gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

විදේශ අමාත්‍ය විජිත හේරත් සහ වෙනිසියුලානු විදේශ අමාත්‍යවරයා අතර විශේෂ දුරකථන සංවාදයක්!

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ වෙනිසියුලානු විදේශ අමාත්‍ය අයිවන් ගිල් පින්ටෝ (Yván Gil Pinto) මහතා අතර විශේෂ දුරකථන සංවාදයක් ඊයේ (23) සිදුව තිබේ. 

අමාත්‍ය විජිත හේරත් මහතා සිය X (ට්විටර්) ගිණුමේ සටහනක් තබමින් මේ බව තහවුරු කර ඇති අතර, එහිදී සාකච්ඡා වූ කරුණු පිළිබඳව වැඩිදුර විස්තර මෙතෙක් අනාවරණය කර නොමැත.

වෙනිසියුලාව තුළ පවතින දේශපාලන අස්ථාවරත්වය සහ යුද මෙහෙයුම් වාර්තා වීමත් සමඟ ජාත්‍යන්තර අවධානය ඒ වෙත යොමුව ඇති පසුබිමක මෙම සාකච්ඡාව සිදුවීම විශේෂත්වයකි. වෙනිසියුලාවේ පවතින තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි අවධානයෙන් පසුවන බවත්, ජාත්‍යන්තර නීතිය සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව ස්වෛරීභාවයට ගරු කරමින් ගැටලු සාමකාමීව විසඳාගත යුතු බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය මීට පෙර අවධාරණය කර තිබුණි.

වෙනිසියුලානු ජනතාවගේ ආරක්ෂාව සහ යහපැවැත්ම මෙන්ම කලාපීය ස්ථාවරත්වය වෙනුවෙන් සියලු පාර්ශ්වයන් මැදිහත් වී සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් සෙවිය යුතු බව ශ්‍රී ලංකාවේ ස්ථාවරයයි. විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වැනි ආයතන මෙම තත්ත්වය සමනය කිරීමට මැදිහත් විය යුතු බව ද අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙයි. 
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka