හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අධිකරණ නඩු විභාගයට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා සහභාගී වූ බවට පළ වූ වාර්තා අසත්‍ය බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.
X සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය පැහැදිලි කර ඇත්තේ, මෙම වාර්තා පදනම් විරහිත බවයි.
එමෙන්ම, මහ කොමසාරිස් කාර්යාලයේ හෝ මහ කොමසාරිස්වරයාගේ ක්‍රියාකාරකම් පිළිබඳ නිවැරදි තොරතුරු සඳහා ඔවුන්ගේ නිල ගිණුම් පමණක් අනුගමනය කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.