හොරෙන් විකිණීම සඳහා රැස්කර තිබූ ඩීසල් ලීටර් 6,752 ක් සහ පෙට්‍රල් ලීටර් 120 ක් සමග ඉන්ධක බවුසරයක් වලාන දූෂණ මර්දන අංශය මගින් ඊයේ (24දා) අත්අඩංගුවට ගනු ලැබීය. මෙහිදී රැස්කර තිබූ ඩීසල් සහ පෙට්‍රල් සමග 46 හැවිරිදි ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගෙන මොරගහහේන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.
මේ සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයේදී පානදුර නල්ලූරුව පිහිටි ඉන්ධනහලකින් අංක ඛණ 2992 දරන මෙම බවුසර් රථයට ඩීසල් පුරවාගෙන රැගෙන ගොස් මෙම ව්‍යාපාරිකයාගේ කොහිලගේ වත්තේ පිහිටි නිවසක් වෙත රැගෙන ගොස් ගබඩා කිරීමට කටයුතු කරන අවස්ථාවේදී මෙම වැටලීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගන්නා ලද මෙම බවුසරයේ කුටීර 04 ක් ඇති අතර එක් කුටීරයට ඩීසල් ලීටර් 3,300 බැගින් කුටීර 02 ක් තුළ ගබඩා කර තිබූ ඩීසල් ලීටර් 6600 ක් ද, සැකකරුගේ නිවසේ සඟවා තිබියදී අත්අඩංගුවට ගන්නා ලද අතර බැරල් 02 ක් තුළ ඩීසල් ලීටර් 152 ක් සහ පෙට්‍රල් ලීටර් 120 ක් අත්අඩංගුවට ගෙන ඇත.
ගෝනපොල ප්‍රදේශයේ බෝගහගෙදර දරන ස්ථානයේ බවුසර් රථ මගින් ගෙනැවිත් මහා පරිමාණයෙන් ඩීසල් තොග රැස් කරන බවට වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාට ලැබුණු තොරතුරක් මත එහි ස්ථානාධිපති ඉන්දික වීරසිංහ මහතා ඇතුළු නිලධාරීන් මෙම වැටලීම සිදුකර තිබේ.
මෙම වැටලීම පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ඍජු අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක වන වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාගේ නියෝග පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉන්දික වීරසිංහගේ මෙහෙයවීමෙන් ප්‍ර.පො.ප.නිශ්ශංක, පො.ප. අකුරණ, පො.සැ.(34950) සම්පත්, පො.සැ.(409) විජේරත්න, පො.කො. (84840) හබරකඩ, පො.කො. (104327) දිල්ශාන්, පො.කො.(104678) කුමාර, පො.කො. (104891) හිරුෂාන්, පො.කො.රි. (80424) ප්‍රදීප් යන නිලධාරීන් කණ්ඩායම විසින් සිදු කර ඇත.



