උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වෛද්‍යමය දෝෂයක් හේතුවෙන් අතක් අහිමි වූ දැරියගේ සිද්ධියට සම්බන්ධ දෙවන සැකකාරිය ලෙස නම් කළ හෙද නිලධාරිනිය අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර තිබේ.
පසුගිය 24 වනදා ඇයව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවඅධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කර ඇති අතර ඇයට රටින් පිටවීම තහනම් කරමින් විදෙස් ගමන් තහනමක්ද පනවා ඇත.
මෙම සිදුවීමට අදාළව කරුණු විමසීමේදී, ෂැන්ඩිල්යන් වයිසාලි නම් මෙම දැරිය 2023 වසරේ අගෝස්තු මාසයේදී උණ රෝගයට ප්‍රතිකාර ගැනීම සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබිණි.
එහිදී ඇගේ අතේ මැණික්කටුව ප්‍රදේශයට කැනියුලාවක් මගින් ඖෂධයක් ලබා දී ඇති අතර, දින කිහිපයකින් එම ස්ථානය ඉදිමී පසුව එම කොටස කපා ඉවත් කිරීමට සිදුවී ඇත.
වෛද්‍යමය දෝෂයක් හේතුවෙන් තම දියණියට මෙම ඉරණම අත්වූ බවට දැරියගේ දෙමාපියන් චෝදනා කළ අතර, ඔවුන් ඒ සඳහා යුක්තිය ඉල්ලා විවිධ පාර්ශ්ව වෙත කරුණු ඉදිරිපත් කර තිබිණි. මෙම නඩුව යාපනය අතිරේක මහේස්ත්‍රාත් හුසේන් මහතා ඉදිරියේ පසුගිය 23 වන දින විභාගයට ගැනුණි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තා ඉදිරිපත් කරන ලෙසත්, කඩිනම් පියවර ගන්නා ලෙසත් අදාළ අංශවලට නියෝග කර තිබිණි.
මෙම නියෝගයට අනුව, අදාළ හෙද නිලධාරිනිය පෙරේදා (24) දිනයේදී ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී. එහිදී ඇයට ඇප නියම කළ මහේස්ත්‍රාත්වරයා, ඇයට විදේශ ගතවීම වළක්වමින් ගමන් තහනමක් ද පැනවීම විශේෂත්වයකි.