රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ වර්ජන ක්‍රියාමාර්ග අත්හිටුවීමට තීරණය කර ඇත.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය නලින්ද ජයතිස්ස මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළැඹ තිබේ.
GMOA විසින් තම සේවා කොන්දේසි සහ රෝහල් කළමනාකරණය සම්බන්ධයෙන් පවතින ගැටළු නිරාකරණය කර නොමැති බවට චෝදනා කරමින් අද උදෑසන 8.00 සිට දිවයින පුරා රජයේ සියලුම රෝහල්වල වර්ජනයක් දියත් කරන බවට පෙර දැනුම් දී තිබුණි.
කෙසේ වෙතත්, අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවල සාධනීය ප්‍රතිඵල මත මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව නවතා දැමීමට දෙපාර්ශවයම එකඟ වී ඇත.