තලතා අතුකෝරාළ සඳහන් කළේ,
“පළවෙනි දේ තමයි, හෙට උදේ සන්ධානය. සන්ධානය හදලා ඉවරයි. අපේ පක්ෂ ලේකම්වරුන්ගේ තියෙනවා එකමුතුවක්. අපේ පක්ෂ ලේකම්වරු හෙට උදෑසන තියෙනවා.”
මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ, මැද මාවතේ එක්ව ගමන් කිරීමට බාධාවක් නොමැති බවයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ,
“අපි ප්‍රතිපත්තිගරුකව, අපි ප්‍රතිපත්තිමය කරුණු කාරනා මත රටේ ප්‍රශ්නවලට විසදුම් ලබාදීමේ අරමුණින් තමයි අපි එකමුතුභාවයක් ඇතිකර ගන්නේ.
මැද මාවත පිළිගන්න මානුෂීය ධනවාදයත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදයත් පිළිගන්න ඒ තුන්වෙනි මාවතට අපි සියලුම දෙනාට අවතීර්ණ වීම අපහසු කාරනාවක් නෙමෙයි.”
ඒ අනුව නැවත එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා හැටියට ඔබතුමාව දැකිය හැකිද යන්න මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නයට විපක්ෂ නායකවරයා සඳහන් කළේ,
“මෙතන වැදගත් වෙන්නේ, නියෝජ්‍ය නායකද, නායකද, ජනාධිපතිද, අගමැතිද නෙමෙයි. වැදගත් වෙන්නේ අපේ රටේ ක්‍රියාත්මක වන මිනීමරු සංස්කෘතිය නතර වෙන්න ඕන.”