අග විනිසුරුවරයා විසින් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන් වීම සම්බන්ධ නඩුව විභාග කිරීම සඳහා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ (Trial-at-Bar) කමිටුවක් පත් කර තිබේ.
මෙම විශේෂ මහාධිකරණ කමිටුවට, නයන සෙනවිරත්න, නලින් හේවාවසම් සහ ලක්මාලි හේවාවසම් යන මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනා අයත් වෙති.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා 2010 ජනවාරි 24 වන දින රාත්‍රියේ අතුරුදන් වූ අතර, එම සිදුවීමෙන් වසර 16ක් ගතව තිබුණද ඔහුගේ මරණය සම්බන්ධයෙන් තහවුරු කරන ලද කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණය වී නොමැති බව වාර්තා වේ.



