gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

රනිල්ගේ නඩු දිනයේ වීඩියෝ කළ අයට වැඩ වරදී!

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අධිකරණයට ඉදිරිපත් කළ රාත්‍රියේදී අවසරයකින් තොරව අධිකරණ භූමිය තුළ රූගත කිරීම් කළ පුද්ගලයින් පිළිබඳව වහා පරීක්‍ෂණයක් පවත්වන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කළාය.

මහේස්ත්‍රාත්වරිය තවදුරටත් නියෝග කළේ‍, අධිකරණයට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයන් කළ පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශන පවත්වා අධිකරණ ආයතනවලට අපහාස කිරීම පිළිබඳ පනත යටතේ පියවර ගන්නා ලෙසයි.

සැකකාර රනිල් වික්‍රමසිංහ විසින් තමන්ට බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලයකින් ආරාධනයක් ලැබුණු බව සඳහන් කරමින් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන ලිපිය පිළිබඳව වැඩිදුරටත් විමර්ශනය කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කළාය.

නඩුකරය කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කළේ,

“ස්වාමීනි.. පසුගිය නඩු දිනයේ මා කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදී මට බාධා කිරීම් ඇති වුණා. මැදිහත් වීම් කළා. අධිකරණ කටයුතු වීඩියෝ කර සමාජ මාධ්‍යවලට මුදා හැර තිබුණා. මට මගේ කනිෂ්ඨ නීතිඥවරයා පවා ඉදිරියට ගෙන්න ගන්න බැරි වුණා.

මේවා අනුමත කරන්න බෑ ස්වාමීනි.. එදා නඩුව ඉවර වුණාට පස්සේ පිටත තිබූ කලබල නිසා පැයකට වැඩි කාලයක් අපිට අධිකරණය තුළ ඉන්න සිදුවුණා. ඔබ තුමියටත් එසේ වෙන්න ඇති.

අපිට උසාවියට එන්න වෙන්නේ බයෙන් නම් ඒක භයානක තත්ත්වයක්. මෙවැනි ක්‍රියා අනුමත කරන්න බෑ. අධිකරණ භූමිය තුළ මැරකරණය සහ ත්‍රාඩකරණයට ඉඩ දෙන්න බෑ. ඒ නිසා යුක්තියේ දෙවඟන අතේ තිබෙන අසිපත භාවිත කරන ලෙස මා ඉල්ලා සිටිනවා.”
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka