කටාර් රාජ්‍යයේ සේවය කරමින් සිටියදී ජීවිතක්ෂයට පත්වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ පවුල් වෙත රුපියල් මිලියන 197කට අධික වන්දි මුදලක් ලබාදීමට දෝහාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පියවර ගෙන තිබේ.
2025 වසරේදී තානාපති කාර්යාලය විසින් සම්පූර්ණ කරන ලද මෙම වන්දි මුදල රුපියල් 197,719,710ක් වන අතර, ඉන් රුපියල් මිලියන 23කට අධික මුදලක් අදාළ පවුල් වෙත සෘජුවම ලබා දී අවසන්ය.
ඉතිරි රුපියල් මිලියන 174ක මුදල මෙරට පදිංචි ඥාතීන් වෙත බෙදා දීම සඳහා කොළඹ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය වෙත යොමු කර ඇති බව වාර්තා වේ. විශේෂයෙන්ම 2014 වසරේ සිට වසර 11ක් තිස්සේ විසඳීමට නොහැකිව තිබූ නඩු කිහිපයකට අදාළ වන්දි මුදල් ද මෙම සාර්ථක මැදිහත් වීම හරහා ලබා ගැනීමට හැකි වීම විශේෂත්වයකි.
පසුගිය 2024 වසරේදී ද රුපියල් මිලියන 172ක වන්දි මුදලක් ලබා දීමට කටයුතු කළ දෝහා තානාපති කාර්යාලය, මෙවර සිය වන්දි ප්‍රදානයන් තවදුරටත් පුළුල් කර තිබේ. විදේශ රැකියා ක්ෂේත්‍රයේදී සිදුවන අනතුරු සහ මරණ වෙනුවෙන් හිමිවිය යුතු හිඟ වන්දි ලබා දීම වේගවත් කිරීමට රජය ගෙන ඇති ප්‍රතිපත්තිය මෙහිදී කැපී පෙනේ.



