gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

රනිල්ගේ සුව දුක් විමසා ඩේවිඩ් කැමරන්ගෙන් ඇමතුමක්!

හිටපු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් සහ හිටපු මාලදිවයින් ජනාධිපති මොහොමඩ් නෂීඩ් යන මහත්වරුන් ද මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට දුරකථන ඇමතුම් ලබා දී රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් විමසා ඇතැයි වාර්තා වෙයි.

එමෙන්ම හිටපු මාලදිවයින් ජනාධිපති මොහොමඩ් නෂීඩ් යන මහත්වරුන් ද මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට දුරකථන ඇමතුම් ලබා දී ඇත.

වික්‍රමසිංහ මහතා සිකුරාදා (22) අත්අඩංගුවට ගත් වහාම, නෂීඩ් මහතා සිය ‘X’ (කලින් ට්විටර්) ගිණුමේ සටහනක් තබමින්, “ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉතා ඉක්මනින් නිවසට පැමිණෙනු දැකීමට ඉතා ඕනෑකමින් බලා සිටිනවා” යනුවෙන් සඳහන් කර තිබිණි.

මේ අතර ආණ්ඩුව විසින් විපක්ෂයේ දේශපාලන බලවේග මර්දනය කිරීමට ගන්නා උත්සාහයන් පිළිබඳව දැනුවත් කිරීම සඳහා විපක්ෂ කණ්ඩායම විසින් කොළඹ සිටින තානාපතිවරුන් සඳුදා (25) දිනයේදී වික්‍රමසිංහ මහතාගේ කාර්යාලයට කැඳවා ඇති බවද වාර්තා වේ. කොළඹ සිටින එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මියද ඊයේ දිනයේ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය හමුවී ඇයගේ සුවදුක් විමසා තිබේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka