gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

රටම එකට’ මෙහෙයුමෙන් කුඩු ජාවාරමුන්ගේ මිලියන 3,270ක දේපළ තහනම් කරයි

වත්මන් ආණ්ඩුව බලයට පත්වූ 2024 වර්ෂයේ සිට මේ දක්වා ගෙවුණු කාලය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ රුපියල් මිලියන 3,270ක දේපළ තහනම් කිරීමට පියවර ගෙන තිබේ. මෙම (2026) වසරේ මුල් මාස හතරේදී පමණක් පුද්ගලයන් 08 දෙනකුට අයත් රුපියල් මිලියන 170ක දේපළ තහනම්කර ඇත.

විදේශයන්හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 29 දෙනකු මෙරටට ගෙන්වා ගැනීමටත්, තවත් 89 දෙනකුට රතු නිවේදන (Red Notices) නිකුත් කිරීමටත් මේ කාලය තුළ කටයුතු කර තිබේ. ‘රටම එකට’ ජාතික මෙහෙයුමට අදාළව මෙතෙක් අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් ඊයේ (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහිදී මෙම තොරතුරු අනාවරණය විය.

එම මාධ්‍ය සාකච්ඡාවට මාධ්‍ය ප්‍රකාශක, ශ්‍රී ලංකා යුද හමුදා කමාන්ඩර් බ්‍රිගේඩියර් වරුණ ගමගේ, මාධ්‍ය ප්‍රකාශක, ශ්‍රී ලංකා නාවික හමුදාව ගෲප් කැප්ටන් බුද්ධික සම්පත්, මාධ්‍ය ප්‍රකාශක, ශ්‍රී ලංකා ගුවන් හමුදාව නලින් වැවකුඹුර , මාධ්‍ය ප්‍රකාශක, ශ්‍රී ලංකා පොලීසිය සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ.කේ.වුට්ලර්, මාධ්‍ය ප්‍රකාශක, ශ්‍රී ලංකා රේගුව චන්දන පුංචිහේවා මහත්වරු එක්ව සිටියහ.

‘රටම එකට’ ජාතික මෙහෙයුම 2025 ඔක්තෝබර් මස 30 වැනි දින ආරම්භ කරන ලදි. මෙම මෙහෙයුමේදී නාවික හමුදාව සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනු ලබයි. මුහුදු මාර්ග ඔස්සේ මෙරටට මත්ද්‍රව්‍ය ඇතුළුවීම වැළැක්වීමට පැය 24 පුරාම වෙරළ තීරය සහ ගැඹුරු මුහුද ආවරණය වන පරිදි මෙහෙයුම් ක්‍රියාත්මක කරයි. නාවික හමුදා දත්තවලට අනුව, 2025 වර්ෂයේදී පමණක් හෙරොයින්, අයිස් හා කොකේන් මත්ද්‍රව්‍ය වර්ග පමණක් රුපියල් බිලියන 76කට අධික වටිනාකමකින් අත්අඩංගුවට ගෙන ඇත. 2026 වසරේ මුල් මාස තුනේදී තවත් රුපියල් බිලියන 25ක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට ඔවුන් සමත්ව තිබේ. 2026 වසරේ මේ දක්වා කාලයේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බහුදින ධීවර යාත්‍රා 09ක් හා සැකකරුවන් 49 දෙනකු අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට පමුණුවා ඇත. ශ්‍රී ලංකා පොලීසිය, විශේෂ කාර්ය බළකාය සහ බුද්ධි අංශ ඒකාබද්ධව ක්‍රියාත්මක කළ මෙහෙයුම් හරහා පසුගිය මාස පහ තුළ සැකකරුවන් ලක්ෂයකට (100,000) අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙහිදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 1,071ක්, අයිස් කිලෝ ග්‍රෑම් 938ක් සහ මත්පෙති ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇත.

මෙම මෙහෙයුමේ තවත් සුවිශේෂී අංගයක් වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් උපයාගත් නීති විරෝධි වත්කම් තහනම් කිරීමයි. ඒ අනුව 2024 සහ 2025 වසරවලදී රුපියල් මිලියන 3,100කට අධික වටිනාකමකින් යුත් රන් ආභරණ, මුදල්, යාන වාහන සහ ඉඩම් ඇතුළු දේපළ තාවකාලිකව තහනම් කිරීමට (Freeze/Seize) පියවර ගෙන ඇත.

ගුවන් හමුදාව විසින් ඩ්‍රෝන යානා හා ගුවන් නිරීක්ෂණ මෙහෙයුම් මඟින් මුහුදේ සහ ගොඩබිම සිදු වන සැකකටයුතු චලනයන් පිළිබඳ තොරතුරු ලබා දෙයි. යුද හමුදාව ද සිය බුද්ධි තොරතුරු අනෙකුත් ආයතන සමඟ හුවමාරු කරගනිමින් වැටලීම් 200කට අධික ප්‍රමාණයකට සක්‍රියව දායක වී ඇත. ශ්‍රී ලංකා රේගුව දේශසීමා ආරක්ෂාව තහවුරු කරමින් පසුගිය වසරේ රුපියල් බිලියන 5.8ක වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය වැටලීම් 147ක් සිදු කර තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ තොරතුරු ලබාදීමට දුරකතන අංක හඳුන්වාදී ඇත. තොරතුරු ලබා දෙන්නන්ගේ රහස්‍යභාවය 100%ක් ආරක්ෂා කරන බව ආරක්ෂක අංශ සහතික වෙයි. මෙම තොරතුරු රට පුරා පිහිටි පොලිස් ස්ථාන 608ක් සහ ප්‍රාදේශීය කොට්ඨාස 48ක් වෙත ලබාදෙන්නේ ඒකාබද්ධ මෙහෙයුම්වල මූලික අරමුණු ඉටු කරගැනීමටයි.

අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය විනාශ කිරීමට අධික දහනයෙන් යුත් උදුන් (Incinerators) භාවිත කරනු ලබයි. මෙම විනාශ කිරීමේ ක්‍රියාවලිය ප්‍රධාන වශයෙන් වනාතවිල්ලුව හා පුත්තලම ප්‍රදේශවල පිහිටි අධි තාප උදුන්වලදී සිදු කරනු ලබයි. වසර 2024, 2025 සහ 2026 වර්ෂවලදී මෙලෙස හෙරොයින්, කොකේන්, අයිස් (Methamphetamine), ගංජා සහ මත්පෙති විශාල ප්‍රමාණයක් සාර්ථකව විනාශ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

අතීතයේදී අන්තර්ජාලය හරහා සිදු වන වෙළෙඳාම් (Online trade) සඳහා රේගුව යම් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කළද, මත්ද්‍රව්‍ය ගෙන්වීමේ අවදානම සලකා දැන් එම සියලු ගනුදෙනු සාමාන්‍ය රේගු නීතිය යටතේ දැඩි නියාමනයකට ලක්කිරීමට පියවර ගෙන ඇත.

ලෝක රේගු සංවිධානය (WCO) හා අනෙකුත් ජාත්‍යන්තර ආයතන සමඟ සම්බන්ධ වෙමින්, සැකකටයුතු පාර්සල් පිළිබඳ තොරතුරු ලබාගනු ලබයි. මේ හරහා සමහර මත්ද්‍රව්‍ය පාර්සල් ශ්‍රී ලංකාවට ළඟා වීමට පෙරම හඳුනාගෙන ඒවා නැවැත්වීමට ආරක්ෂක අංශ සමත්ව තිබේ.

අන්තර්ජාලය හරහා සිදු වන ජාවාරම් වඩාත් සාර්ථකව හඳුනාගැනීම සඳහා රේගුවේ පරිගණක සහ තොරතුරු තාක්ෂණ පද්ධති (IT Systems) නවීන මට්ටමට යාවත්කාලීන කිරීමට මෙම වර්ෂය තුළ කටයුතු කරමින් පවතී. ජාවාරම්කරුවන් ප්‍රසිද්ධ අන්තර්ජාල වේදිකා (Online platforms) භාවිත කරමින් ඉතා කුඩා ප්‍රමාණවලින් මත්ද්‍රව්‍ය එවීම අභියෝගයක් වුවද, එම පාර්සල් දැඩි පරීක්ෂාවට ලක් කරමින් සමාජ ආරක්ෂණය තහවුරු කිරීමට රේගුව කටයුතු කරයි.

මෙම නව පාලන ක්‍රමවේද නිසා මත්ද්‍රව්‍ය මැඬලීමට අමතරව රජයේ ආදායම ඉහළ නැංවීමට ද දායකත්වයක් ලැබී ඇත.

මත්ද්‍රව්‍ය වැටලීම්වලදී අත්අඩංගුවට ගන්නා සැකකරුවන් හරහා ඔවුන් සතු නීති විරෝධි වත්කම් (Illegal Assets) පිළිබඳ වෙනමම විමර්ශනයක් ආරම්භ කරනු ලබයි. පසුගිය මාස පහක කාලය තුළ පමණක් මෙලෙස සැකකරුවන් 215 දෙනකුගේ වත්කම් පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇත.

දේපළ තහනම් කිරීම (Freeze/Seize) විමර්ශන හරහා හඳුනාගන්නා දේපළ තාවකාලිකව අක්‍රිය කිරීමට (Freeze) හෝ තහනම් කිරීමට (Seize) පොලීසිය පියවර ගනියි. මෙහිදී ප්‍රධාන වශයෙන් 2024 වසරේදී සැකකරුවන් 49 දෙනකුට අයත් රුපියල් මිලියන 1,597ක දේපළ අක්‍රිය කර ඇත.

2025 වසරේදී සැකකරුවන් 30 දෙනකු හරහා රුපියල් මිලියන 1,546ක දේපළ තහනමට ලක්කර තිබේ. 2026 වසරේ මුල් මාස හතර තුළ පුද්ගලයන් 08 දෙනකුට අයත් රුපියල් මිලියන 170ක දේපළ රජය සතු කරගැනීමට පියවර ගෙන ඇත.

ජාවාරම්කරුවන් අයුතු ලෙස උපයා ගත් රන් ආභරණ, මුදල්, යාන වාහන, ඉඩම්, ට්‍රෝලර් යාත්‍රා සහ අනෙකුත් සියලුම උපකරණ මෙලෙස රජය සතු කරගැනීමට හෝ අක්‍රිය කිරීමට නීතිය ක්‍රියාත්මක වේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka