ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම ඊයේ (5) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ LP ගෑස් මිල ඉහළ දමා තිබේ.
කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක මිල රුපියල් 308 කින් ඉහළ නංවා රුපියල් 1,910 ක් ලෙස දක්වා ඇති අතර, කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරයක මිල රුපියල් 140 කින් ඉහළ නංවා රුපියල් 890 ක් ලෙස දක්වා ඇත.
සංශෝධිත මිල ගණන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම නිවේදනය කළේය.



