gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකුට පස් අවුරුදු තරඟ තහනමක්!

හිටපු දේශීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සාලිය සමන්ට වසර 05ක කාලයක් සඳහා ක්‍රිකට් ක්‍රීඩාවෙන් තහනම් නියෝගයක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) දූෂණ මර්දන ඒකකය තීරණය කර ඇත.

ඒ, ඔහු විසින් එමිරේට්ස් ක්‍රිකට් මණ්ඩලයේ (ECB) දූෂණ විරෝධී සංග්‍රහය (Anti-Corruption Code) උල්ලංඝනය කිරීම හේතුවෙනි.

2021 වසරේ පැවති අබුඩාබි T10 ක්‍රිකට් ලීග් තරගාවලියේදී තරග පාවාදීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් සාලිය සමන් ඇතුළු පුද්ගලයන් 08 දෙනෙකුට 2023 සැප්තැම්බර් මාසයේදී චෝදනා එල්ල වී තිබුණි.

දූෂණ විරෝධී සංග්‍රහයේ 2.1.1, 2.1.3 හා 2.1.4 වගන්ති කඩ කර ඇති බවට සම්පූර්ණ විභාගයකින් පසුව, විනිශ්චය සභාව විසින් තීන්දු කර ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ සාලියට එරෙහිව පනවා ඇති මෙම තහනම, 2023 සැප්තැම්බර් 13දා සිට බල පැවැත්වෙන ලෙස පනවා ඇති බවයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka