කොළඹ වානිජ මහාධිකරණය විසින් දුෂ්‍යන්ත වීරමන්ට එරෙහිව ‘නෙලුම් විලෙන් පැන’ ගීතය ගායනා කිරීම වාරණය කරමින් වාරණ ආඥාවක් අද (27) නිකුත්කළේය.
එකී ගීතයේ තනු නිර්මාණය සංගීත සංකලනය සිදුකරන ලද සංගීතඥ රවිහන්ස වැටකේපොත විසින් මෙම නඩුව දුෂ්‍යන්ත වීරමන් යන අයට එරෙහිව ගොනුකර තිබිණි.
සියලු කරුණු සලකා බැලු වාණිජ මහාධිකරණ විනිසුරු අමාලි රණවීර විසින් මෙම වාරණ නියෝගය දුෂ්‍යන්ත් වීරමන්ට එරෙහිව නිකුත්කරනු ලැබුවාය.
තවද පැමිණිලිකරුගේ ලිඛිත අවසරයකින් තොරව එකී ගීතය වෙනත් පාර්ශවයන් වෙත ලබාදීමද මහාධිකරණය විසින් වාරණය කරන ලදී.
පැමිණිලිකරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා සදහන් කර සිටියේ ගීත සම්බන්ධයෙන් පවතින බුද්ධිමය දේපල හිමිකම කිසිදු අයෙකුට උල්ලංඝනය කළ නොහැකි හිමිකමක් වන බවත්, දුෂ්‍යන්ත් වීරමන් විසින් පැමිණිලිකරුගේ අවසරයකින් තොරව, එය සිය ගීතයක් වශයෙන් ගායනා කරමින් සිටින බවත්, ඔහු විසින් පැමිණිලිකරුගේ බුද්ධිමය දේපල හිමිකම උල්ලංඝනය කර ඇති බවත්ය.
නැවත මෙම නඩුව අප්‍රේල් මස 10 වැනිදා කැදවීමට වානිජ මහාධිකරණය නියෝග කරනු ලැබීය.
පැමිණිලිකරු වෙනුවෙන් නිතිකා පාර්ට්නර්ස් නීතිඥ සමාගමේ උපදෙස් මත නීතිඥ නුවන් ගොඩගේ සමග නීතිඥ සදුන් සේනාධිපති පෙනීසිටියහ.(දිනමිණ)



