gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අයිස් කන්ටේනර් ගැන විදෙස් බුද්ධි අංශ සියලු තොරතුරු දීලා…!

අයිස් නිෂ්පාදනය සඳහා භාවිත කරන රසායන ද්‍රව්‍ය සහිත කන්ටේනර් ලංකාවට රැගෙන විත් ඇත්තේ පසුගිය වසරේ ඔක්තෝබර් මස බවත් ඒ පිළිබඳ ඇමරිකානු බුද්ධි අංශ මෙරට පොලිස් මත් ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයට දැනුම් දී ඇති බවත් අනාවරණය වී තිබේ.

මිද්දෙණිය තලාව ප්‍රදේශයේ වළදමා තිබිය දී සොයා ගෙන ඇත්තේ අයිස් නිෂ්පාදනය සඳහා අවශ්‍ය මෙතැම්ෆෙටමින් නම් රසායන ද්‍රව්‍යවල ආරක්ෂාවට එහි පරිවාර කොටස් පුරවා තිබූ ද්‍රව්‍ය බව ද වාර්තා වෙයි. එම කන්ටේනර්වල සඟවා තිබූ රසායන ද්‍රව්‍ය රහසේම පිටකර ඇතැයි වාර්තා වෙයි.

මෙම කන්ටේනර් පසුගිය ජනවාරි මාසයේ පිට කර ඇති අතර ඇමරිකානු බුද්ධි තොරතුරු අනුව වරායේ රඳවා ගෙන තිබූ එම කන්ටේනර් පොලිස් මත් ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය දැනුම්වත් පසුබිමක පිටකිරීම බරපතළ අර්බුදයක් නිර්මාණය කර තිබේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka