gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

වෙනිසියුලා තෙල් බලය ඇල්ලූ ඇමරිකාව සමග ශ‍්‍රී ලංකාව බලශක්ති එකගතාවකට සැරසේ!

ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ සිදුවෙමින් පවතින සාධනීය වෙනස්කම් කෙරෙහි සිය රටේ අවධානය යොමුවී ඇති බවත් ගොඩනැගෙන නව ආයෝජන අවස්ථා හරහා දෙරට අතර බලශක්ති ක්ෂේත්‍රයේ සබදතා තවදුරටත් වර්ධනය කරගැනීමට අපේක්ෂා කරන බවත් වැඩබලන ඇමරිකානු තානාපතිනී Jayne Howell මහත්මිය බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා හමුවූ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටියාය.

බලශක්ති අමාත්‍ය කාර්යාලයේදී සිදුවූ මෙම හමුවේදී මෙරට බලශක්ති හා විදුලිබල යන ක්ෂේත්‍ර දෙකෙහිම විවිධ වෙනස්කම් හා වර්ධනයන් පිළිබදව දීර්ඝ වශයෙන් කරුණු දැක්වූ බලශක්ති අමාත්‍යවරයා ඇමරිකානු ආයෝජන සහ තාක්ෂණික සහය ලබාගැනීමට අපේක්ෂා කරන ක්ෂේත්‍ර පිළිබදව මෙන්ම ගොඩනැගෙන නව අවස්ථා පිළිබදවද විස්තර කළේය.

විදුලිබල ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල මෙන්ම ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ සිදුවෙමින් පවතින වෙනස්කම්ද රටේත් මෙම කලාපයේත් බලශක්ති ස්ථාවරත්වයට අදාළ කරුණුත් මෙහිදි සාකච්ඡාවට ලක්විය.

මෙම අවස්ථාවට ඇමරිකානු තානාපති කාර්යාලයේ ආර්ථික කටයුතු පිළිබද නිළධාරී Jacob Thomases, ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා යන මහත්වරුන්ද එක්ව සිටියහ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka