gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇමරිකා බද්ද ක‍්‍රියාත්මකයි... මෙරට ඇගලුම් අපනයනය දැනෙන්නම පහලට!

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු බදු ප්‍රතිපත්තිය හේතුවෙන් ඉහළ තීරු බදු අනුපාත සාමාන්‍ය කරුණක් බවට පත්ව ඇති බවත් අන්‍යෝන්‍ය තීරුබදු ක්‍රමය යටතේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නව ඉහළ තීරු බදු ප්‍රතිශත ප්‍රකාශයට පත් කිරීමත් සමග ඇමෙරිකාවේ ක්‍රියාත්මක සාමාන්‍ය බදු අනුපාතය සියයට 17.3 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.

එය 1935 වසරින් පසුව ඇමෙරිකාවේ ක්‍රියාත්මක ඉහළම සාමාන්‍ය බදු අනුපාතය බවද එම වාර්තාව පෙන්වා දෙයි. ඒ හේතුවෙන් අන්‍යෝන්‍ය තීරුබදු ක්‍රමය යටතේ අනෙක් රටවලට පනවා ඇති තීරුබදු ප්‍රතිශත වලට සාපේක්ෂව ශ්‍රී ලංකාවට පනවා ඇති සියයට 20 ක තීරු බද්ද යම් සහනයක් ගෙන දුන්නද ඇමෙරිකාවේදී මෙරට නිෂ්පාදන සඳහා පැනවෙන බදු අනුපාතය ඉහළ මට්ටමක
පවතින බවද එම වාර්තාව පෙන්වා දෙයි.

ජනපති ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය හේතුවෙන් ඇමෙරිකානු වෙළෙඳපොළ තුළ මෙරට සියලුම අංශ වල නිෂ්පාදන සඳහා එල්ල වන සෘණාත්මක බලපෑම හේතුවෙන් මෙරටට වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 634 ක් පමණ අහිමිවී යා හැකි බව එම වාර්තාවේ සඳහන් වේ.

පසුගිය 7 වැනිදා සිට ඇමෙරිකාවේදී ශ්‍රී ලංකා නිෂ්පාදන සඳහා සියලුම බදු එකතු වූ සියයට 29.9 ක ප්‍රතිශතයක් පැනවෙන අතර පසුගිය අප්‍රේල් එම්.එෆ්.එන් බදු ක්‍රමය ක්‍රියාත්මක වූ අවස්ථාවේ එය සියයට 10.2 ක් විය.

එසේම ඇමෙරිකාවට අපනයනය කරන මෙරට ඇඟලුම් නිෂ්පාදන සඳහා සියයට 36.8 ක තීරු බදු ප්‍රතිශතයක්ද, රබර් නිෂ්පාදන සඳහා සියයට 20.2 ක තීරු බදු ප්‍රතිශතයක්ද පසුගිය 7 වැනිදා සිට පැනවේ.

ඇමෙරිකාවට අපනයනය කරනු ලබන ප්‍රධාන අපනයන වන්නේ ඇඟලුම් නිෂ්පාදන සහ රබර් නිෂ්පාදනය. ශ්‍රී ලංකාවේ ඇඟලුම් නිෂ්පාදන සඳහා ඇමෙරිකාවේදී පැනවෙන සියයට 36.8 ක් තීරු බදු ප්‍රතිශතයෙන් සියයට 20ක් අනෝන්‍ය නිරුබදු ක්‍රමය යටතේ පැනවූ තීරු බද්ද බවත් ඉතිරි සියයට 16.8 මූලික නිරු බඳු අනුපාතය බවත් ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.

ශ්‍රී ලංකාව ඇමෙරිකාවට ඇඟලුම් නිෂ්පාදන අපනයනය කරන එච්. එස් කේත යටතේ ඉන්දියාව ඩොලර් බිලියන 5 ක ඇඟලුම් නිෂ්පාදන ඇමෙරිකාවට අපනයනය කරන බවත් ඇමෙරිකාවේදී ඉන්දීය ඇඟලුම් නිෂ්පාදන සඳහා සියයට 38.8 ක බද්දක් පැනවෙන බවත් වියට්නාමය ඩොලර් බිලියන 153 ක ඇඟලුම් නිෂ්පාදන ඇමෙරිකාවට අපනයන කරන බවත් එම නිෂ්පාදන සඳහා සියයට 38 ක බද්දක් පැනවෙන බවත් ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.

එසේම බංග්ලා දේශය ඇමෙරිකානු ඩොලර් බිලියන 7.4 ක ඇඟලුම් නිෂ්පාදන ඇමෙරිකාවට අපනයන කරන බවත් එම නිෂ්පාදන සඳහා සියයට 36.4 ක බද්දක් පැනවෙන බවත් එම වාර්තාවේ දැවේ. කාම්බෝජය සඳහා සියයට 36.4 ක බද්දක්ද, ඉන්දුනීසියාව සඳහා සියයට 37.2 බද්දක් ඇඟලුම් නිෂ්පාදන සඳහා පැනවෙන බව එම වාර්තාවේ සඳහන් වේ.

ශ්‍රී ලංකාව ඇමෙරිකාවට රබර් නිෂ්පාදන අපනයනය කරන එච්.එස් කේතය යටතේ වියට්නාමය ඇමෙරිකානු ඩොලර් බිලියන 4.3 ක රබර් නිෂ්පාදන ඇමෙරිකාවට අපනයනය කරන බවත් එම නිෂ්පාදන සඳහා සියයට 25.3 ක බද්දක් පැනවෙන බවත් එම වාර්තාවේ දැවේ. එසේම ඇමෙරිකාවට අපනයනය කරන රබර් නිෂ්පාදන සඳහා තායිලන්තයට සියයට 23.4 ක්, මැලේසියාව සඳහා සියයට 20.8 ක් ප්‍රතිශතයක් පැනවෙන බවද එම වාර්තාවේ සඳහන්.

සියයට 20 ක ජනපති ට්‍රමප්ගේ “අන්‍යෝන්‍ය තීරු බද්ද හේතුවෙන් මෙරට ඇඟලුම් අපනයන වාර්ෂිකව සියයට 12.1 කින් පහළ යාමට හැකියාව තිබෙන බවත් ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 220.8 ක අපනයන ආදායමක් අහිමිව යා හැකි බවත් එම වාර්තාවේ දැක්වේ.

ඇමෙරිකාවට සිදුකරන රබර් නිෂ්පාදන අපනයන සියයට 42 කින් පහත වැටීමට හැකියාව තිබෙන බවත් එයට හේතුව ඇමෙරිකානු රබර් වෙළෙඳ පොළේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම තරගකරුවන්ට ඊට වඩා අඩු ප්‍රතිශතයක් ලැබී තිබීම ඊට හේතුව බවත් එම නිවේදනයේ සඳහන් වේ.

විමුක්ති එස් රුද‍්‍රිගු
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka