අද (27) උදෑසන කුලියාපිටිය ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් ජීවිත තුනක් අහිමි වී තිබේ.
කුලියාපිටිය විල පාලම අසලදී පාසල් දරුවන් රැගෙන යමින් තිබූ වෑන් රථයක් සහ වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම ඛේදවාචකය සිදු වී ඇත.
මෙම අනතුර හේතුවෙන් පාසල් දරුවන් දෙදෙනෙකු සහ වෑන් රථයේ රියදුරු මරණයට පත්ව ඇති බවට කුලියාපිටිය පොලීසිය තොරතුරු වාර්තා කරයි.
තවද, අනතුරට පත් තවත් පාසල් සිසුන් දහතුන් දෙනෙකු මේ වන විට රෝහල් ගත කර ඇති අතර මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.