gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

සිග්නල් නැතිවුනැයි දුරකතන සමාගම්වලට එරෙහි විරෝධතා

ආපදා තත්ත්වය හමුවේ මහජනතාවට අත්‍යවශ්‍ය වන සන්නිවේදන පහසුකම් සැපයීමට අපොහොසත් වූ දුරකථන ජාල සමාගම්වලට එරෙහිව විරෝධය පළ කිරීමේ සහ පැමිණිලි කිරීමේ වැඩසටහනක් පැවැත්වෙයි.

පසුගිය දිනවල දිවයිනේ ඇති වූ ආපදා තත්ත්වයන්හිදී දුරකථන සහ අන්තර්ජාල සබඳතා බිඳ වැටීම හේතුවෙන් ජනතාව දැඩි අසීරුතාවයට පත් විය. 

විශේෂයෙන් සහන සේවා සම්බන්ධීකරණය කර ගැනීමට සහ ආපදාවට පත් වූවන්ගේ තොරතුරු ලබා ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් දුරකථන සමාගම් වෙත දැඩි චෝදනා එල්ල වී තිබේ.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්ල අදාළ සමාගම්වල වගකීම් විරහිත ක්‍රියාවන්ට එරෙහිව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත පැමිණිලි මෙම පිරිස් කටයුතු කරයි.

මෙම විරෝධතාව සහ පැමිණිලි කිරීමේ වැඩසටහන කොළඹ පිහිටි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභා පරිශ්‍රය අසලදී අද පැවැ්ත්වින.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka