gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකාවට මැඩගස්කරයෙන් අභිසාරිකාවන් ගෙන්වලා!

ශ්‍රී ලංකාව තුළ රැකියා අවස්ථා ලබා දෙන බවට පවසා මැඩගස්කරයේ කාන්තාවන් රවටා මෙරට තුළදී බලහත්කාරයෙන් ගණිකා වෘත්තීයේ යෙදුවේ යැයි කියන මැඩගස්කර කාන්තාවක් ලබන 25 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා නියෝග කළේය.

වීසා නොමැතිව මෙරට රැඳී සිටිමින් මැඩගස්කර් කාන්තාවන් ගණිකා වෘත්තියේ යෙදවූයේ යැයි කියන මැඩගස්කර් ජාතික සැකකාරිය තැනැත්තන් ජාවාරම් හා විමර්ශනය කිරීමේ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

රහස් පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ ආරක්ෂක අමාත්‍යාංශයට මැඩගස්කර් කාන්තාවක් කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවය.

මාස පහමාරක් තිස්සේ වීසා නොමැතිව රැඳී සිටින සැකකාරිය මැඩගස්කර් කාන්තාවන්ට රැකියා ලබා දෙන බවට අඟවා මෙරට ගෙන්වා බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යොදවා ඇති බව ද පැවසීය.

අදාළ කාන්තාව විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කරමින්,තමන්ට සමාව ලබා දී සිය රටට යෑමට මුදා හරින ලෙස මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියාය.

ඉදිරිපත්ව ඇති චෝදනා අනුව පොලිසිය විමර්ශන සිදුකරන බැවින් මුදා හැරීමේ තීරණයක් අධිකරණයට ගත නොහැකි බව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.

රහස් පොලිසිය ඇමතූ මහේස්ත්‍රාත්වරයා වින්දිතභාවයට පත් කාන්තාවන් සම්බන්ධයෙන් තානාපති කාර්යාල දැනුවත් කරන ලෙස ට දන්වා සිටියේය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka