කොත්මලේ ව්‍යාපෘතිය අනුව කොත්මලේ වේල්ල තවත් මීටර් 30 ක් උස් කළ හැකි බව හිටපු අමාත්‍ය පාඨලී චම්පක රනවක පවසනවා. කොත්මලේ ජලාශය ඉදිකිරිමේදී එහි වේල්ලේ පාදම යොදා ඇත්තේ වේල්ල තවත් මීටර් 30 උස් කිරීමට හැකිවන පරිද්දෙන් බව පාඨලී චම්පක රනවක මහතා කියා සිටිනවා.
මෙම ව්‍යාපෘතිය සිදු කළ අදාල ස්විඩ්න් සමගම එය සැළසුම් කොට ඇත්තෙ කොත්මලේ ජලාශයේ ජල කඳ තවත් දෙගුනයකින් දරා ගැනිමට බව හිටපු අමාත්‍යවරයා සඳහන් කළා. හිටපු අමාත්‍ය පාඨලී චම්පක රනවක මහතා මේ බව සඳහන් කළේ අද (14) මහනුවරදි මාධ්‍යවේදීන් හමුවු අවස්ථාවේදීය.
අදාල ඉංජිනේරු දැනුම හා වීදේශ අධාර ලබාගෙන මෙම බැම්ම ඉදිකිරීමට කටයුතු කරන ලෙස මහාවැලිය භාර කේ.ඩී. ලාල් කාන්ත අමාත්‍යවරයාගෙන් ඉල්ලිමක් කළා.
එමෙන්ම මහනුවර සඳහා ජයිකා ආයතනය විධිමත් නගර සංවර්ධන සැලැස්මක් සකස් කර ඇති අතර ඒ අනුව මහනුවර ගොඩ නගන ලෙසද පාඨලී චම්පක රනවක මහතා ඉල්ලා සිටියා.



