gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

මීමුරේ බිළිදියට මව්කිරි දෙන්න කොමාන්ඩෝ මෙහෙයුමක්!

ශ්‍රී ලංකා හමුදාවේ 2 වන කොමාන්ඩෝ රෙජිමේන්තුවේ 8 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් මීමුරේ ප්‍රදේශයෙන් ඉතා අභියෝගාත්මක තත්ත්වයන් යටතේ මාස 3 ක් වයසැති බිලිඳියක බේරාගැනීමේ මෙහෙයුමක් දියත් කළහ.

මෙම 8 දෙනකුගෙන් යුත් කණ්ඩායම දෙසැම්බර් 3 වැනිදා කරම්බකැටිය ගම්මානයේ කළ සෝදිසියකදී නිවසක් තුළ තනිව සිටි මාස 3 ක් වයසැති බිළිදියක සහ ඇගේ ආච්චි අම්මා හමුවී තිබේ. බිළිදිය සොයා ගන්නා අවස්ථාවේ දැරිය ඉතා දුර්වල තත්ත්වයක සිටි අතර ඇයගේ මව රැකියාව සඳහා වෙනත් ප්‍රදේශයකට ගොස් සිට තිබේ.

ආපදා තත්ත්වය හමුවේ ඇයට නැවත පැමිණීමට නොහැකිව තිබිණි.

දැරියට මව් කිරි අත්‍යවශ්‍ය වී තිබිණි.

දරුවා අනතුරේ වැටී සිටින බව වටහාගත් කොමාන්ඩෝ කණ්ඩායම, එදින රාත්‍රියේ තද වර්ෂාව මධ්‍යයේ ඇය මීමුරේ ආරණ්‍ය සේනාසනයට රැගෙන ගොස් ඇත.

මෙහෙයුමේදී සම්බන්ධතා ඇති කර ගැනීමෙන් පසු 4 වැනිදා ගුවන් මගින් මීමුරේට පැමිණි යුද හමුදා වෛද්‍ය බළකායේ කණ්ඩායමක් බිළිදිය සහ මිත්තණිය පරීක්ෂා කර තිබේ.

ඔවුන් දෙදෙනා ගුවන් ගමනකට ප්‍රමාණවත් තරම් සෞඛ්‍ය සම්පන්නව සිටින බව තීරණය කිරීමෙන් පසු වෛද්‍ය කණ්ඩායමේ අධීක්ෂණය යටතේ දෙදෙනාම දිගන ගුවන් හමුදා කඳවුරට ගුවනින් රැගෙන ගොස් ඇත.

එහි ගිය පසු කොමාන්ඩෝ භටයෝ ළදරුවා ආරක්ෂිතව ඇගේ මවට භාරදීමට පියවර ගත්හ.(දිවයින)
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka