gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

තෙල් පෝලිමේ සිටි අයෙක් ඇද වැටී මිය යයි

යතුරුපැදියට ඉන්ධන ලබාගැනීම සඳහා පෝලිමක රැඳී සිටි පුද්ගලයකු හදිසියේ රෝගාතුර වී ඇද වැටීමෙන් මියගොස් ඇති බව කුරුණෑගල මූලස්ථාන පොලිසිය පවසයි. 
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ වැල්ලව, මුළුගහපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි මද්දුම කංකානම්ලාගේ අසිත රුවන් මද්දුමගේ නැමැති අයෙකි. 

පෙරේදා (01) සවස ගෝනගම පිහිටි සමූපකාර ඉන්ධන පිරවුම්පොළේ ඉන්ධන ලබාගැනීම සඳහා පෝලිමේ රැඳී සිටියදී මොහු මෙලෙස හදිසියේම බිම ඇද වැටී තිබේ. 

අනතුරුව 1990 සුවසැරිය ගිලන් රථ සේවාව මගින් ඔහුව වහාම කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත. කෙසේ වෙතත් රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිටි බව වෛද්‍යවරුන් තහවුරු කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය මේ වන විට කුරුණෑගල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය සහ හදිසි මරණ පරීක්ෂණය එම රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබේ. 

කුරුණෑගල මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka