gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

මාලදිවයින් ජනපති හා රුසියානු සෞඛ්‍ය ඇමැති දිවයිනට!

මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු නිල සංචාරයක් සඳහා ඊයේ (03) පස්වරුවේ දිවයිනට පැමිණියේය.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනූවයි.

ඊයේ පස්වරු 05.33ට පමණ මාළදිවයිනේ මාළේ නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL-116 දරන ගුවන් යානයෙන් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර ඔවුන් පිළිගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඇතුළු පිරිසකි.

මාලදිවයින් ජනාධිපතිවරයා සමග ජනාධිපති ආර්යා සජිදා මොහොමඩ් හා විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු එරට උසස් නිලධාරීන් කිහිපදෙනෙකු එම සංචාරයට එක්ව තිබේ.

2023 දී බලයට පත්වීමෙන් පසු මාලදිවයින ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ සිදු කරන පළමු සංචාරය මෙය වන අතර මාලදිවයින් ජනාධිපතිවරයාගේ සංචාරය හේතුවෙන් ඊයේ (03) පස්වරුවේ සිට කොළඹ සහ කටුනායක අධිවේගී මාර්ගය ආශ්‍රීතව විශේෂ රථ වාහන සැලැස්මක් ද, ක්‍රියාත්මක කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, අද පස්වරුවේ සිට ලබන 6 වැනිදා දක්වා ඔහු ගමන් කරන මාර්ගවල රථ වාහන ධාවනය අවස්ථානූකූලව සීමා කෙරෙන බවයි.

ඒ වෙනුවට විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය රියැදුරන්ට දැනුම් දෙයි.

මේ අතර රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ ඇතුළු දූත පිරිසක් තුන්දින නිල සංචාරයක් සඳහා ඊයේ උදෑසන දිවයිනට පැමිණියේය.

කටුනායක ගුවන් තොටුපලේදී ඔවුන්ව පිළිගනු ලැබුවේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස්. ජගාර්යන් ඇතුළු පිරිසක්.

රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා සමග එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් 07 දෙනෙකු ද මෙරටට පැමිණ සිටියි.

සංචාරයේදී, රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සහ විදේශ අමාත්‍ය විජිත හේරත් හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි.

දූත පිරිස කොළඹ ජාතික රෝහල සහ කොළඹ වෛද්‍ය විද්‍යාලය නිරීක්ෂණය කිරීමට ද සැළසුම් කර තිබේ.

මේ අතර වියට්නාම ජනාධිපති ටෝ ලැම්, ලබන 07 වැනිදා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

වියට්නාම ජනාධිපතිවරයා ලබන 08 වැනිදා පාර්ලිමේන්තුව ඇමතීමට ද නියමිතයි.

ඔහු ලබන 09 වැනිදා දක්වා මෙරට රැඳී සිටිනු ඇති.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka