gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

සංකේත දින දෙක අවසන්... දොස්තරලා අඛණ්ඩ වැඩ වර්ජනයකට!

නිදහස් සෞඛ්‍ය පද්ධතිය සුරැකීමටත්, වෛද්‍යවරුන් මුහුණ දෙන ගැටලු නිරාකරණය කිරීමටත් ජනාධිපතිවරයා හෝ විෂයභාර අමාත්‍යවරයා වහා මැදිහත් විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි. 

මෙම ප්‍රශ්න සඳහා සාධාරණ විසඳුම් ලබාදීමට රජය අපොහොසත් වන්නේ නම්, දැනට ක්‍රියාත්මක විරෝධතා මාලාව අඛණ්ඩ වෘත්තීය අරගලයක් දක්වා දැඩි කරන බව එම සංගමය අනතුරු අඟවයි.

එම සංගමයේ ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, මීට පෙර සෞඛ්‍ය අමාත්‍යවරයා ලබාදුන් පොරොන්දු කඩකිරීම හේතුවෙන් රජයට බලපෑම් කිරීමේ අරමුණින් පසුගිය දෙදින තුළ දිවයින පුරා සංකේත වැඩ වර්ජනයක් දියත් කළ බවයි.

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අත්තනෝමතික සහ වගකීම් විරහිත ප්‍රතිපත්තිය මත වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් නොසලකා හැරීම මෙම අර්බුදයට මුලික හේතුව වී තිබේ.

පසුගිය දින දෙකේදී රෝහල් සේවා බිඳවැටීමෙන් මහජනතාව පත්වූ පීඩාවේ පූර්ණ වගකීම රජය සහ අදාළ අමාත්‍යවරයා භාරගත යුතු බව සංගමය පෙන්වා දෙයි.

පවතින ගැටලු විසඳීම තවදුරටත් ප්‍රමාද කරන්නේ නම්, ඉදිරියේදී එල්ල වන දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග හමුවේ රජය දැඩි අසීරුතාවයට පත්වනු ඇති බව ද වෛද්‍ය විජේසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka