gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට අධිචෝදනා භාරදෙයි!

පසුගිය 2020 වසරේ පැවති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීම සඳහා ක්‍රීඩකයෙකුට යෝජනා ඉදිරිපත් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට හට හම්බන්තොට මහාධිකරණයේදී ඊයේ (25) දින අධිචෝදනා භාරදී ඇත.

නීතිපතිවරයා විසින් පසුගිය ජුනි (05) වනදා අධිචෝදනා ගොනුකර තිබුණ අතර ඊයේ (25) දින හම්බන්තොට මහාධිකරණ විනිසුරු දුමින්ද මුදුන්කොටුව ඉදිරියේදී සචිත්‍ර සේනානායකට අධිචෝදනා භාරදීම සිදුකරනු ලැබුවේය.

අනතුරුව අධිකරණය විසින් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සචිත්‍ර සේනානායක මුදා හැරීමටත් නැවත මෙම නඩුව 2025 නොවැම්බර් (27) කැඳවීමටත් නියෝග කළේය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka