gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

වසර තුනක් තුළ විදුලි බිල 30%කින් අඩු කරන බවට බලශක්ති ඇමතිගෙන් සහතිකයක්!

රජය පොරොන්දු වූ පරිදි ඉදිරි වසර තුනක කාලය තුළ විදුලි ගාස්තු සියයට 30කින් අඩු කිරීමට පියවර ගන්නා බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ඊයේ (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. 

විදුලි ඒකකයක් උත්පාදනය කිරීම සඳහා යන පිරිවැය අඩු නොකර පාරිභෝගිකයාට සහනයක් ලබා දිය නොහැකි බව පෙන්වා දුන් අමාත්‍යවරයා, වත්මන් රජය බලයට පත්වන විට රුපියල් 37ක්ව පැවති ඒකකයක සාමාන්‍ය නිෂ්පාදන පිරිවැය මේ වන විට රුපියල් 29 දක්වා සියයට 22කින් අඩු කිරීමට සමත්ව ඇති බව ද සඳහන් කළේය.

මෙම නිෂ්පාදන පිරිවැය ඉදිරියේදී රුපියල් 25 දක්වා තවදුරටත් පහත හෙළීම රජයේ ඉලක්කය බවත්, ඒ හරහා සහනදායී විදුලි බිලක් ජනතාවට ලබා දීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය. 

දැනට සිදුවන්නේ වැඩි මිලට විදුලිය උත්පාදනය කර අඩු මිලට විකිණීම වැනි අර්බුදකාරී තත්ත්වයක් වුවද, ක්‍රමවත් බලශක්ති කළමනාකරණය ඔස්සේ එම පිරිවැය අවම කර සහනය ලබා දෙන බව අමාත්‍යවරයා සභාවට සහතික විය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka