එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට නිරෝගි සුවය පතා සිරිකොත පක්ෂ මුලස්ථානයේ ඊයේ (07) බත් දන්සලක් පැවැත්වුණා.
එහිදී එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන සඳහන් කළේ,
“මම හිතන්නේ දොස්තර මහත්තුරු ටික කියලා තියෙනවා එතුමාට තවත් රෙස්ට් කරන්න තියෙනවා කියලා. ඒ නිසා පවුලත් සමග සාකච්ජා කරලා තමයි අපි (20) වැනිදාට සංවත්සරය දාන්නට අපි සූදානම් කරලා තියෙන්නේ.”
“එතුමා පාර්ලිමේන්තුවට යනවා නම් හරි කාලෙ බලලා යාවි. නමුත් දැනට එවැනි සාකච්ඡාවක් නැහැ. එවැනි සූදානමක් නෑ.”



