවිඩ සන්ධානයට ඡන්ද වැටිලා තිබුණේ 85,000යි. එතකොට ද්‍රවිඩ සන්ධානයට ඡන්දෙ දුන්නා වගේ දෙගුණයක් මට දුන්නා ද්‍රවිඩ ජනතාව ඡන්දය.

​නමුත් දකුණේ ජනතාව ඡන්දෙ දුන්නා, ඡන්ද මංකොල්ල කෑවා. ඡන්ද මධ්‍යස්ථාන වලට පහර දීලා, නියෝජිතයෝ එළවලා, හොර ඡන්ද දාලා, විරුද්ධ පක්ෂයේ නියෝජිතයෝ වෙනුවටත් මේගොල්ලොම තමයි අත්සන් කරේ. ගම්පහ ඡන්ද ගණන් කරේ නෑ. ඒ ඒ ඡන්ද මධ්‍යස්ථාන වලට ආපු ජේවීපී නියෝජිතයෝ දවස් තුනකට පස්සේ ඉස්පිරිතාලේ හැංගිලා ඉඳලා හොයාගත්තේ. ඡන්ද කොළ තිබුණා පාරේ ටවුමේ කාණුවල එහෙම. මාතලේ ගණන් කරේ නෑ, අනුරාධපුරේ ගණන් කරේ නෑ, කුරුණෑගල ගණන් කරේ නෑ, නුවර ගණන් කරේ නෑ, රත්නපුරේ ගණන් කරේ නෑ... ඒ වැඩියෙන්ම ඡන්දය තිබුණ තැන් තමයි තැන්වල.
​එතකොට ඒ ඡන්දය 2005 ඡන්දය වගේම බොරුවක් කරලා... මැරබලයෙන්. මැතිවරණ කොමසාරිස් හැංගිලානේ ජීවත් වුණේ ඊට පස්සේ. තවම ගියපු තැනක් කවුරුවත් දන්නේ නෑනේ. ටීවී එකටවත් ආවේ නැහැනේ එයා ප්‍රතිඵල කියනකොට. යුනිෆෝම් නිල ඇඳුම් ඇඳපු අය පිටිපස්සෙන් එහාට මෙහාට ඇවිදිනවා අපි දැක්කනේ ටීවී වල? එහෙම වෙන්න බෑනේ මැතිවරණ කොමසාරිස් කාර්යාලය ඇතුලේ ඡන්දයක් වෙලාවට නිල ඇඳුම් ඇඳපු මිනිස්සු. ඩියුටි නැහැ පොලීසියේ අය පවා, සීල් එකෙන් ඉන්නේ ඒවා. ඒ ඔක්කොම මැර බලයෙන් සහ හමුදාවේ ඒගොල්ලොන්ගෙ හිටපු හෙංචයියෝ ටිකත් එක්ක එකතු වෙලා, හමුදාව පාවිච්චි කරලා, මැතිවරණ කොමසාරිස්ට තුවක්කුව තියලා ඔලුවට, ඒ වගේ කරලා තමයි ඒගොල්ලෝ දිනුවේ. දිනුවා කියලා ඒක ලියාගත්තේ.

​නමුත් මගේ රැස්වීම් වල හිටපු සෙනඟ අනුව මම හිතන්නේ ඒක අලුත් වාර්තාවක්. මම ජනාධිපතිවරණ රැස්වීමක් කතා කරන්න මහරගම, ඊට කලින් සැරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තිබ්බේ මහරගම, ඡන්ද 35,000යි මට තිබුණා මගේ ඡන්ද 35,000ක්. එතකොට මේගොල්ලොන්ට දාගෙන තිබුණා 75,000ක්. ඒ ප්‍රතිඵල ආයෙ කොහොමද කියලා හිතන්නත් බැහැ. මහරගම රැස්වීමට මාව ඇතුලට ගෙනියන්න පොලීසියට ගියා විනාඩි 45ක්. මාව ගෙනාවේ අර පිටිපස්ස පැත්තේ තාප්ප ගේට්ටු වැටවල් එහෙම කඩලා. පාරෙන් ගේන්න බැහැ. හයිලෙවල් රෝඩ් එකේ වාහන යන්න බැහැ.

​ඊට පස්සේ මම මෛත්‍රීපාල සිරිසේනගෙයි සජිත්ගෙයි දෙන්නගෙම රැස්වීම් කතා කරා මහරගම ජනාධිපතිවරණ. එතකොට හයිලෙවල් රෝඩ් එකේ නිකන් බස් යනවා ඒ රැස්වීම් වල. නමුත් මෛත්‍රීපාල සිරිසේන ඒත් දිනුවනේ? මගේ රැස්වීම් වල හැම එකේම ප්‍රදේශයේ DIG ලා ඩියුටි ඇවිල්ලා හිටියා. අනුරාධපුර රැස්වීමට මට තාම මතකයි DIG ලා දෙන්නෙක් හිටියා. නමුත් මේ රැස්වීම් වල... මෛත්‍රීපාල සිරිසේනගේ, සජිත්ගේ එහෙම සමහර තැන්වල OIC වත් නෑ. එච්චරට ජනතාවගේ උද්‍යෝගයක් තිබුණේ, ජනතාවගේ සහයෝගයක් තිබ්බා.

​නිවේදක: අපට මේ රටේ විදේශ බලපෑම් වැඩියි, ආක්‍රමණ වැඩියි. ඉංග්‍රීසි, පෘතුගීසි, ලන්දේසි මේ සියල්ලක්ම අපේ රටට ආක්‍රමණය කළා, කාලිංග මාඝ... ඒ වගේම ත්‍රස්තවාදය ක්‍රියාත්මක වුණා මේ රටේ. ඒ තරම්ම විදේශිකයන්ට පේන රටක්. ඉදිරි කාලයේදී යුද්ධයක් ඇතිවෙයිද?

සරත් ෆොන්සේකා: මේ දේශපාලනඥයෝ... මේ ආණ්ඩුව ගැන නෙමෙයි මම කියන්නේ, යුද්ධයෙන් පස්සේ පාලනය කරපු අයත් ඇතුළුව... ඒ වගේ දේශපාලනඥයෝ, නායකයෝ හිටියොත් අනිවාර්යයෙන්ම ද්‍රවිඩ ජනතාවගේ අසහනයෙන් පෙළෙන පිරිසකුත් ඉතුරුවෙයි. මොකද මේගොල්ලෝ ජීවත් වෙන හැටි දැක්කම මහා ජනතාවට සේවයක් වෙන්නේ නැහැනේ. දෙමළද කියලා වෙනසක් නැහැනේ. එතකොට මෙහේ තරුණයෝ ත්‍රස්තවාදී ක්‍රියාවලට පෙළඹුණා වගේ, අරගොල්ලොත් පෙළඹුණා... මෙහෙත් තිබුණා, එහෙත් තිබුණා.
​එතකොට මේ වගේ දේශපාලනයක් කරොත්... මේ ආණ්ඩුව ගැන අපි තාම විවේචනයකට යන්නේ නෑ. අපට තාම වේලාසන වැඩියි මේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය ගැන කතා කරන්නත්. කලින් තිබුණ අය, 2024 වෙනකන් හිටපු අය ගැන කතා කරොත්, ඒ වගේ නායකයෝ මේ රට පාලනය කරොත් අනිවාර්යයෙන්ම නැවතත් මේ රට දියුණුවක් කරා ගමන් කරන්නේ නැහැ. ආපහු අර ත්‍රස්තවාදයෙන් බැටකන්න, මිනිස්සුන්ට නොකා නොබී ඉන්න වෙනවා.
​මිනිස්සු දැන් තමුන් වහන්සේලා මෙතනට අද ආවට දැන් කාර් එකෙනෙ ආවේ, කොච්චර නම් කියලා දඟලන්නේ නැද්ද ඔය කාර් එකට ඩීසල් ටික හරි පෙට්‍රල් ටික හරි ගහගෙන, බැලන්ස් කරගෙන එන්න, මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන එන්න? වෙන දෙයක් ඕනේ නැහැ, සපත්තුවක් ගන්න, කලිසමක් ගන්න, ඒ ඔක්කොම බැලන්ස් කරලා කොච්චර හිතලාද කරන්නේ? ඒ වගේ දුප්පත් රටක අපි ඉන්නේ. එතකොට ඒ තත්ත්වයෙන් ගොඩ එන්න හම්බවෙන්නේ නැහැ අර වගේ නායකයෝ හිටියොත් කවදාවත්.

​මේ නායකයෝන්ට විශාල වගකීමක් තියෙනවා. අපි ජනතාව බලාපොරොත්තු වෙනවා මේ කට්ටිය ඒ තත්ත්වය වෙනස් කරයි කියලා. වෙනස් කරොත් හොඳයි, නොකරොත් ඉතින් අපි ආපහු පරණ විදියටම ඉඳීවි. හැමදාම මේ රටේ ඩොලර් 3500යි ඒක පුද්ගල ආදායම. අර ලෝකේ අනිත් රටවල් වල 25,000යි, 50,000යි, ලක්ෂයයි. අපි හිටපු තැනම ඉන්නවා.

​නිවේදක: 30 වසරක ශාපලත් යුද්ධය... "සිඟන්නාගේ තුවාලය" කියලා කිව්වේ. අලිමංකඩට ගියොත් පාමංකඩ එහෙමත් ඇතැම් අය කිව්වා. එහෙම යුගයක් පසුකළේ යුද හමුදාපතිවරු රැසක් නායකත්වය දුන්නා යුධ හමුදාවට. ඒ වගේම අපි දන්නවා ජනකයන් රැසක්, ජනාධිපතිවරු රැසක් මේ යුද්ධය සඳහා පවතින කාලය තුළදී නායකත්වය ලබා දුන්නා. නමුත් යුද්ධය හමාර කරන්න බැරි වුණා. ඔබතුමාත් ඒ වගේම හිටපු ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහත්මාත් එකට එක්වීමද මේ යුධ ජයග්‍රහණයට හේතුව?
සරත් ෆොන්සේකා: හිටපු හමුදාපතිවරු, හිටපු ජනාධිපතිවරු ගැන කතා කරොත්... ඒ හිටපු හමුදාපතිවරුන්ගෙන් හුඟක් අය පොඩි කාලේ... ඒ කියන්නේ දැන් 25කට අණ දෙන කාලේ, 100කට අණ දෙන කාලේ, එහෙම නැත්නම් ඔය බලඇණියකට 500කට අණ දෙන කාලේ වගේ කාලවල යුද්ධයක් තිබ්බේ නෑ. එතකොට ඒක හින්දා ඒගොල්ලොන්ට...
​දැන් අපට ප්‍රභාකරන් ඉස්සෙල්ලම දොරවක් පටන් ගත්තේ... වෙඩි තිබ්බේ යාපනයේ, 1975දි. ඒ වෙඩි තිබ්බේ එදා මාදගල්. ඒ වෙලේ මාදගල් භාරව හිටියේ මම, ලුතිනන් කෙනෙක් හැටියට. අපේ රාජකාරිය තිබ්බේ මුහුදෙන් ගොඩ බහින කල්ලතෝනි එන එක නවත්තන්න විතරයි. ඒ වෙඩි තියපු කෝවිල මගේ කඳවුරේ ඉඳලා කිලෝමීටර් දෙකක් විතර ඈතින්. මම හිතන්නේ අපි ගොඩබිම රාජකාරි කරේ නෑ.

​ඊට පස්සේ පළවෙනි සෝල්ජර්ට ප්‍රභාකරන් වෙඩි තිබ්බේ 79දි... පළවෙනි වතාවට සෝල්ජර් කෙනෙකුට වෙඩි තියපු එදා මමයි යාපනය පොලිසියට රාජකාරී භාර මේජර් මම තමයි කොටුවෙ හිටියේ. අර අපේ තිබුණා කෝඩ් එකක්, ඒක කියලා වහාම ස්ථානගත වෙන්න අරවා මේවා, ඒ නියෝග දෙන්න වුණේ මට. ඉතින් ඒ විදිහට අපි මේ යුද්ධය එක්කම හැදිච්ච කට්ටිය. එතකොට ඒ වාසිය මට තිබ්බා. මට කලින් හිටපු හමුදාපති යුද්ධ කාලේ තමයි, මගේ බැච් එකේමයි. නමුත් එතුමා සේවා කාලයෙන් මම හිතන්නේ හතරෙන් තුනක් විතර හිටියේ බුද්ධි අංශ වල, අර පොලීසියත් එක්ක CID ද මොකක්ද එකෙත් හිටියා එතුමා.
​නමුත් මම පාබල හමුදාවත් එක්ක දිගටම යුද්ධයේ හිටියා. හැම මෙහෙයුමකම හිටියා. කොඩිකාමම් කරපු මෙහෙයුම් වලයි ඔය ඔක්කොම හමුදාපතිවරු යටතේ කරපු හැම මෙහෙයුමේම හිටියා වඩමාරච්චි ඇරෙන්න. වඩමාරච්චියේ හිටියා නම් මාත් මෙලහකට මැරිලා. මොකක්ද වඩමාරච්චි කියන්නේ? සම්පූර්ණ අසාර්ථක මෙහෙයුමක්. පැයකින් ඉවරයි. මෙහෙම ඉස්සරහම ගියපු ඔක්කොම ටික 30 දෙනෙක් දුවද්දි මැරුණා. ඊට පස්සේ මෙහෙයුම ඉවරයි. ඒ වගේ එකක හිටියා නම් අපි මම හොඳ වෙලාවට ඒ අවුරුද්දේ පිට රටේ හිටියේ. නැත්නම් අනිවාර්යයෙන් ඕක අස්සට යන්න වෙනවා.

​ඒ අර අනිත් හැම මෙහෙයුමෙන්ම මම ඉඳලා තියෙනවා. ඉතින් අපට පළපුරුද්ද අනුව මම සටන් මෙහෙයව්වේ මගේ අත්දැකීම් අනුව හදාගත්ත සංකල්පයකට. නමුත් අපිත් ඔය පොත් වල තියෙන ඒවා, දෙවෙනි ලෝක යුද්ධයේ පොත්, විදේශ වලට ගිහිල්ලා ඇමෙරිකාවේ, එංගලන්තේ, ඉන්දියාවේ, පකිස්ථානේ, ඕස්ට්‍රේලියාවේ හැමතැනම මම පුහුණු වෙලා තියෙනවා... ඒ උගන්නපු අය එකක්වත් මම කරන්න ගියේ නැහැ. හිටපු හමුදාපතිවරුයි, හිටපු ඔය ඉතා දක්ෂයි කියන ජෙනරාල්ලා පවා කරන්න ගියේ අර පොත් වල තියෙන ඒවා. ඒ පොත් වල තියෙන ඒවා තමයි ඒගොල්ලෝ කරන්නේ.

​ප්‍රශ්නේ තියෙන්නේ, ඒ පොත් තියෙනවා ප්‍රභාකරන් ගාවත්. ඒ පොත් ගන්න පුළුවන් සල්ලි වලට ඕන තැනකින්. එතකොට ප්‍රභාකරනුත් දන්නවා "මේ හමුදාව මෙතනින් මෙතනින් එළියට එන්න හදනවා නම්, කොහොමද මේගොල්ලෝ එන්නේ? මේගොල්ලෝ ඉස්සරහට එන්නේ කොහොමද? මේගොල්ලෝ දකුණට යන්නේ කොහොමද? වමට යන්නේ කොහොමද? මොනවද මේගොල්ලෝ කරන්නේ? අවි ආයුධ කොහොමද පාවිච්චි කරන්නේ?" අරයා දන්නවානේ.

​නමුත් මම අලුත් සංකල්පයක් හැදුවා මගේ අත්දැකීම් අනුව. මම දැනගෙන හිටියා එල්ටීටීඊ එකේ දක්ෂතාවයන් ගැන. මම දැනන් හිටියා එල්ටීටීඊ එකේ දුර්වලකම් ගැන. අපේ මිනිස්සුන්ගේ දුර්වලකම් ගැනත් මම දැනන් හිටියා. අපේ මිනිස්සුන්ගේ හැකියාව ගැනත් දැනන් හිටියා. ඒ අනුව කල්පනා කරලා මම වෙනම අලුත් සංකල්පයක් හැදුවා 'විශේෂ පාබල මෙහෙයුම්' වගේ ඒවා ඔය කැලේ ඇතුලේ. මම ඉස්සෙල්ලා කිව්වා කුඩා කණ්ඩායම් 10ක් විතර එකපාරට ඇතුලට දාන... ඒ ඔක්කොම කවුරුවත් ලෝකේ කරලා තිබිච්ච දේවල් නෙමෙයි ඒවා. ඒ අනුව හදාගත්තු එකට ත්‍රස්තවාදීන්ට මුහුණ දෙන්න බැරි වුණා. අපට ඒක තමයි ජයග්‍රහණයට හේතු වුණේ. මමත් තව අපි ජෙනරාල්ලා, අපි මේජර්ලා කාලෙත් අපි කරේ අරගොල්ලොන්ට දෙන නියෝග, ඒගොල්ලෝ කියන විදියට තමයි අපි සටන් කරේ.
​දැන් සමහර මෝඩ මිනිස්සු මම දැක්කා ගෝඨාභයත් එක තැනක අහලා තියෙනවා "මම හමුදාවේ හිටියානේ ගෝඨාභයලා එන්න ඉස්සෙල්ලත්, එහෙනම් ඒ කාලේ මට යුද්ධය ඉවර කරන්න තිබුණානේ?" ඉතින් මම හමුදාපතිත් නෙමෙයිනේ, ඉන්නේ මම පොඩි මිනිහෙක්නේ. එතකොට ඔය ගෝඨාභය දෙතුන් පාරක්ම ඔය මෝඩ කතාව කියනවා මම දැකලා තියෙනවා. ඒගොල්ලෝ එනකම් මේ හිටියයි, මට බැරි වුණේ මොකද ඊට කලින් ඉවර කරන්න කියලා.

​හැබැයි ඒගොල්ලෝ හමුදාපති වෙනකොට, ජනාධිපති වෙනකොට... 2005 මහින්ද චින්තනය අරගෙන කියවන්න මහින්ද රාජපක්ෂ මොනවද කියලා තියෙන්නේ. "මම යුද්ධය ගැන විශ්වාසයක් නොතබමි. මම ප්‍රභාකරන් මහත්මයා පුද්ගලිකව හමුවෙලා සාම සාකච්ඡා පවත්වලා යුද්ධය සාමයෙන් විසඳගනිමි."

​මාවිල්ආරුව ගිහිල්ලා ගහලා අල්ලනවා කිව්වේ... මම ඉස්පිරිතාලේ ඉඳලා එළියට ආපු දවසට පහුවෙනි දවසේ, මාවිල්ආරුව ඇහුවේ. සිංගප්පූරු ඉස්පිරිතාලේ ඉඳලා මාස එකහමාරක් මට බෝම්බෙ වැදිලා තුවාල වෙලා... මාස තුනක් දියර වර්ග ග්‍රෑම් 100යි විතරයි මට දුන්නේ. මාවිල්ආරුව වහපු 16 විතර තමයි මම කන්න පටන් ගත්තේ. මට මතකයි මම බිත්ති අල්ලගෙන තමයි බාත්රූම් එකට ඇවිදගෙන යන්නේ. මම කිලෝ 89ක් හිටපු මිනිහා, කිලෝ 70කට බරත් අඩු වෙලා. ඇඟේ මස් දිය වෙලා එහෙම තමයි හිටියේ. මම එනකම් ගුවන් තොටුපොළට ආවේ සිංගප්පූරුවෙම රෝද පුටුවේ. කටුනායක බැහැලා ඉවරවෙලා, හැරමිටියක් ගහ ගහ ගිහිල්ලා තමයි යුධ හමුදාවේ ඇම්බියුලන්ස් එකක් ගත්තේ කටුනායකට ඇවිල්ලා. පස්සෙන් තමා තේරුණේ මම යුනිෆෝම් එක ඇඳගෙන ආවා කියලා.
​එතකොට ඒ වෙනකොට මේගොල්ලෝ මාවිල්ආරුවට ගහන්න ප්ලෑන් කරලා තිබ්බේ නැහැ. ගෝඨාභය මට කිව්වා... මම ජූලි මාසේ ආපු ගමන් මට ගෝඨාභය කිව්වා "සරත්, ප්‍රශ්නයක් තියෙනවා මොනවාහරි කරන්නකෝ" කියලා. මම කිව්වා "මොකක්ද ප්‍රශ්නේ?" කියලා. මම දැනගෙන හිටියා මම ටීවී වල එහෙම දැකලා එහෙම. මම ඇහුවම "මේ මාවිල්ආරුවට අපට මුකුත් කරගන්න බැහැ."

​මම ඇහුවා "ඇයි ඒ වැඩ බලන හමුදාපති?" ගෝඨාභයගේ බැච්මේට් හිටියේ මල්ලවාරච්චි කියලා. ගෝඨාභයගේ බෙස්ට්මනුත් එයා. මම ඇහුවා "ඇයි වැඩ බලන හමුදාපති මේ වැඩේට මොකද කියන්නේ?" "එයා කියනවනේ සෙබළු නෑ මුකුත් කරන්න බැහැ" කියලා. පස්සේ මම ත්‍රිකුණාමලේ OIC වෙන... ජෙනරාල් සමරසේකරගෙන් කෝල් එකක් අරන් තත්පර විනාඩි 30ක විතර, ගෝඨාභයට කෝල් එකක් දීලා ආපහු කිව්වා "මම මේක ගහලා අල්ලනවා" කියලා. කියලා ඒ වෙලේ මම ගෝඨාභයට කිව්වා "යාපනයට උදේට, හෙට උදේට නැව් දෙකක් අරින්න කියන්න, යන පාන්දරම එතනින් ගෙන්නවා කමාන්ඩෝ රෙජිමේන්තුවයි විශේෂ බලකා රෙජිමේන්තුවයි පාබල හමුදා රෙජිමේන්තුවයි" ඇවිල්ලා අපි වැඩේට බැස්සා.

​ඊට පස්සේ එතනින් නැවැත්තුවේ නැහැ, මට ආරම්භය දුන්නා. මගේ ඔලුවේ තිබ්බා කවදහරි මම නැගෙනහිරින් පටන් අරගෙන තමයි මේක ගෙනියන්න ඕනේ උතුරට කියලා. පටන් ගන්නත් මගේ ඔලුවේ තිබ්බා ඔය සාම්පූර්, මාවිල්ආරුව ඔය පැත්තෙන් තමයි හොඳම පටන් ගන්න කියලා. ප්‍රභාකරන් ඒ ඔක්කොම ඒ විදිහටම සෙට් කරලා දුන්නේ.

​නිවේදක: යුධ හමුදා ඉතිහාසයේ සතුටු හිතෙනම දවස මැයි 19 වෙනිදා. වේළුපිල්ලේ ප්‍රභාකරන් මිය යන දවස, ජයග්‍රහණය විජයග්‍රහණය දවස. ඒ සතුට හිතෙන දවස. නමුත් දුකකුත් ඇති. ඒ දවස කවදද? එහෙම ඇති යුධ ඉතිහාසයේ...

සරත් ෆොන්සේකා: දුක හිතිච්ච අවස්ථා කීහිපයක් තියෙනවා. මේ එදා තමයි වැඩියෙන්ම දුක හිතුණේ කියලා නෙමෙයි. දැන් උදාහරණයක් හැටියට මුලතිව් වල අපේ සෙබළු 1000 ගාණක් මම හිතන්නේ නැති වුණා. එතකොට අපිට ඒවා පසුබෑම් හැටියට බොහොම කම්පා වෙච්ච සිදුවීම්.

​ඊළඟට අලිමංකඩ වැටෙනකොට, මම යාපනයේ ආඥාපති වෙලා හිටියේ. එතකොට අලිමංකඩ දාලා එන්න පටන් අරගෙන කට්ටිය. මම ගිහිල්ලා පලාලි වලින් බැහැලා භාර ගන්නකොට... ඒ මම ගිහිල්ලා දාපු ඩිෆෙන්ස් ලයින් එක තමයි අන්ත 
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka