gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

පාකිස්තානය නාවත් 15 මැච් එකට අපි කොළඹට එනවා - ඉන්දියාව කියයි

පෙබරවාරි 15 ​​වැනි දින පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන සිය ICC T20 ලෝක කුසලාන 2026 තරගය සඳහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම කොළඹට පැමිණෙන බව ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් තහවුරු කර ඇත.

කෙසේවෙතත් පාකිස්තාන කණ්ඩායම පවසා ඇත්තේ, ඔවුන් මෙම තරගයට සහභාගී නොවන බවයි.

බ්‍රහස්පතින්දා මුම්බායි හි පැවති පූර්ව තරඟාවලියේ ජනමාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් යාදව් පැවසුවේ, ඉන්දියාව පාකිස්තානය සමග ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කර නොමැති බවත්, කොළඹට යෑමට ඔවුන්ගේ ගුවන් ගමන දැනටමත් වෙන්කරවා ඇති බවත්ය.

“අපේ මානසිකත්වය පැහැදිලියි… අපි ඔවුන් සමඟ ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කළේ නැහැ. ප්‍රතික්ෂේප කිරීම ඔවුන්ගෙන් සිදුවුණේ. කොළඹට අපගේ ගුවන් ගමන වෙන්කරවාගෙන තියෙන්නේ, අපි යනවා,” ඔහු පැවසීය.

ආරක්ෂක හේතූන් මත බංග්ලාදේශය ලෝක කුසලානයෙන් ඉවත් වීමෙන් පසු බංග්ලාදේශය සමඟ සහයෝගීතාවය පෙන්වීමක් ලෙස පාකිස්තානයද ඉන්දියා-පකිස්ථාන තරගය වර්ජනය කර ඇත.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka