මෙම වසරේ (2026) දෙවන සහ තෙවන කාර්තුවලට අදාළ විදුලි ගාස්තු සංශෝධනය අද (09) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අද දිනයේ මේ සම්බන්ධයෙන් වන අවසන් තීරණය නිල වශයෙන් නිවේදනය කිරීමට නියමිතය.
පවතින බලශක්ති පිරිවැය සැලකිල්ලට ගනිමින් මෙම සංශෝධනය සිදු කෙරෙන අතර, මීට පෙර පැවති මහජන අදහස් විමසීම්වලින් අනතුරුව කොමිසම මෙම තීරණයට එළැඹ තිබේ.



