ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ඉන්දියාවේ අවශ්‍යතා මත පමණක් ක්‍රියා කරන බවට චෝදනා කරමින්, පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති නජම් සේති මහතා ලෝක ක්‍රිකට් ප්‍රජාවට විශේෂ යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
ආරක්ෂක හේතූන් මත 2026 විස්සයි-20 ලෝක කුසලානයෙන් ඉවත් වීමට බංග්ලාදේශය ගත් තීරණය සාධාරණ බව පවසන සේති මහතා, අයි.සී.සී. ය ඉන්දියාවේ මතිමතාන්තරවලට පමණක් හිස නැමීම වැළැක්වීමට අනෙකුත් ක්‍රිකට් ක්‍රීඩා කරන ජාතීන් ද බංග්ලාදේශයට සහය දිය යුතු බව අවධාරණය කරයි.
"ටෙලිකොම් ඒෂියා ස්පෝර්ට්" (Telecom Asia Sport) වෙබ් අඩවිය සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු ප්‍රකාශ කළේ, පකිස්ථානය වැනි රටවල් බංග්ලාදේශයේ ස්ථාවරය වෙනුවෙන් පෙනී සිටියහොත් පමණක් මෙය "ඉන්දීය ක්‍රිකට් කවුන්සිලය" නොව "ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය" බව අයි.සී.සී. යට වැටහෙනු ඇති බවයි.
වත්මන් පකිස්ථාන ක්‍රිකට් සභාපති මොහ්සින් නක්වි මහතා ක්‍රීඩාව සහ පවතින දේශපාලනික තත්ත්වය පිළිබඳව මනා අවබෝධයකින් පසුවන බැවින්, පකිස්ථානය ද බංග්ලාදේශයට සහය පළ කරමින් ලෝක කුසලානය වර්ජනය කිරීමට තීරණය කළහොත් තමා එයට පූර්ණ සහය ලබා දෙන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.



