gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ඉන්දියාව බිහිසුණු අවියක් සාර්ථකය අත්හදා බලයි

ඉන්දියාව විසින් දේශීයව සංවර්ධනය කරන ලද ‘ග්ලයිඩ්’ අවි පද්ධතියක ප්‍රථම පරීක්ෂණ පියාසර වාරය සාර්ථකව නිම කිරීමට එරට ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානය සහ ඉන්දීය ගුවන් හමුදාව සමත්ව තිබේ.

ඔඩිෂා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී පසුගිය බ්‍රහස්පතින්දා මෙම පරීක්ෂණය පවත්වා ඇත. ‘TARA’ (Tactical Advanced Range Augmentation) ලෙස නම් කර ඇති මෙම දිගු දුර ප්‍රහාරක කට්ටලය (, සාමාන්‍ය මඟ පෙන්වීමක් රහිත බෝම්බ (Unguided bombs), ඉලක්ක වෙත නිවැරදිව එල්ල කළ හැකි අධි-තාක්ෂණික මඟ පෙන්වන අවි (High-precision guided weapons) බවට පරිවර්තනය කිරීමට සමත් වේ.

හයිද්‍රාබාද්හි පිහිටි ‘Research Center Imarat’ ආයතනය සහ අනෙකුත් DRDO රසායනාගාර එක්ව මෙම පද්ධතිය නිපදවා ඇත. මෙම කට්ටලය සාමාන්‍ය බෝම්බයකට සම්බන්ධ කිරීම හරහා, ගුවන් යානයට ඉලක්කය වෙත සමීප නොවී ආරක්ෂිත දුරක සිට ඉතා නිවැරදිව පොළොව මතුපිට ඇති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ හැකිය.

මෙවැනි අවි පද්ධති දැනට රුසියාව, ඇමෙරිකාව, චීනය, පාකිස්තානය, ඊශ්‍රායලය සහ ප්‍රංශය වැනි රටවල් සතු වේ. ඊශ්‍රායලය විසින් මීට සමාන තාක්ෂණයක් සහිත ‘SPICE’ (Smart, Precise-impact and Cost-effective) නම් අවි කට්ටල දැනටමත් භාවිත කරන අතර, ඉන්දියාව ද මීට පෙර ඩොලර් බිලියන 8.7 ක ආරක්ෂක ගනුදෙනුවක් හරහා ඊශ්‍රායලයෙන් එවැනි පද්ධති ලබාගැනීමට අනුමැතිය ලබා දී තිබුණි.

මෙම ‘ග්ලයිඩ්’ බෝම්බවල ඇති විශේෂත්වය වන්නේ ඒවා ප්‍රහාරක යානයෙන් මුදාහැරීමෙන් පසු පියාපත් දිගහැර ගුවනේ පාවෙමින් (Glide) වැඩි දුරක් ගමන් කර ඉලක්ක වෙත පතිත වීමයි.

රුසියාව ද මෑතකදී කිලෝමීටර් 150 ක් දුරට ප්‍රහාර එල්ල කළ හැකි උසස් මට්ටමේ ග්ලයිඩ් බෝම්බ පද්ධතියක් (UMPB D-30SN) පරීක්ෂා කර ඇති බව වාර්තා වේ.

ඉන්දියාව සිය දේශීය නිෂ්පාදන දැනටමත් සන්නද්ධ බලකායන් වෙත ලබාදීම ආරම්භ කර ඇති බව DRDO සංවිධානය වැඩිදුරටත් සඳහන් කළේය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka