ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටිනා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාවට යොදවනු ලැබ සිටි බන්ධනාගාර නිලධාරීන් අට දෙනා ඊයේ (26) පස්වරුවේ කොළඹ ජාතික රෝහලෙන් ඉවත් කර තිබේ.
වික‍්‍රමසිංහ මහතාට ඇප ලබාදීමෙන් අනතුරුව ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තවදුරටත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත වගකීමක් නොමැති බැවින් ඔවුන් එසේ එවත් කරගෙන ඇති බව වාර්ත වෙයි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට කොළඹ කොටුව මහේස්ත්‍රාත් නුලුපුලී ලංකපුර මෙනවිය ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප තුනක් මත ඊයේ මුදා හැරියාය.
වික‍්‍රමසිංහ මහතා කොළඹ ජාතික රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවෙයි.