gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය කඩිනමින් විනාශ කිරීමට ජනාධිපතිගෙන් විශේෂ උපදෙස්!

නඩු භාණ්ඩ ලෙස පවතින අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය කඩිනමින් විනාශ කිරීම සඳහා පවතින නීතිමය බාධාවන් ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) ජනාධිපති කාර්යාලයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී මේ බව තීරණය කෙරිණි. මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමේ රජයේ වැඩපිළිවෙළ කෙරෙහි මහජන විශ්වාසය තහවුරු කිරීමටත්, අධිකරණ භාරයේ පවතින මත්ද්‍රව්‍ය කිසිදු අයුරකින් යළි සමාජගත වීම වැළැක්වීමටත් විධිමත් මෙන්ම කාර්යක්ෂම යාන්ත්‍රණයක අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී දැඩිව අවධාරණය කළේය.

අදාළ නීති සංශෝධනය කරමින් මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ ක්‍රියාවලියේදී සිදුවන ප්‍රමාදයන් අවම කිරීම සඳහා වන නව පනත් කෙටුම්පතක් මේ වන විටත් සකස් කර ඇති බව බලධාරීහු එහිදී පෙන්වා දුන්හ. මීට සමගාමීව, නඩු කටයුතු මෙහෙයවීමේදී අධිකරණය, ශ්‍රී ලංකා පොලිසිය, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව මුහුණ දෙන ප්‍රායෝගික මෙන්ම නීතිමය ගැටලු පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සමාලෝචනය කෙරිණි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන අතරතුරම, නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන මුහුණ දෙන මෙම බාධාවන් කඩිනමින් නිරාකරණය කරගැනීමේ වැදගත්කම නිලධාරීන් විසින් පැහැදිලි කරන ලදී.

මත්ද්‍රව්‍ය ආශ්‍රිත නඩු කටයුතුවල වත්මන් ප්‍රගතිය සහ පවතින බාධාවන් මැඩලීමට පොලිසිය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කරන ලදී. නඩු කටයුතු තවදුරටත් කඩිනම් කිරීමේ අරමුණින් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පහසුකම් ඉහළ නැංවීමේ අවශ්‍යතාව ද මෙහිදී විශේෂ අවධානයකට ලක්විය. ඒ අනුව, නීතිමය බාධා ඉවත් කර අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය කඩිනමින් විනාශ කිරීමට හැකි වන පරිදි සකස් කළ සංශෝධිත පනත් කෙටුම්පත හැකි ඉක්මනින් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට මෙම සාකච්ඡාවේදී තීරණය කෙරිණි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka