පාර්ලිමේන්තුව ප්‍රතිව්‍යුහගතකරණය සඳහා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් කමිටුවක් පත්කළ අතර එහි අවසන් වාර්තාව ඉකුත්දා කතානායකවරයාට භාර දුන්නේය.
ඒ අනුව පාර්ලිමේන්තුවේ ප්‍රතිව්‍යුහගතකරණ කමිටු යෝජනාවට එහි ප්‍රධානීන් 4 දෙනකු සිය විරෝධය පළ කර ඇති බවත් එලෙස විරෝධය පළ කරමින් පාර්ලිමේන්තු මහ ලේකම්වරියට ලිපි භාරදී ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් මෙම කමිටු වාර්තාවට පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු නවයම දැනටමත් සිය විරෝධය පළ කර ඇත.



