වවුනියාව, මාරම්බයිකුලම් ප්‍රදේශයේ සුසාන භූමියක මීට මාස තුනකට පමණ ඉහතදී මිහිදන් කර තිබූ තරුණයෙකුගේ මෘතදේහයක් කිසියම් පිරිසක් විසින් නැවත හාරා, එහි හිස කොටස පමණක් රැගෙන යාමේ අභිරහස් සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
සුසාන භූමිය ආශ්‍රිතව පැතිර ගිය දැඩි දුර්ගන්ධයක් හේතුවෙන් සිදුකළ සොයාබැලීමකදී මෙම කම්පන සහගත සිදුවීම අනාවරණය වී ඇති අතර, මේ සම්බන්ධයෙන් මියගිය තරුණයාගේ ඥාතීන් විසින් වවුනියාව පොලිසියට නිල වශයෙන් පැමිණිලි කර ඇත.
ඒ අනුව, වවුනියාව අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාළ සැකකරුවන් සහ මෙම අමානුෂික ක්‍රියාවට හේතුව සොයා මේ වනවිටත් පුළුල් විමර්ශනයක් මෙහෙයවමින් පවතී.



