හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (27) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.
ඒ අනුව, 2025 අගෝස්තු මස 05 වැනිදා පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයේ ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් මෙම පරීක්ෂණය සිදු කරන බවයි නිලධාරීන් අධිකරණයට දැනුම් දී ඇත්තේ.
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ මෙම විමර්ශනය සිදු කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුරට වැඩිදුරටත් දැනුම් දී ඇති බවයි සඳහන් වන්නේ.