gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

වාහන අංක තහඩු ලක්ෂ 3ක් නිකුත් කිරීම ප්‍රමාද වෙයි : විසඳුම සඳහා තවත් මාස තුනක්!

වාහන අංක තහඩු සැපයීමේ ටෙන්ඩරය සම්බන්ධයෙන් පැවති ගැටලු හේතුවෙන් පසුගිය මාස 9ක කාලය තුළ අංක තහඩු ලක්ෂ තුනකට අධික සංඛ්‍යාවක් නිකුත් කිරීම ප්‍රමාද වී ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. 

2025 වසරේ අප්‍රේල් මාසයේ සිට මෙම නිකුත් කිරීම් අත්හිටුවා ඇති අතර, මේ වන විට අංක තහඩු අපේක්ෂාවෙන් සිටින පිරිස අතර අලුතින් ලියාපදිංචි කළ වාහන ලක්ෂ තුනක් සහ හිමිකම් මාරු කළ වාහන 25,000කට අධික සංඛ්‍යාවක් පවතින බව වාර්තා වේ. 

වසර තුනකට පසු වාහන ආනයනයට අවසර දීමත් සමඟ වාහන ලියාපදිංචිය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, ගතවූ ජනවාරි මාසයේ පමණක් වාහන 55,238ක් ලියාපදිංචි කර තිබේ.

මෙම අර්බුදයට විසඳුම් ලෙස අංක තහඩු මුද්‍රණය කිරීමේ ටෙන්ඩරය ඉන්දීය සමාගමක් වන 'සවුත් ඒෂියන් ටෙක්නොලොජීස්' වෙත පිරිනැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා සඳහන් කළේ අදාළ සමාගමට යන්ත්‍රෝපකරණ සවිකර නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට මාස තුනක කාලයක් ලබා දී ඇති බවයි. ඒ අනුව, තවත් මාස තුනකින් පමණ පසුව නව ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් අංක තහඩු නිකුත් කිරීම ආරම්භ කිරීමට හැකි වනු ඇතැයි දෙපාර්තමේන්තුව විශ්වාසය පළ කරයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka