නා උයන ආරණ්‍ය සේනාසනයේ ඩක්කුවක් කඩා වැටීමෙන් ස්වාමීන් වහන්සේලා හත් නමක් අපවත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසත් අදාළ විමර්ශන සඳහා යාන්ත්‍රික ඉංජිනේරුවන්ගේ සහාය ලබාගන්නා ලෙසට මහව මහෙස්ත්‍රාත්වරිය ඊයේ (25) පන්සියගම පොලීසියට නියෝග කර ඇත.
අනතුරින් අපවත් වූ ස්වාමීන් වහන්සේලාගේ මෘත දේහ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා ඊට අදාළ වාර්තා වෙන් වෙන් වශයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කුරුණෑගල ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාටද මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.
ආරණ්‍ය සේනාසනයේ ඩක්කුවක් කඩා වැටීමේ ක්‍රියාවලියේදී යම් අපරාධමය වරදක් සිදුවී ඇත්ද යන්න පිළිබඳ විමර්ශනවලදී අනාවරණය වන්නේ නම්, ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසද මහෙස්ත්‍රාත්වරිය පොලීසියට නියෝග කර ඇත.
ආරණ්‍ය සේනාසන භූමිය තුළදී පීලි මතින් දිවෙන ඩක්කුවක් හදිසියේ කඩා වැටීමෙන් ආරණ්‍ය සේනාසනවාසීව සිටි ස්වාමීන් වහන්සේලා හත් නමක් අපවත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පන්සියගම පොලීසිය ‘බී’ වාර්තාවක් මගින් අධිකරණයට කළ කරුණු දැක්වීම සැලකිල්ලට ගනිමින් මහෙස්ත්‍රාත්වරිය එම නියෝග කර ඇත.