gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

වැඩක් නැති රාජ්‍ය ආයතන වසා දමනවා..- නලින්ද

බෝඩ් ලෑල්ලට පමණක් සීමාවී තිබෙන රාජය ආයතන වසා දැමීමට රජය තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා බලපිටියේ පැවති උත්සවයකදී කීවේය

සමහර රාජ්‍ය ආයතන රජයට බරක් බවත එවැනි රාජ්‍ය ආයතන පිළිබඳව තීන්දුවක් ගැනීමට සිදුවන බවත් ජයතිස්ස මහතා කීවේය.

“අපේ රටේ සමහර රාජ්‍ය ආයතනවලින් ජනතා සේවයක් කෙරෙන්නේ නැහැ. සමහර රාජ්‍ය ආයතනවල සේවය කරන්නේ නිලධාරීන් එක්කෙනයි දෙන්නයි. සමහර ආයතන බෝඩ්වලට පමණයි. ජනතාවට සේවයක් නොකරන බෝඩ් ලෑලිවලට පමණක් සීමාවී ඇති රාජ්‍ය ආයතන වහලා දාන්න තීන්දුවක් ගත්තා. සමහර ආයතන ඒකාබද්ධ කරන්නත් කටයුතු කරනවා”

බලපිටිය තැපැල් කාර්යාලයීය ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම නිමිත්තෙන් පැවති උත්සවයේදී නලින්ද ජයතිස්ස මහතා මේ බව කීවේය.

කරන්දෙණිය එම්.සුසිල් පියන්ත
බලපිටිය එස්.ඒ.වයි.ද සිල්වා
අම්බලන්ගොඩ එම්.හේමන්ත ද සිල්වා
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka